Saturday, October 19, 2024
Follow Us
මලීනා

ඉතාලි ජාතික සුරූපී නිළි මොනිකා බෙලුච්චි (නම වැරදියට ලිව්වානම් සමාවෙන්න) නැත්නම් අපි හැමෝම දන්න මලීනා ❤ ස්ටීවන් ස්පීල්බර්ගේ ෆිල්ම් එකක රඟපෑම ප්‍රතික්ෂේප කරනවා.ඒක සාමාන්‍යයෙන් මේ ලෝකේ කිසිම නිළියක් දෙවරක් නොව සියවරක් හිතලා ගන්න තීරණයක්.නමුත් මොනිකා එම චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කරනවා


මේ පිළිබඳව හොලිවුඩ් වල පුවත් මැවෙනවා.ඒ අතරේ මොනිකා සහභාගී වුණ රූපවාහිනී වැඩසටහනක නිවේදිකාව අහනවා "ඇයි ඔබ ඒ ෆිල්ම් එක ප්‍රතික්ෂේප කළේ,ඒ ස්ටීවන් ස්පීල්බර්ග් කියලා.ඇය අහනවා "ඒ ස්ටීවන් ස්පීල්බර්ග් නෙවෙයි කවුරු වුණත් මට ඒක හරියන්නේ නැත්නම් මම කරන්නේ නෑ කියන එක (සරළවම මේ කියන්නේ,ආහ් ස්පීල්බර්ග් ද ,ඉතින් මට පුකද ? වගේ කතාවක්)
මටත් කාලයක් වීරයෝ ඇම්මක් තිබුණා.ලංකාවෙි දක්ෂ අධ්‍යක්ෂවරයෙක් මගේ වීරයා කරගත්තා.කොච්චර අමාරුවක් තිබුණද කියනවානම් වීරයා කොළඹ කොහේ හරි ෆිල්ම් ගැන කතා කරන තැනක් ආරංචි වුණොත් මම එතන ඇති.කතා පහ හය අහද්දි වීරයා හැම තැනම කියන්නේ එකම කතාව.කිසිම අලුත් දෙයක් නෑ.මට එපා වුණා.
අදටත් මට වීරයෝ නෑ.මගේ වීරයා මම.මේ ලෝකේ මම දකින මූසලම වැඩේ තමයි රෝල් මොඩල් එකක් ෆලෝ කරන එක.තව එකෙක් වගේ මම වෙන්නේ ඇයි.යකෝ මම අමු ගොනෙක් වුණත් මම නෑනේ එතන.ඒ නිසා කවුරුත් වගේ වෙන්න එපා.ඔබ ඔබම වෙන්න.මොනා නැතත් අඩුම ඔබට ඔබ හරි ඉතිරි වෙයි