Saturday, October 19, 2024
Follow Us
අන්දබුක්ත

ඉන්දියාවෙි කාසිබෝ නුවර රජකල චුල්ලන්තර රජතුමා නුවර වැසියන් වෙනුවෙන් සංවත්සරයක් පවත්වන්න තීරණය කොට රජවාසලේ සියලු දෙනා රැස් කලහ.
" මෙපුර වැසියන් හට සන්තුෂ්ඨියලබා දීම කරන කොට සැණකෙළිය සංවිධානය කරව් " ඔහු ගේ අණින් රජවාසල චර පුරුෂ යන් හා ඇමතිවරයන් යහුසුලුව සංවිධානය වූහ.


එක්වරම පුරෝහිත වාදමුක්ත පැමිණ
" ස්වාමීනි ඔබට තෑගි අරන් කසී සළු වෙලෙන්දෙක් ඇවිත් "
" කවරෙක්ද ඔහු "
එවර පු⁣⁣රෝහිත ඔහුව රජු වෙත දර්ශනය කරවූයේය.
" මාගේ නම අන්දබුක්ත.පැමිණියේ ඔබගේ දේවිය සුධර්මාට තෑග්ගක් ලබාදීමට "
එවර රජ තෙමෙි වික්ෂිප්තව සුධර්මා දෙස බලා
" දේවිය ඔබ මොහුව දන්නේදැයි " විචාලේය.
" නැත දැක්කේද අදමය " යැයි පැවසුවාය.
කෙසේ හෝ රාජ සභාව තුල මුණු මුනුව ඇසෙන්නට විණ.අන්ධබුක්ත පැමිණ තම රාජකීය සළු පිලිය දේවිය වෙත පෑවෙිය.එකල්හි අරුම පුදුම දෙයක් විය. එ ම සළුව ඇගේ ඇගට වැටෙත්ම එය පැලදී ඇය නර්තනයේ යෙදෙන්නට වූවාය.
රාජ සභාව ප්‍රීතිප්‍රමෝදයේ ගිලුනි.කවදාවත් නර්තනයේ නොයෙදි ඇගේ නැටුම අසිරිමත් වූ අතර පුර ස්ත්‍රියන් පවා ඇය දෙස තුෂ්ණිම්භූතව බලා උන්හ.
****** ***** ******
" බලන්ගනා දේවියගේ නැටුම අගනේය නේද " පුර ස්ත්‍රී වර්ණා ,එහි මෙහෙසිය හා දෙඩුවාය.
" ඔබත් අසිරිමත්ව බලා සිටියා නේ "
" ඇයි ඔබ "
" මට නම් අර වෙලෙන්දා ගැන සැකයි වර්ණා "
ඔවුන් සිටියේ සැකයෙනි.වරක් රජතුමා පුරයට ආපු විටෙක බලන්ගනා දේවියගේ සළු ගැන කේලම් දෙඩුවාය.
" ඔබට සැකයක් නැතිද ඔහු ගැන "
" නැහැ.ඔහු පැමිණියේ මාගේ දේවියට තෑගි දෙන්න. එතැන ඔබ සිටියත් තෑග්ග හමුවෙනවා "
කෙසේ වෙතත් බලන්ගනා ගේ වෑයම අසාර්ථික වූ කල ඇය තවත් උපායක් කල්පනා කලාය. සෑම දිනයකම පාහේ දේවිය ගේ නර්තනයන් දකින්නට රජ වාසලේ අය⁣ට හැකිවිය.
දිනක් උදෑසනක දේවිය මහ හයියෙන් ලතෝනි දෙන්නට විය.
" මගේ සළු පිලිය එය නැතිවෙලා " රජවාසලම ඇගේ සළුව හොයන්නට විය. එහෙත් එය ලෙහෙසි පහසු දෙයක් නොවුනි.
දින දෙක තුනක් ගතවිය.එක් දිනයක හදිසියේම පුරය තුල කලබගෑනියක් විය. ඒ පුරයේ ස්ත්‍රියක් වූ වර්ණා නින්දෙන් නටන්නට පටන් ගැනීමටයි.
" අසවල් දෙයක් වීද ඇය⁣ට "
" ඇය උන්මත්තක වෙලා හැඩයි"
එහෙත් පසුව සියල්ල දැනගන්නට ලැබුනු නිසා චුල්ලන්තර රජු වර්ණා මෙන්ම බලන්ගනාවද රාජ සභාවට කැදවූහ.
" වර්ණා තී කර ඇත්තේ ලොකු වරදක් "
" දේවියගේ සළුව මාගේ සයනයට ආපු හැටි මා නොදනින්නෙමි ස්වාමීනි "
රජු එය විශ්වාස නොකල අතර ඇයට මරණ දඩුවම ලබා දෙන ලදී. එක්වරම නොසිතූ විලසින් ඒ අසල සිටි බලන්ගනා ද නටන්නට පටන්ගත්තාය.
" මෙි මොකද්ද වෙන්නෙ. සළුව දැන් තියෙන්නෙ දැන් ඇය ලග නෙවෙිනෙ "
රජුද විමතියට පත්විණ.
එවර රජ වාසලට ආවෙි තෑග්ග ලබාදුන් අන්දබුක්ත වෙලෙන්දායි.
"දේවියන් වහන්ස , මට මෙය පැහැදිලි කරන්න ඉඩ දෙන්න"
" ඔව් "
" යම්සේද මෙි තෑග්ග හොරකම් කල කෙනා එය වර්ණාගේ සයනය මත දමා යන්න ඇති.මෙහි දෙවන අයිතිකාරයා ගේ සිට තෙවන අයිතිකාරයා වෙත යද්දි බලන්ගනා එයට සම්බන්ධ නිසයි ඇය නටන්නට පටන්ගත්තේ"
" අහෝ වර්ණා වැරදි නෑ එහෙනම්.ඇයව මරණයෙන් නිදහස් කරනු.වහා බලන්ගනා ට එම දඩුවම දෙනු " රජ අණකලේය.
" කෙසේ වෙතත් අන්දබුක්ත ඔබ අපූරු පුද්ගලයෙක්. ඔබ ⁣විජ්ජාකරයෙක්. කැමති නම් ඔබට පුළුවන් රාජ වාසලේ ම නැවතී මට උපදේශකයෙකු ලෙස සේවය කරන්න"
ඉතින් එදා පටන් අන්දබුක්ත ,රජුගේ ප්‍රධාන පුරෝහිත ලෙස කටයුතු කරන්නට වුනා.රජු මිය ගිය විය ඒ අනුභාවයෙන් රජ බවටත් කලකදී පත්වුනු අතර දේවියගේ හිමිකාරයද වූවා.
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි- කතෘ අයිතිය සුරකින්න)