Saturday, October 19, 2024
Follow Us
Tatoo

උඹලා දන්නවද,


tattoo එකක් ගැහුවට ඉලක්කන් හයේ රස්සාවක් කරන්න පුළුවන් කියල.
Tattoo එකක් ගැහුවට ගුරුවරයෙක් වෙලා ළමයින්ගෙ ඇස් පාදන්න තහනමක් නෑ, දොස්තර කෙනෙක් වෙලා මිනිස්සුන්ගේ ජිවිතේ පණ ගහන්න බැරි කමක් නෑ, රියදුරු මහත්තයෙක් වෙලා මිනිස්සුන්ව වෙලාවට එහෙ මෙහෙ අරන් යන්න තහනමක් නෑ, ගරාජ් එකක වින්කලේ මල්ලිට ටයර් එකක් මාරු කරන්න බැරි කමක් නැහැ....
ආ තව.. ?
tattoo ගහපු අම්මා කෙනෙක්ට දරුවෙක්ට කිරි දෙන්න පුළුවන්, tattoo එකක් ගැහුවා කියල කිරි එරෙන්නේ නැත්තේ නැහැ, ෆාමසියේ වැඩ කරන අක්කා ට tattoo එකක් ගැහුවා කියල බෙහෙත් ටික ගානට දෙන්න පුළුවන්. Tattoo ගැහුවා කියල නෑ එහා ගෙදර නංගිට උඩින්ම විභාගේ පාස් වෙන්න පුළුවන්, පාඩම් කරන්න විතරයි ඕන.
හැම සතියෙම පන්සල් යන්න, පල්ලියට යන්න පුළුවන්, බුදුන්, ජේසුතුමා තරහ වෙන්නෙ නෑ ..
පොලේ යන්න පුළුවන්, සුපර් මාර්කට් යන්නත් පුළුවන්, ඇමෙරිකාවට, ඉතාලියට යන්නත් පුළුවන්, කොළඹ යන්න පුළුවන්, නුවර යන්න පුළුවන්...
හැමදේම කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට, ඒත් කරන්න බැරි එක දෙයක් තියෙනවා..
මොකද්ද දන්නවද.. ?
අපේ වගේ රටවල් වල වැඩිපුර ඉන්න ලිං මැඩි, දුපත් ගෙම්බන්ගේ යල් පැනපු ආකල්ප වෙනස් කරන්න බෑ. උන් ඉන්නෙ ගමේ විතරක් නෙමෙයි, මාතරත් ඉන්නවා, අම්පාරෙත් ඉන්නවා, යාපනෙත් ඉන්නවා, කොළඹත් ඉන්නවා, නුවර වැව වටේ ඉන්නවා, ෆේස්බුක් එකෙත් ඉන්නවා..
උන් ඒ ගොන් ආකල්ප හිස් මුදුනේ තියාගෙන උන් කැමති නැති අනුන් කැමති හැමදේම වැරදියි කියල හිතාගෙන බක බක, බක බක, බක බක ගානවා.
තමුන් ආසයි නම්, උඹට ලස්සනයි නම් ගෙම්බෝ බක බක ගාන එක අදාලම නෑ ලස්සන tattoo එකක් ගහපන්,
මල්ලිද, නංගි ද අදාල නෑ, තීන්ත වදින්නේ හමට, ලස්සන දකින්නේ උඹ, ගහන්නේ උඹේ ඇඟේ .. ජිවිතේ කෙටියි, හෙට හෝස් ගාල යයිද දන්නෙ නෑ..
බය නැතුව කැමති tattoo එකක් ගහපල්ලා, ඒකත් කලාවක්, tattoo කරන artists ලත් දක්ෂ කොල්ලෝ කෙල්ලෝ අපි හැමෝටම බෑ, උන්ටත් ගොඩ යන්න පුළුවන් වෙන්න,කර්මාන්තෙ ඉස්සරහට රැකෙන්න, මහන්සියට, ටැලන්ට් එකට ගෙවල Tattoo ගහපල්ලා..
ජිවිතේ අනිත් දේවල්, සමාජේ කොතනට යනවද කියන එක 100% උඹට භාරයි.
අපි කොච්චර කිව්වත් ගෙම්බා අන්තිමට බක බක බක තමයි ?
උ.ගැ