Saturday, October 19, 2024
Follow Us
ඇන්තෝනියෝ

එක්තරා කාලෙක හිටිය ඇන්තෝනියෝ කියල ධනවත් පුද්ගලයෙක්.ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට හපනෙක්.ඉතින් කාලයක් තිස්සෙම ඔහු කලේ අපරාජිතයෙක් වෙච්ච එක.


" ඔහේ නම් හරි දක්ෂයෙක් ඇන්තෝනියෝ " දිනක් ඔහුගේ මිත්‍ර මිරාජ් ඔහු හා තරග වදිත්දි කිව්වා.
" මගෙ පුහුණුව තමයි මිරාජ්,ඔබටත් බැරි නෑ දක්ෂයෙක් වෙන්න "
එහෙත් ඇන්තෝනියෝ ගුරු මුෂ්ටියක් තියාගෙන තමයි ඒ ක්‍රීඩාව ගැනත් මිරාජ්ට කියල දුන්නෙ.
" ඔහේ රැවටිල මිරාජ්,මිනිහ කෛරාටිකයෙක්.ඔහේ හිතනවද සාත්තරය හැමදේම කියල දුන්නා කියල" මිරාජ්ගේ බිරිද ආන්‍යා තඔයක්වත් ඇන්තෝනියෝව විශ්වාස කලේ නෑ.නමුත් මිරාජ් එහෙම නෑ.
" ආන්‍යා ,මට විශ්වාසයි මගේ මිතුරාව " ආන්‍යා රැකියාව කලේ හදිසි වැටලීම් කරන අංශයක.ඉතින් හැමදේම විපරමින් බැලුවා.
හැම වසරකම තියෙන ගොල්ෆ් තරගයට මිරාජ්ව පුහුණු කලේ ඇන්තෝනියෝ .
" ඔබ මෙි තරගෙ කොහොමහරි දිනන්න ඔිනා "
" ඇන්තෝනියෝ මහත්මයා මට වඩා දක්ෂයෙක් .ඔබ දිනයි " තරගය පවත්වන්න දින දෙකකට පෙර සවස් භාගයේ ඇන්තෝනියෝගෙ ගොවිපොලට ආරක්ෂක අංශයක් පැමිණියා.
" ඇන්තෝනියෝ මහත්තයා අපිට ඔබගේ ගොවිපොළ පරීක්ෂා කරන්න ඔිනා "
ඔහු ඊට ඉඩ දුන්නා.කරුමයක මහත ඔහුගේ ගොවිපොළ තුල තහනම් ස්පීතු තිබිල අත්වඩංගුවට ගත්තා.මෙි සිදුවීම නිසාම ඇන්තෝනියෝ ට ගොල්ෆ් තරගයට යන්න බැරිවුන⁣.
" හානී ඔයා මෙි තරගෙ දිනනවා" ආන්‍යා සුභ පැතුවා.
" ඒත් අන්තෝනියෝ මහත්තයා "
" අනිත් අය ගැන හිතන්න එපා මිරාජ් " කෙහොමහරි මිරාජ් දිනුම ලැබුවා.ඇන්තෝනියෝ වගේම දක්ෂයෙක් පහල වෙලා කියල අත්පොලසන් නැගුව.දිනුම අරගන්න මිරාජ් ගෙදර ආවා.ඔහුට ආරංචි වුනා ඇන්තෝනියෝ හට වුනු සිදුවීම ගැන.ඔහු දුක්වුනා.එදා ආන්‍යා නිවසේ සිටියේ නෑ.මිරාජ් පහළ ගබඩා කාමරයට තවත් වැඩකට.එහිදී ඔහුට දකින්නලැබුනා ස්පීතු හදපු තැනක්.කාරණාව තේරුම් ගත්ත මිරාජ් තරගෙන් ලැබුනු තෑග්ගත් අරන් ඇන්තෝනියෝ ව බලන්න හිරගෙදරට ගියා.
" ඔබ ඇයි මට මෙි තෑග්ග දෙන්නෙ "
" ඔබ වැරදිකරුවෙකු නෙවෙි මහත්තයා.මෙි සියල්ල කරල තියෙන්නෙ වෙන කවුරු හරි "
ඔහු තම බිරිදව පාවා නොදුන් අතර තෑග්ග ඔහුට දීලා ගෙදර ආවා.අන්‍යා නිවසට ආවහම ඇය කල වරද ගැනත් පෙන්වල දුන්නා.ඇය තම සැමියගෙන් සමාව ගත්තා.
නදීෂ නිර්මාණ හේරත් | ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)