Saturday, October 19, 2024
Follow Us
කව්ද විසිල් ගැහුවේ පන්තියේ

කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද විසිල් ගැහුවේ පන්තියේ කියලා" කවුරුවත් පාවලා දුන්නේ නෑලු විසිල් ගහපු එකාව.(කැම්පස් වල පාවලා දෙන්නේ නෑ)


සර් ඊට පස්සේ පාඩම නවත්තලා මාර්කර් පෙන් එක සාක්කුවේ දාගෙන අදට ලෙක්චර් එක ඉවරයි මන් පොඩි කතාවක් කියන්නම් ඔයාලට කියලා කතාවක් කියන්න පටන් ගත්තලු.ලමයි ඔක්කම ආසාවෙන් අහන් හිටියලු
ලමයි ඊයේ මම රෑ නිදාගන්න හදද්දි මට නිකන් තේරුනා නිදිමත අහලකවත් නෑ කියලා ..ඉතින් මන් කල්පනා කරා උදේ පෙට්‍රල් ගහන්න පෝලිම නිසා දැන් සෙනග අඩු නිසා පෙට්‍රල් ටිකක් ගහන් එන්න.ඉතින් මන් පෙට්‍රල් ගහලා ඉවර වෙලා පාරේ වාහන නැති නිසා ෆ්‍රී එකේ පොඩ්ඩක් කාර් එක පැදන් ආවා.එතකොට මන් දැක්කා ලස්සන ගෑනු ලමයෙක් පාර්ටි එකක් ඉවර වෙලා වාහනයක් එනකන් බලන් ඉන්නවා වගේ. මන් එයාගේ ලගට ගිහින් ඇහුවා ලිෆ්ට් එකක් ඕනිද කියලා.
එයත් පුලුවන් නම් ලොකු දෙයක්..කියලා කාර් එකට නැග්ගා..මන් යන ගමන් එක එක මාතෘකා ගැන කතා කරත් එයා හොද පාලනේකින් කතා කරපු නිසා මට තේරුනා හොද බුද්ධිමත් කෙල්ලෙක් කියලා.මන් ඊට පස්සේ එයාව දාලා එන්න හදද්දි එයා මට ගෙට කතා කරා.මාත් ගියා..තේකක් එහෙම බීලා මන් කතා කරද්දි කියනවා ඔයා වගේ වැදගත් මිනිස්සු හරි අඩුයි.මන් ඔයාට කැමති කියලා..ඊට පස්සේ මන් කිව්වා ඔයත් හරි බුද්ධිමත් ඒක නිසා මාත් ඔයාට කැමතී කියලා.
මන් ඇහුවා ඔය ඇයි කැම්පස් නොගියේ මෙච්චර හොද මොලයක් තිබිලත් කියලා.එතකොට එයා කිව්වා මට නම් ප්‍රස්න නිසා බැරි උනා ඒත් මගේ මල්ලි නම් කැම්පස් කියලා.මන් ඇහුවා මොන කැම්පස් එකේද කියලා.මාර වැඩේ කියන්නේ අපේ කැම්පස් එකේමයි.මන් ඇහුවා කොහමද එයාව අදුරගන්නේ කියලා.මොකද නම් වලින් කිව්වට ලමයි ගොඩක් ඉන්න නිසා..
එයා මට කිව්වා මල්ලි නිතරම විසිල් ගහනවා.ඒක නිසා ඕනි කෙනෙක්ට එයාව ලේසියෙන් අදුරගන්න පුලුවන්....මුලු පන්තියේම ලමයි ඔක්කම එකපාර විසිල් එක ගහපු කොල්ලා දිහාවට හැරුනා..??
උපුටාගැනීමකි .