Saturday, October 19, 2024
Follow Us
පුංචි කතාවක්...!

මන් ඉස්සර බේකරියක් කරා.. ඒකේ හිටපු සේවකයට මන් පඩි ගෙව්වේ බනිස් වලින් බනිස් ගෙඩි දහයක්...
පස්සේ ටිකක් බිස්නස් අඩු උන නිසා බනිස් ගෙඩි 6ක් දුන්නා... පොර ඊට පස්සේ ටිකක් අවුල් .. බනිස් මදි කිව්වා...


මන් චූටි තියරි එකක් දැම්මා..
මන් ඌට බිස්නස් අඩුයි කියලා
බනිස් ගෙඩි 5/4/3/2
එක වෙනකන් අඩු කලා...
බනිස් ගෙඩි එකක් දවසට දෙන්න ගත්තා.
මූ මගෙන් අයින් වෙලා
එහා ගෙදර බේකරියට යන්නත් හැදුවා..
මාසෙකට ඒකටත් යන්න ඉඩ දුන්නා මන්.. හැබයි ඒ බේකරියේ ඉන්නේ මගේ යාලුවා නිසා යාලුවට මන් කිව්වා ඌට බනිස් බාගයක් දෙන්න කියලා.
මූ ආයේ මන් ලගට ආවා..
එහා ගමෙන් මූට බනිස් 5ක් දෙන්නම් කියලා.
තව ගමකින් 10ක් දෙන්නම් කියලා
දවසේ පඩිය විදියට
හැබයි ඒ එකක්වත් පටන් ගෙන නෑ තාම...
සේවකයෙක් ගන්නකන් ඉන්නේ පටන් ගන්න
මූට එහෙම යන්නත් විශ්වාස නෑ.
අනික අලුත් ඒවට මේ
බේකරි බිස්නස් එකට එහෙම එන්න බෑ කියලා මන් පොඩි කාලෙම උගේ ඔලුවට දැම්මා. ආවත් රැදෙන්න බෑ මායි යාලුවයි ම ඒවා වට්ට්නවා කියලත් කිව්වා.
එහෙම කරන්න අමාරු ත් නෑ හැබයි.. මොකද අපි පරම්පරික බේකරි කාරයෝ.
ඌ ඒක විශ්වාස කරනවා.
ඌට බනිස් ගෙඩියත් නැති වෙන නිසා
අමාරු වෙන් ආයෙත් වැඩ
හැබයි හැමදාම බනිස් එකක් මදි කියලා කෑ ගහනවා.
මන් දැන් තමා උපක්‍රමය පාවිච්චි කලේ..
මූට මන් බනිස් දෙකක් දුන්නා
මාසයක් දෙකක් තුල බනිස් හතරක් කන්න දුන්නා..
දවසට එක බනිස් එකක් කාලා ජීවත් උන මූට ෆුල් සැටිස්.. මට දෙවියෙක්ට වගේ සලකන්නේ... දැන් ඌ කෑ ගහන්නෙත් නෑ
දැන් ඌට අමතකයි බනිස් 10ක් ඌ කාපු බව ඉස්සර..
මන් එක බනිස් ගෙඩියකට ඌ හුරු කලානේ.. ඌට මතක අර දුක් විදිමින් බනිස් එකක් කාපු කාලය
තව ටික දවසක් බලලා
හතර වෙනුවට
බනිස් පහක්ම දෙනවා
වැඩිය කන්න දෙන්න හොද නෑ.
ඊට පස්සේ මටමයි ප්‍රශ්න වෙන්නේ..
සේවකයෝ ඔක්කම ටික ඔය තියරිය අනුව ඉතිං මට ඕන විදියට තියන් ඉන්නවා..
කතාව ඉවරයි
බහුබූතයක් තමා.. ?❤