Saturday, October 19, 2024
Follow Us
කුසින් වදපු දරැව එක්ක බොන්න එකට

ගියා මාත් නොතේරෙන කාලෙ කොල්ලො එක්ක නන්නත්තාරෙ හොදට.
අද එලියට බැස්ස එකා ආවෙ දවස් දෙක තුන පැනල ගෙදර.


විදින්න ඇති ඒකාලෙ මහ දුක් ගොඩක් මගෙ අම්මත් ගෙදර තනියම.
එදා හිතන්න ඇති කුසෙන් වදාපු දරැවගෙ ජීවිතේ නේද විනාස වෙන්නෙ කියල මෙහෙම.
කොච්චර කිව්වත් අයාලෙ යන මාව අම්මට හදාගන්න බැරි උන තැන.
දවසක් මට කියනව සුදූ උබට බොන්නම ඕනෙනම් උබ බීපම් එලි වෙනකම් මේ ගෙදර.
උබට එහෙම තනියම බොන්න බැරිනම් අරන් වරෙන් මාත් ඉදගන්නම් උබෙ තනියට.
හීනයක්ද යකෝ මේ දකින්නෙ කියලත් කොනිත්තල බැලුව මන් මාවම.
පිට තැන්වල බීල මන් ප්‍රශ්න දාගනී කියන හිතේ තිබ්බ බයට.
මගෙ අම්ම වෙස් පෙරළ ගත්ත කුසින් වදපු දරැව එක්ක බොන්න එකට.
ඒ වචන ටික මට එදා මගෙ අම්ම නොකිව්වනම් එහෙම.
දැනුත් මන් ඉන්නෙ කූරැ ගැන ගැන වැලිකඩ හිරගෙදර.
ගෙදරට කන්න බොන්න එන මගෙ යාලුවොත් හරි ආදරෙයි මගෙ අම්මට.
කවදාවත් කන්න බොන්න නොදී බඩකින්නෙ ඇරියෙ නෑ ඒ ආපු එකෙක්වත් ගෙදර.
උන් අදටත් බොන්න සෙට්වෙන්න ආසම මගෙ ගෙදර.
මුල්ම ශොට් එක දාල බයිට් කෑල්ලක් එක්ක උන් ගිහින් දෙන්නෙත් මගෙ අම්මගෙ අතට.
තාත්ත ජීවත් වෙලා ඉන්න කාලෙ අම්ම රැජිනක් වගේ හිටිය මතකයි මට හොදට.
තාත්ත එක්කම ඒ හැමදේම නැති වෙලා ගියත් මාව හැදුව සමාජෙට බරක් නැති පුතෙක් විදිහට.
හම්බ කරන්න ගත්ත දවසෙ ඉදන් තිබ්බෙ එකම ආසාවයි මගෙ මුළු හිතේම.
ඒ තාත්ත සලකපු විදිහට රැජිනක් වගේ අම්මව බලාගන්න එකයි ජීවිතකාලෙ පුරාවටම.
පස්සෙ කාලෙක ජීවිතේට ලං උන ගැහැනියෙක් නිසානම්.
කවදාවත් දාන්න එපා වදාපු අම්මට චන්ඩි පාට්නම්.
ඒ ගෑනිටත් ලොකු උනාම උබව අයිති කරගන්න බන්.
ඔය අම්මයි දසමාසයක් කුසෙන් දාරෙගෙන උබව වැදුවෙ කියල හොදට මතක තියාගනින් බන්.
සමහරක් මිනිස්සු මේක මහ පව් කාර වැඩක් විදිහට දකී.
අම්ම එක්ක බොන එක අපේ සංස්කෘතිය පටහැනී කියයි.
කන්න බොන්න දීල අම්ම එක්ක සතුටින් ජීවත් වෙන එක පවක්නම්.
වැදපු අම්මට සලකන්නෙ නැති. අනාත නිවාසවලට ගිහින් දාන සක්කිළි බෝසත් ළමයිද බන්?
මේක කියවන මොහොතෙත් උබ ඉන්නෙ අම්මගෙන් ඈතනම්.
කෝල් එකක් දීල අහපන් අම්මෙ සැපෙන් සනීපෙන් ඉන්නව නේද කියල බන්.
ලෝකෙ දියුනුවත් එක්ක මොන ලේඩේට බෙහෙත් හොයා ගත්තත් බන්.
අම්මෙක්ගෙ හිතේ සාන්කාව නිවන්න පුළුවන් දරැවෙක්ගෙ ආදරෙන් විතරමයි බන්.
මේක කියවපු පලියට උබල අහන්න යන්න එපා ගෙදර ඉන්න අම්මගෙන් අඩියක් ගහමුද කියල එකට.
හැම අම්මම එක වගේ නෑ කියල මාත් දන්නව බන් හොදට.
අපේ සමාජෙට හුරැ තාත්ත එක්ක බොන එක විතරයි බන් පුතා එකට.
හැබැයි මට ඉන්නෙ මෙච්චරයි එකට අඩියක් ගහන්න තාත්තටයි අම්මටයි දෙන්නටම.
මේ මොහොතෙ මගෙ හිතට ආපු දේයි මේ මන් ලිව්වෙ.
අම්ම ඉස්සරහ ඉදන් අහනව ඇයි සුදු උබ අඩන්නෙ කියල.
කදුලු පිහිදාන ගමන් මන් අම්මට කිව්වෙ එක දෙයයි බන්.
ඒ ඔයාගෙ දරැවෙක් උනාට වැටෙන සතුටු කදුලුයි මේ කියල බන්.
දැන් ඇති තව ලියන්න බෑ මට.
පොඩි එකාගෙ වගේ කදුලු බේරෙනව මුළු මුනෙම.
යන්න කලින් මේ දේ කියවන උබෙන් අත් දෙක එකතු කරල ඉල්ලන්නෙ මම. ?
කවදාවත් වදපු අම්මටයි තාත්තටයි සලකන්න එපා බල්ලො බළල්ලු ගානට.
එහෙම කලොත් උබේ ලෙයින් ජාතක වෙන දරැවෙක්ගෙන් හරි දවසක.
ඒකට රිටන් එක ලැබෙන එක ලැබෙනවමයි.
දිට්ට දම්ම වේදණීය කර්මය කියන්නෙ අන්න එකට.
හුග දවසකින් උබලට හෑල්ලක් ලිව්වෙ. ?
පරිස්සමෙන් ඉදපන් මගෙ යාලුවො හැමෝමම.
කන බොන උබලට චියස් ඒනම්. ?❤️
හසිය.. ✍