Saturday, October 19, 2024
Follow Us
කිස් එකක් දෙන්න.....

❤සැමියාට බිරිඳට දවසට එක වතාවක් හෝ කිස් එකක් දෙන්න....


කිස් එකක් කියන්නෙ නිකං නහය කම්මුලට ලං කරලා සුවඳ බලන එක නෙවෙයි... තොල්පෙති විතරක් ඒ හාදුවෙන් තෙමන එක....
ලව් කරන කාලෙ නං කවුරු හරි අහක බලනකල් ඉඳලා පණ දාගෙන කිස් කරපුවා අමතකද ? ෆිල්ම් හෝල් එකේ ලයිට් නිවෙන කල් ඉවසිල්ලක් නැතුව හිටියා අමතකද ?
අන්න ඒ මතකය නැවතත් ආවර්ජනය කරන්න...
❤කවුරුත් නැති වෙලාවක කිස් එකක් දෙන්න. දරුවො ඉස්සරහම කිස් එකක් දෙන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ... එතකොට දරුවො දන්නවා අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නවා කියලා... උන් කියාවි මල කෝලං කියලා.. ටික දවසක් යනකොට ගානක් නැතිවෙයි...
❤කිස් එකක් දෙන්න..... රෑට නිදාගන්න ඉස්සර වෙලා... සමහරවිට ඒක තව ටිකක් දුරදිග යයි.. කමක් නෑ... ඒකෙන් පාඩුවක් වෙන්නෙ නෑනෙ...
❤කිස් එකක් දෙන්න... රෑ මැද ඇහැ ඇරුනොත්.... තුරුල්ලට ගන්න... ඒක සුවදායී නින්දකට මග පාදයි...
❤කිස් එකක් දෙන්න... උදේට නැගිට්ටම.... දවසම ප්‍රබෝධමත් වෙයි... ආදරේ වැඩි වෙයි...
අපේ ජීවිතවල අවසානය කොහොම ලියවිලා තියෙනවද කියලා අපි දන්නෙ නෑ,.... මැරෙනකල් ආදරෙන් ඉන්න....
❤කිස් එකක් දෙන්න.... ඒක සමහරවිට ඔබ දෙන අවසාන කිස් එක වෙන්න පුළුවනි...
❤ජීවිතේ අවසාන කිස් එක කියලා හිතාගෙන... පුළුවන් හැම වෙලාවෙම..
❤කිස් එකක් දෙන්න....❤
උපුටා ගැනීම , Professor Piyal Ariyananda මුහුණ පොතෙන් .
____________________________________________________
මම දැකපු ලස්සන, ආදරණීය post එකක් .
කිස් එකක් කියන්නේ කොච්චර වටිනාවද කියලා
පැහැදිලිව සටහන් කරලා තියෙනවා .
අපි ජීවිතේ ඇත්තටම විදිනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්, සතුට කියන්නේ ඇද උඩ විතරක් ම නෙවෙයි පුංච් පුංචි දේවල් තුල ලොකු සතුටක් , ආදරයක් රැඳිලා තියෙනවා .. විවාහ වුනාට පස්සේ බොහෝ දේවල් සීමා වෙනවා , විශේෂයෙන් ලමයි ලැබුනට පස්සේ, ලමයි වැඩෙන විට .
ඇත්තටම එහෙම වෙන්න ඕනද , ආදරේ විදින්න , මේ ජීවිතය විදින්න වයස සහ ලමයි බාදාවක් ද .. ?
මම හිතන්නේ අපි කොටුවෙලා ඉන්න සමාජය ඒ වගේ එකක්, ඒකයි අපි සීමා වෙන්නෙ..
"ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ .."
ඒ සිංදුව මතක් වුන මොහොතකට ...
ඇයි ඔයා හැමදාම ඇපල් මලක් නොවෙන්නෙ ,
ඇයි ඔයා හැමදාම වසන්තකාලයක් නොකරන්න,
මහලු වීම බාදාවක් නෙවෙයි ඒකට ..
40 naughty කියලා අපි අහලා තියෙනවා, ඇත්තටම වයසත් එක්ක විසේ තියෙන්න ඕන තමන් ආදරේ කරන කෙනා සමග , පුංචි පුංචි දේවල වලින් ලොකු සතුටක් විදින්න උත්සාහ කරන්න..
සතුට යනු අප විසින් නිර්මාණය කරගන්නා මානසික සුවයයි , මානසික සුවය උච්චතවේනම් ශාරීරික සුවය ද උච්චතම වේ වි ..
අද සිට ඔබත් ඇපල් මලක් වෙන්න,
ලැබෙන කාලය වසන්ත කාලය බවට පත් කරගන්න.
❤ජීවිතේ අවසාන කිස් එක කියලා හිතාගෙන... පුළුවන් හැම වෙලාවෙම..
❤කිස් එකක් දෙන්න....
ඒවගේම ජීවිතේ අවසාන මොහොත කියලා ආදරය ලබා දෙන්න, ලබා ගන්න , සතුට විදින්න.
Love is powerful ❤
_________________සදා ආදරෙන් ශිරාන් ප්‍රසාද් ❤