Saturday, October 19, 2024
Follow Us
වේදනාව තමන්ගේ උන්ට පමණය...

තවත් රටක් වටින ජීවිතයක් බල ලෝබී මහල්ලන්ගේ පොරයෙන් බිලි ගන්නා ලදි...


වේදනාව තමන්ගේ උන්ට පමණය...
සත්තකින්ම මේ තරැන ලස්සන ආදරණීය දොස්තර මල්ලීගේ ආදරණීය බිරිඳ ,අම්මා තාත්තා ,අකක්ලා මල්ලිලා පවුලේ සියලු දෙනාගේ විදවීම ඔලුවෙ පන තියෙන කිසිවෙකුටත් බලා සිටීමට නොහැක...අවුරැද්දක් වයසැති දරැවා තාත් තාත් කියමින් තාත්තා ඉල්ලමින් නොනවත්වා හඩයි..
මිනිසුන්ගේ ලේ උරා බොමින් බල ලෝබයෙන් වැලලෙන නාකි පරයිනි...තොපට ශාප වේවා..???
මේ වයස අවුරැදු තිහක දොස්තර මහතා මියයන්නේ ඉන්ෆුවෙන්සා උණ සෑදී තිබියදී, පෙට්‍රල් කටින් ඇදීම.. සහ එහි විෂබීජයක් ගොස් පෙනහලු තවතවත් දුර්වල වීම නිසාය...
උණ නිසා දුර්වලව තිබූ පෙනහලු වලට පෙට්‍රල් වාෂ්පය ගමන් කිරීමෙන් දකුණූ පෙනහල්ල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වීමත්, එසේ තිබියදී විෂබීජයක් ඇතුලත් වීමත් නිසාය...
තොපි තව බිලි කීයක් අරගන්නවාද...???
කවදද අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් තොපි ඉතුරැ කරන්නේ.. ???