Saturday, October 19, 2024
Follow Us
විවාහක පුරුෂයන් ගෙ අත්දැකීමකි ??

උදේ පාන්දරින්ම අවදි වූ සැමියා බිරිඳගෙන් මෙසේ අසයි.


ස්වාමිපුරුෂයා: ඔයා මාත් එක්ක ජොගිං යන්න එනවද?
බිරිඳ: ඇයි දැන් මං මහතයි කියලද කියන්නෙ?
සැමියා: නෑ, ජොගින් කරන එක ශරීර සෞඛ්‍යයට හොඳයි.
බිරිද : අනේ ඒ කියන්නේ මං ලෙඩෙක්..?
සැමියා : නෑ නෑ නැගිටින්න ඕන නැත්තම් කමක් නෑ.. ඔයා ඉන්න.
බිරිඳ : එහෙනම් දැන් ඔයා කියන්න හදන්නේ මම කම්මැලියි කියලා නේද?
ස්වාමිපුරුෂයා: දැන් ඔයා මාව වැරදියට තේරුම් අරන් ඉන්නේ, මම එහෙම කිවුවෙ නෑනෙ..!
බිරිඳ: ආහා! ඉතින් මම නූගත් නිසා මට ඔයාව තේරුණේ නැහැ නේද?
සැමියා: දැන් බලන්න මම එහෙම කිව්වෙත් නෑනෙ..!
බිරිඳ: ඉතින් මම බොරුද කියන්නෙ එතකොට?
ස්වාමිපුරුෂයා: නෑ නෑ එහෙම නෙවෙයි.. උදේ පාන්දරම අහපු දෙයක් ඔච්චර අල්ලගෙන දගලන්න එපා.
බිරිඳ: අනේ දැන් මම රණ්ඩු සරුවල් කරන කෙනෙක්ද?
සැමියා: හරි හරි, ඔයා නිදාගන්න, මම තනියම ජොගින් යනවා, ඔයාට සතුටුයිද දැන්?
බිරිඳ: බලන්න, ඔයා හරිම ආත්මාර්ථකාමීයි, හැම තිස්සෙම හිතන්නෙ ඔයා ගැන විතරයි.. කවදාවත් මං ගැන බැලුවෙ නෑ...
ස්වාමිපුරුෂයා වාඩි වී.. තමාට වැරදුණේ කොතැනද යන්න කල්පනා කරයි..
උපුටා ගැනීමකි