Saturday, October 19, 2024
Follow Us
අයිසැක් නිව්ටන් ලංකාවේ ඉපදිලා...

ලංකාවේ ගෑණු කෙනෙක් කසාද බැඳලා හිටියා නම් ....
~ කවදාවත් ගුරුත්වාකර්ෂණය හොයා ගන්නේ නැත...


? ? ? ? ? ? ? ? ?
_________________________________________
නිව්ටන්ගේ බිරිඳ : මොනවද අයිසැක් ඔයා ආපු වෙලාවේ ඉඳං කල්පනා කර කර ඉන්නේ ?
නිව්ටන් : අද මගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුනනේ.
බිරිඳ : ඇපල් ...? කොහෙදිද ?
නිව්ටන් : අර ටවුමේ කෙළවරට වෙන්න වගේ තියෙන්නේ ඇපල් වත්තක් අන්න එකේදී ...
බිරිඳ : ඔයා එහේ ගියේ මොකටද ? අනිත් එක ඇපල් වත්ත පැත්තේ යනවා කියලා ඔයා මට කිව්වේවත් නෑනේ ... මං දවස් ගානක් තිස්සේ කිව්වා මාවත් එක්ක යන්න බලන්න ආසයි කියලා ... මං අවුරුදු ගානකින් ගෙදරින් පිටට ගිහිං නෑ...
නිව්ටන් : නෑ නෑ අනේ ... මං එහෙම විනෝද වෙන්න ගිය ගමනක් නෙවෙයි මේක අපේ හාමිනේ...
බිරිඳ : එහෙනම් මොන මඟුලකටද ගියේ ඈහ් ...? මට හිතුනා පහු පහු වෙනකොට ඔහොම ගමන් යෙදෙයි කියලා ඔයාට. මුලදී නං කිව්වේ කොහොමද ...
නිව්ටන් : නැහැ නැහැ ... තේරුම් ගන්ඩකෝ පොඩ්ඩක් ... මං ඔක්කොම පැහැදිලි කරන්නම්කෝ හරියටම වෙච්ච සිද්ධිය ඔයාට...
බිරිඳ : හරි දැං කියනවා බලන්ඩ තමුසේ කවුරු එක්කද ඇපල් වත්තට ගියේ කියලා ?
බොරු කියලා නං එහෙම මට අහුවෙන්ඩ එපා හොඳේ ...
නිව්ටන් : මම තනියම හිටියේ ඇපල් ගහක් යට...
බිරිඳ : තනියම ...? හෙහ් ! මෙතන බොරු බේගල් ඇද බාන්ඩ එපා ඉතින් ... මට ඇත්ත කියනවා තමුං එක්ක එතන ගෑණියෙකුත් හිටියා නේද ...?
නිව්ටන් : නෑ .. නෑ.. මං තනියම හිටියේ, කියනකං ඉන්ඩකෝ අනේ ප්ලීස් ... එතකොටම උඩ ඉඳලා ඇපල් ගෙඩියක් වැටුනා මගේ ඔළුවට...
බිරිඳ : මං නම් හිතන්නේ තමුසේ ගෑණියෙක් එක්ක ඇපල් ගහ යට මොකක් හරි අසික්කිත වැඩක් කර කර ඉද්දී කවුරු හරි තමුසෙට ඇපල් ගෙඩියකින් ගහන්ඩ ඇති ෂුවර් එකටම ...
නිව්ටන් : නෑ .. නෑ.. කියනකං ඉන්ඩකෝ, එතකොටම මට හිතුනා ගුරුත්වා කර්ෂණය කියලා...
බිරිඳ : ඔය කිව්වේ ... ඔය කිව්වේ ... ගුරුත්වා ද නම ඒ ගැණිගේ ...?
ගුරුත්වා ආකර්ෂණය වෙද්දී මං විකර්ෂණය වෙනවා ඇති නේද ඔහේට ...?
නිව්ටන් : නෑ .. නෑ .. හාමිනේ. මං මේ කියන්නේ ගුරුත්වාකර්ෂණය...
බිරිඳ : මේ මේ නිව්ටන් ... දැං මෙතන බොරු හද හද නිකං තොත්ත බබා වෙන්ඩ ලෑස්ති වෙන්ඩ එපා හරිද ...? මං මේ ඉවසනවා වැඩියි අප්පා ... දැං වත් මට ඇත්ත කියන්න ... කව්ද ඒ ගෑණි ...?
නිව්ටන් : නෑ හාමිනේ. ඇපල් ගෙඩිය එහෙම වැටෙන්නේ මේහ් ...
බිරිඳ : ඇපල් ගෙඩිය නෙවෙයි මිනිහෝ ... මං අහන්නේ කව්ද ඒ ගෑණි කියලා ...?
නිව්ටන් : හත්දෙයියනේ, මට මේක ඔයාට තේරුම් කරන්න ඉඩ දෙන්නකෝ හාමිනේ ...
බිරිඳ : මට තවත් මොකුත් තේරුම් කරන්න ඕනේ නෑ නිවුටන් ... මට දැන් තේරෙනවා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා ... මේ හොඳටම ඇති...
නිව්ටන් : නෑ හාමිනේ. මං මේ ගෙදර ඇවිත් කල්පනා කරේ ...
බිරිඳ : ඔව් මං දන්නවා කල්පනා කලේ මොනවද කියලා, ඇපල් ගහ යට කරපුවා වෙන්නැති ...
නිව්ටන් : දෙයියනේ පොඩ්ඩක් කියන දේ තේරුම් ගන්ඩකෝ ...
බිරිඳ : මං තේරුම් අරන් ඉන්නේ හොඳට, ඉන්නවකෝ මාත් හොඳ වැඩක් කරන්ඩ ...
තමුසෙමනේ එදා මට කිව්වේ ... සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රති විරුද්ධ වූත් ක්‍රියාවක් තියනවා කියලා ... මාත් මේකට හොඳ පාඩමක් උගන්නන්නම්කෝ තමුසෙට...
මං දැන්ම යනවා අපේ මහ ගෙදර...
තමුසේ එන්න නං එපා මාව එක්ක යන්න ආයේ...
සත්තයි මං එන්නේ නෑ... නෑ... නෑමයි ...
ඉන්පසු නිව්ටන්ට ඇපල් ගෙඩිය වැටුනු සිදුවීම අමතක විය.
බිරිඳ නැවත ගෙන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට සිදුවිය....!!!!!
උපුටා ගැනීමකී ...