Saturday, October 19, 2024
Follow Us
ආමර් විදීයේ චමින්ද

මේ ඉන්නේ ආමර් විදීයේ චමින්ද . අවුරුදු අටක විතර ඉඳන් මගේ හොඳ පොත් මිතුරෙක්.. 2015 මං ලක්බිම පත්තරේ වැඩ කරන කාලේ චමින්ද ගැන සාහිත්‍ය මාසයේදි මං ලිපියක් ලිව්වා මංජුසාව අතිරේකයට.. එදා මෙහෙම කෙනෙක් ගැන ලිපියක් පත්තරේ පල කරන්න මං වගේ ආධුනික පත්තරකාරියට අවස්ථාවක් දුන්න , ඒ දවස් වල පත්තරේ හිටිය කතෘතුමා අපේ තිස්ස ප්‍රේමසිරි Tissa Premasiri මංජුසාව අතිරේකය කරපු අපේ කත්‍යානා අක්කා Kathyana Amarasinghe මට ළඟින් ඉඳන් හැමදේටම අදටත් උදව් කරන අපේ අරුණ අයියා Aruna Lakshman Fernando හැමෝවමත් මට මතක් වෙනවා මේ චමින්ද දැක්කාම..❤️


මේ කියන්න යන්නේ ඒ ගැන නෙ⁣වෙයි එදා ඉඳන් අදටත් වෙනසක් නැතිව තවමත් ආමර් විදීයේ පොත් විකුණන චමින්ද ගැන. ඒ දවස් වල ගොඩක් පරණ දුර්ලභ සිංහල ඉංග්‍රීසි පොත් තිබුනා. තවම එතන මුද්‍රණය නොවන පොත් තියනවා.. කොච්චර වට්ටම් වලට පොත් ගන්න මට පුලුවන් වුනත් මං චමින්දගෙන් පොතක් ගන්නවාමයි . මේ තියෙන්නේ අද මං ගත්ත පොත.. ඒ ඔහු මේ කරන සේවය වෙනුවෙන් මට පුලුවන් දේ.. පිටරට වල මෙහෙම විදී වල පොත් විකුනන අය සුලභ වුවත් ලංකාවේ මෙහෙම එකම තැනක අවුරුදු දහයකට වැඩිය පොත් විකුනන කෙනෙකුට මං දැකලා තියෙන්නේ චමින්ද විතරයි. පොත් නිසා මට මුණගැහුන වටිනා පුද්ගලයෙක් මේ. ඔහුගේ දැනුම හරි ඉහළයි. "පුතා කැම්පස් තේරුනා මිස්" කියලා හරි ආඩම්බරෙන් මට කිව්වේ. ඒ හැමදේම කරේ පොත් විකුනලා කිව්වා. "දරුවන්ට ඉගැන්නුවා උන් පාරට නොවැටෙන්න" ආන්න එහෙමයි ඔහු කිව්වේ.. මෙතනින් යන එන කවුරුත් ඉන්නවානම් ගොඩ වෙලා බලන්න ඔහු ළඟ තියනවා හොඳ එකතුවක්.. අද කතා බහ අතරේ ඔහු කටපුරා ස්තුති කරපු කෙනෙක් ඉන්නවා. මං මේ ආව ගමනේ මමත් කටපුරා ඔහුට ස්තුති කරනවා. ඒ තමයි අපි කවුරුත් ආදරේ කරන ජනක අයියා.. Janaka Inimankada ජනක අයියා කරපු උදව් චමින්දට කවුරුත් කරලා නැලු. ආයේ ඉතිං එක චමින්ද අමුතුවෙන කියන්න ඕන නෑ. මොකද ජනක අයියා එහෙම කෙනෙක් ❤️
හැමදාමත් චමින්දගේ කැමැත්ත පොත් විකුනන වැඩේටම තමයි..ඒදා ලිපිය ලියපු දවසේ චමින්ද මට තෑගි කරා ශර්ලොක් හොම්ස් පොත් පහක්. අපරාදේ කියන්න බෑ කවුරු හරි එක අරන් ගියා අදටත් නෑ. වැඩේ තියෙන්නේ එක අරන් ගියේ කවුද කියලා මටත් මතක නෑ. ??
චමින්දට කතා කරලා පොත් ගැන අහලා වෙන් කර ගන්න ඔහු දුරකථන අංකට දුන්නා මට. පුලුවන් විදියට තැපැල් කරලා එවන්නත් පුලුවන් කිව්වා..
එහෙම ඕන කෙනෙක් ඉන්නවා නම් 0707746677 ❤️