Saturday, October 19, 2024
Follow Us
අවසන් බිස්කට් එක

? ඔන්න එක කාන්තාවක් තමන්ට නියමිත ගුවන් යානය එනකන් ගුවන් තොටුපලේ විවේකාගාරයට වී ඉන්නවා.....
ඒත් ඇයගේ ගුවන් යානය එන්න තව බොහෝ වේලා ඇති නිසා ඈට සිතෙනවා ඒ වෙනකන් පොතක් අරගෙන කියවන්න....


ඉතින් මේ කාන්තාව පොතක් මිලදී ගන්නවා,
ඒත් එක්කම බිස්කට් පැකට් එකකුත් මිලදී ගන්නවා.....
ඇය විවේකාගාරයට ගිහින් හාන්සි පුටුවක වාඩිවෙලා පොත කියවන්න ගන්නවා. ඇයට එහා පැත්තෙන් තවත් අයෙක් හාන්සි වෙලා සඟරාවක් කියවනවා.
මේ දෙන්නා අතර ඉඩෙහි පොඩි මේසයක් තියෙනවා.
ඒකෙ තමයි බිස්කට් පැකට් එක තිබුනේ.....
පොත කියවන අතරේ ඈ බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් ගත්තා, ඒත් එක්කම අනෙක් පස හිටපු මිනිසාත් එයින් බිස්කට් එකක් ගත්තා...
ඇයට තරහක් ආවත් මුකුත් කිව්වේ නෑ.
“ මට තරහා ගිහින් තිබුන වෙලාවක නම් මම දෙනවා මේ මිනිහට හොඳවයින් පාරක්..”
ඈ තනිවම සිතුවා....
ඇය ගත්ත සෑම බිස්කට් එකකටම ඔහුත් එක බැගින් ගත්තා.
මේ හැසිරීම ඇයව කෝප කළත් ගුවන් යානය එන නිසා ගැටුමක් ඇති කර ගැනීමට ඇයට ඕන උනේ නෑ.....
ඔහොම යනකොට එක බිස්කට් එකක් පමණක් ඉතුරු උනා.
“දැන් බලමුකෝ මෙයා මොකද කරන්නේ කියලා..”
ඇය තනිවම සිතුවා.
ඈ දෙස බැලූ මිනිසා ඒ බිස්කට් එක අරන් දෙකට කඩලා ඇයට භාගයක් දුන්නා.....
“මෙයා නම් ඕනවට වැඩියි....”
ඇයට සිතුනා.
තරහා ගිය පාර පොතත් දමලා ගහලා ඈ වෙනත් තැනකට ගියා....
ගුවන් යානය ආවම ඈ ගිහින් වාඩි උනා.
ඇගේ අව් කණ්නාඩි යුගලය දමන්න ඇගේ අත්බෑගය ඇරියා...
පුදුමයකට මෙන් කඩපු නැති බිස්කට් පැකට් එකක් ඒකෙ තිබුනා.
ඇයට තදබල ලැජ්ජාවක් දැනුනා, ඇයට තේරුම් ගියා ඈ වැරදි බව, ඇයට අමතක වී තිබුනා ඈ බිස්කට් පැකට් එක ඇගේ බෑගයේ දමාගත් බව.
ඒ මිනිසා කිසිම තරහක් නැතිව ඔහුගේ බිස්කට් පැකට්ටුවේ අවසන් බිස්කට් එකත් ඈ සමග බෙදාගෙන තිබුණා...
ඈට තරහා ගිහින් තිබුන වෙලාවේ ඈ සිතුවේ ඇගේ අවසන් බිස්කට් එක ගැනයි...
ඒත් දැන් සමාව ගන්නවත් තේරුම් කර දෙන්නවත් ඇයට අවස්ථාවක් නැති බව වැටහුණා.....
අපේ ජීවිතයට ආපසු නොලැබෙන දේවල් 4 ක් තියෙනවා, ඒ තමයි....
විසිකළ පසු ගලක්
පැවසූ පසු වචනයක්
නැතිවුනු පසු අවස්ථාවක්
ගතවුණු පසු තත්පරයක්
ඒක නිසා හැම පුංචි සිදුවීමකටම පෙර දෙවරක් සිතන්න.....
උපුටාගැනීමක්!සියලු ගෞරවය මුල් හිමිකරුට
Follow Us ? Darshana Ukuwela
#Darshanaukuwela #physics #AdvancedLevel #ALExam #ewings