Saturday, October 19, 2024
Follow Us
ගැහැණුන්ගෙ බඩවල් නම් මාරයි...

ඉස්කෝලේ යන කාලෙදි, ෆ්‍රී ටයිම් එකක කයියක් ගහන් ඉද්දි


පන්තියෙ ඉඳපු ළමයෙක්
කිව්ව කතාවක් මතක් වුණා..
"ගෑණුන්ගෙ බඩවල් මාරයි නේ.."
එහෙම කිව්වම ඔක්කොම එයාගෙ දිහාට හැරුණා, ඔක්කොම හිතුවෙ වැරදියට...
මං ඇහුවා "ඒ මොකද එහෙම කියන්නෙ" කියලා...
"නෑ බන්.. ඒකෙ ඇතුළෙ ළමයෙක් හැදෙනව කියන්නෙ.. හිතා ගන්නත් බෑනෙ.."
අනික් උන්ගෙ කටවල් ටික වැහුණා..
ඇත්තටම ඒ වෙලාවෙ ඒකට උත්තරයක් විදියට,
"ඔවු නේ බන්, ඇත්තටම කොහොමද එහෙම වෙන්නෙ"
කියලා කිව්වත්, දැන් තේරෙනවා කොච්චර ලොකූ දෙයක් ද ඒ ළමයා කිව්වෙ කියලා...
ඇත්තටම පිස්සු වගෙ දැන් හිතද්දි..
හැමෝම නොදන්නව නෙවෙයිනෙ, ගැහැණියක් මවක් වෙන්න පිරිමියෙක් ඕනමයි..
ඒත් ගැහැණිය කොච්චර කාලයක් දරන් ඉන්න ඕනද...
ඇත්තටම හිතාගන්න පුළුවන් ද
ගෑණුන්ගෙ බඩ ඇතුලෙ ළමයෙක් හැදෙනව කියලා...
පස්සෙ තේරෙද්දිනේ දැන ගන්නෙ
බඩ ඇතුලෙ තියෙන ගර්භාෂයේ
බබෙක් හැදෙනව කියලා...
සර්ව සම්පූර්ණ වෙලා මිනිස් රූපයක් බිහිවෙන්න කොච්චර දේවල් ඒක ඇතුළෙ සිද්ධ වෙනව ඇද්ද...
හම ඇදිලා, ඉඩ හැදිලා ආමාශෙ, මුත්‍රාශෙ හැඩ ගැහිලා..
දන්නවද බබා ලොකු වෙන්න වෙන්න අම්මගෙ බඩේ අනික් ඉන්ද්‍රියන් වලට ඉඩ මදි වෙනවා..
වෙනද තිබ්බ ඉඩකඩ නැති වෙනවා..
ඉතින් වෙනදා කන ප්‍රමාණෙට කන්න බැරි වෙනවා, බඩ පුරෝදාලා වගේ දැනෙන්නෙ..
මුත්‍ර පිරෙන්නත් ඉඩ මදි නිසා
හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නත් යන්න වෙනවා..
රෑද, උදේද, දවල්ද, යක්කු ගස් නගින වෙලාවද අදාල නෑ, හැම තිස්සෙම ඒකට යන්න වෙනවා...
ඒ විතරක්ම ද.. බබා ලොකුවෙද්දි දඟලන්න ගනිද්දි, සමහර පාරවල්වේදනාත්මකයි..
එයා වතුර බෝලයක් ඇතුලෙ හිටියට විසේ නම් අඩුවක් නෑනෙ.. ඉතින් අම්මට එවත් ඉවසන්න වෙනවා...
බඩ තුනී වෙලා, ඇදිලා ඇදිලා නහරත් පේන්න පටන් ගත්තාට පස්සෙ, ඇතුළෙන් වදින පාරවල් කොහොමද ඉවසගන්නෙ...
ඇත්තටම ගෑණු අයගෙ බඩ හරිම පුදුමයි..
පිරිමියගෙ එක ශුක්‍රාණුවකින් ජීවයක් බිහි කරන්න අවශ්‍ය පරිසරය ගොඩ නගනවා..
තමන්ගෙ ඇඟේ තියෙන හැම පෝශණ කොටසක්ම පවා දන් දෙනවා හා සමානයි ඉතින්..
උතුම් මව් පදවිය ලබන්න තමන්ගෙ කුසේ දරුවෙක් වැඩෙනව දකින්න, ගැහැණු ගොඩක් ආසයි...
එදා ඒ ප්‍රශ්ණෙ වැඩිය හිතුවෙ නැති වුණාට අද නම් හිතද්දි ඇත්තටම එයා කිව්ව දේ ඇත්තම කතාවක් නේද කියලා හිතෙනවා..
ඇත්තටම,
ගැහැණුන්ගෙ බඩවල් නම් මාරයි...
Copied...