Saturday, October 19, 2024
Follow Us
සමාජේ vs ආහාර♥️

දවසක් දියනියකට ඇගේ තාත්තා අපුරු පාඩමක් කියා දුන්නා මොකද ඇය පාසලේ යාලුවන්ගෙ නිතරම විහිලුවට ලක්වෙන නිසා ඇය හිත් රිදිමෙන් හිටිය නිසා. ඇගේ තාත්තා සූප වේදියෙක්.ඔහු ඇයව කුස්සියට එක්කරගෙන ගිහින් ඇයට පේන්න භාජන 3ක් ලිපේ තියෙලා ඒ භාජන තුනටම වතුර දැම්මා. ඊට පස්සේ පිලිවෙලින්,


පළමු භාජනේට බිත්තරයක් ද
දෙවෙනි භාජනේට අල ගෙඩියක් ද
තුන්වෙනි භාජනේට කෝපි ඇට ටිකක් ද
දාලා ටික වෙලාවක් තියෙන්න ඇරලා ඔහු තම දියනියට කිව්වා දැන් භාජන තුනේ තියෙන ජාති තුනට වෙලා තියෙන දේ බලන්න කියලා.
ඇය බොහොම උවමනාවෙන් ගිහින් භාජන වල තියෙන දේවල් දිහා බැලුවා. එවිට ඇයට පෙනුනේ බිත්තරේ හා අල ගෙඩියත් තැම්බිලා, බවත් කෝපි එකක් හැදිලා තියෙන බවයි. ඇය සිනාසෙමින් තාත්තට කිව්වා.
ඇගේ සූප වේදි තාත්තා ඇයට හරි අපුරුවට දෙයක් කියා දුන්නා.
දුවේ මේ භාජන තුනේම තියෙන්නේ වතුර එවා හරියට මේ සමාජේ වගෙ කියලා හිතන්න. මේ බිත්තරේ, අල ගෙඩිය හා කෝපී ඇට මිනිස්සු කියලා හිතන්න මේ ගින්දර සමාජේ විසින් මේ මිස්සුන්ට වෙන බලපෑම් කියලා හිතන්න.
දැන් බලන්න මුලින් බිත්තරේට මොකද උනේ. මෘදුවට තිබුනු බිත්තරේ ඝණ වෙලා නේද.. සමහර මිනිස්සුත් එහෙමයි සාමාජේ බලපෑම නිසා මෘදු අය දැඩි වෙනවා.
බලන්න අලගෙඩිය ඝණට තිබුන අල ගෙඩිය බොහොම මෘදු වෙලා නේද.. සමහර මිනිස්සුත් ඔය වගේ දැඩි හිත් තියෙන අය සාමාජේ බලපෑම නිසා මෘදු වෙනවා...
දැන් බලමු කෝපි ඇට ඒ කෝපි ඇට වලට කිසිම දෙයක් වෙලා නෑ කෝපි ඇට ඒ විදියමයි. ඒත් කෝපී ඇට වල තිබුන පාට වතුරට එකතු වෙලා වතුර කෝපි පාට වෙලා. සමහර මිනිස්සු ඉන්නවා එයාලට සමාජෙන් කොයිතරම් බලපෑම ආවත් එයලා වෙනස් වෙන්නේ නෑ. ඒ මිනිස්සු නිසා සමාජේ වෙනස් වෙනවා.
ටිකක් හිතන්න මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ කෙනෙක් සමාජේ නිසා වෙනස් වුනොත් ඒක තමන්ගේ ආත්ම විශ්වාස පිලිබද ප්‍රශ්නයක් ආත්ම විශ්වාසය දැඩි කෙනෙක් කවදාවත් තව කෙනෙක්ට ඕනි විදියට වෙනස් වෙන්නේ නෑ. යහපත් විදියට වටිනාකම් පිරුනු මනුස්සයෙක් හැටියට සමාජේ ඉන්නවා. ඒ මනුස්සයා සමාජේ මිනිස්සු ගරු කරන කෙනෙක් වෙනවා.
මේ පාඩම හරි අපුරුවට ඉගෙන ගත්ත දියනියට කවුරු මොනා කිව්වත් තමන්ගේ ගමන යාමයි වැදගත් යන්න තෙරුම් ගත්තා...
Copied