Saturday, October 19, 2024
Follow Us
පිරිමි

මං හැමදාම කොළඹ ඇවිත් ගෙදර යන්න බස් එකක ඉදගත්ත හැමදවසකම මේ වෙනකන් මං ලග ඉදගත්ත 99% ක්ම පිරිමි මට වද දීලා තියෙනවා..මං මේක ලියන්නෙත් එහෙම අවස්තාවක ඉදන්..


මේ වෙනකන් මට උන එහෙම අවස්තා මං කල්පනා කරල බැලුවා..සමහර අය කරන්නෙ අත් දෙක පපුවෙ බැදගෙන නිදි වගේ රගපාන ගමන් වැලමිටෙන් පපුවට තද කරන එක..වැලමිටකින් පපුවට අනිනකොට ඇතිවෙන වේදනාව අපසන්නතාව අමුතුවෙන් කියන්න ඕනී නෑනේ..එහෙම නැත්නම් ඒ බැදන් ඉන්න යටි අතින් බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්නැතිවෙන්න කොනිත්තනවා..නැත්නම් හූරනවා..අපිට නින්ද යනකන් ඉදල බල්වුස් එක යටින් අත දාන්න හදනවා..පිටිපස්සෙ සීට් එකේ ඉන්න එකත් වෙලාවකට ජනේලේ අයිනෙන් අත දාලා පිට හූරන්න හදනවා..එහෙම නැත්නම් කලවා උඩ අත තියාගන්න හදනවා..නැත්නම් කකුල අපේ කකුලට හේත්තු කරගන්න හදනවා..මේ හැමදෙයක්ම මං විදල තියෙන අත්දැකිම් අනුව කියන්නෙ.
මං ඒවගේ ඒවා සිද්ද වෙනකොට බයේ ගැහි ගැහී ඔනී දෙයක් කරගන්න කවදාවත් ඉද දීලා නිකන් ඉන්නෙ නෑ..මං මේ වෙනකොට
119 කෝල් කරල ඉන්න බස් එකේ අන්කෙ එයාලට කියල පොලීසිය බස් එකට ගෙන්නගෙන සමහරක් බාර දීලාත් තියෙනව..එක්කෙනෙකුට කුඩෙන් ගහල තියෙනව..අනිත් ගොඩක් අවස්තාවල කරේ මන් බස් එකේ නැගිටලා කෑ ගහල ඒ ජරා සතාට බනින එක..එතකොට ගොඩක් අය කරේ සුටුස් ගාලා යන බස් එකෙන්ම පැනපු එක..එක්කෙනෙක්නම් දවසක් මිනුවන්ගොඩදි එහෙම
පැනලා පිටිපස්සෙන් ආපු වාහනේකට හැප්පුනත් එක්ක..තව පොඩ්ඩෙන් මන් මිනීමරුවෙක් වෙනවා..
ඉතින් මේ දැනුත් එහෙම එකෙක්..මේ සතා හොදට රග පානවා නිදි වගේ..ඔඩොක්කුවේ ස්කූල්
බෑග් එකක් එයාගේ..අත් දෙක පපුවෙ බැදගෙන නිදි..ඒ උනාට වැලමිටෙන් මගේ පපුවට තද කරනවා..මම බනින්න කලින් හොදට බලනව මේ
මනුස්සයා මේ නිදි මතින්ද මේක කරන්නෙ හොද සිහියෙන්ද කියල..අත තල්ලු කරලා බෑග් එකෙන්
මන් පපුව cover කරගන්නකොට හිමීට බඩේ ගෑවෙන්න වැලමිට තියාගන්න හදනවා..
මට හිතාගන්න බෑ බස් එකේ හැමදාම
මට මෙහෙම පිරිමි හම්බෙන්නෙ ඇයි කියල..ඒක හරිම වේදනාවක්..පිලිකුලක්..මේක මගේ ප්‍රශ්නයක්ද කියලත් හිතුවා..ඇදුමෙ අවුලක්ද හිතුවා..නෑ එහෙම වෙන්න බෑ..මං පොලොන්නරුවෙ යන්නෙ නුවර යනව වගේ අත් දිගට ඇදගෙන..
මං අද මේ මනුස්සයට බනින්න ගියේ නෑ..කුඩෙන් ගහන්න ගියෙත් නෑ..මන් කිවුවා
" බලන්න ඔයාගේ අත කොහෙද තියෙන්නෙ කියල..බලන්න මං කොච්චර හිරවෙලාද යන්නෙ..හැබැයි මං මගේ බෑග් ඔක්කොමත් ඔඩොක්කුවේ තියන් ආවත් මං මගේ අත් ඔයාගේ ඇගේ ගෑවෙන විදියට ඔයාට කරදර විදියට තියන් ආවේ නෑ..හැබැයි ඔයාට තේරෙනවද ඔයා මේ කරන වැඩෙන් මට යන්න කොච්චර අමාරුද කියල..බස් එකේ යද්දි ඔහොම කරන්න එපා කිවුවා.."
ඒ සතාට මං කියන එක තේරුනා..අත් දෙක එහාට කරගත්තා ඊටපස්සෙ.ඒ උනාට වෙන මිනිස්සු වගේ නැගිටලා ගියේ නෑ..ඒත් මන් ගාව ඉදන් හිටියා..එතකොටනම් මට බය හිතුනා..පිහියක් වගේ එකක් ලග තිබ්බොත් ඇනලා යයිද කියලත් හිතුනා..ඒ නිසා හිටන් හිටපු කෙනෙක්ට සීට් එක දීලා මං නැගිටින්න හැදුවා..එතකොටම මේ ජරා සතා බයවෙලා වගේ ඉක්මන්ට නැගිටලා පිටිපස්සට ගියා..
මමනම් කියන්නෙ අපේ රටේ ගොඩක් පිරිමින්ට ලින්ගික අසහනය තියෙනවා.මොකක් හෝ ඒ සම්බන්ද රෝගී ත්ත්වයන් ඉතාම දරුනු විදියට තියෙනවා.ඒ ගොඩක් අය තරුන ලමයි නෙවෙයි..මැදිවියේ ඉන්න අය..
මේක ඔයාගෙ ගැහැනු දරුවට තනියෙම ගමනක් ගිහින් එන්න පුලුවන් රටක් නෙවෙයි..කොහෙත්ම එහෙම රටක් නෙවෙයි මේක..??
Copied..
ඔබ තව දුරටත් පොදු ප්‍රවාහනය තුල ගෑනුන්ට ජැක්ගහන ජැකී ජැන්ලා හමුවේ නිහඩව නිරුත්තරව සිටිනව ද? තීරණය ඔබේ අතේ..