Saturday, October 19, 2024
Follow Us
බත් බැංකුව

එක එක බැංකු ජාති අපි දැකලා තිබ්බත් මේක ඊට වඩා වෙනස් දෙයක්.මේ තාත්තලගෙ ස්කෝලෙ නැත්නම් කළුඅදුර විද්‍යාලයේ අලුතින් පටන් ගත්තු දෙයක්.තාත්තගෙ ෆෝන් එකේ මේ ෆොටෝ එක දැකලා ඒ ගැන ලියන්න හිතුනා.


ස්කෝලෙ ඉන්න ගුරුවරු තමන්ට පුලුවන් දවසට වැඩිපුර බත් ගෙනත් මේ පෙට්ටියට දානවලු.ඒ කියන්නෙ බත් සංචිතයක් හැමදාම පවත්වගෙන යනවලු.විවිධ හේතූන් නිසා බත් ගේන්න බැරි උනු ලමයි මේ පෙට්ටියෙන් බත් අරන් කනවලු.ඇත්තට සමහර අම්මලට එක එක හේතු නිසා ළමයින්ට බත් එකක් දෙන්න බැරුව යනවනෙ.ආර්ථික අපහසුතා වෙන්න පුලුවන්.එක්කො ගෙදර මොනා හරි ප්‍රශ්න නිසා එදාට උයන්න බැරි වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් ගෙදරින් දීපු බත් එක අමතක වෙලා තියෙන්න පුලුවන්.ඉතින් එහෙම කෙනෙක්ට මේ වගේ පුංචි දෙයක් සෑහෙන්න වටිනවා.ඇත්තටම මිනිස්සු වෙනස් වේගෙන යනවා ඉස්සරට වඩා.මේකත් එක්තරා system change එකක් තමයි.අම්මගෙයි තාත්තගෙයි ස්කෝලෙ නිසා කියනවා නෙමෙයි දැකපු එක්තරා වෙනස් විදියෙ හොද වැඩක් ??