Saturday, October 19, 2024
Follow Us
ජොනතන්

ජොනතන් නගරයට ගියේ තමන්ගෙ වාහනයට අවශ්‍ය අමතර කොටස් අරගෙන එන්න.


හදිසියේම ඔහු ගිය වාහනය අනතුරකට ලක්වුනා. ජොනතන්ගෙ බිරිදට ඒ ඇමතුම ආවා.
" ඔබෙි සැමියාට ලොකු අනතුරක් " ජෙසී කැබ් එකක් අරගෙන එද්දි මග වැටිල හිටිය ජොනතන්ට නගරයේ ජංගම ⁣රෝහලෙන් ප්‍රතිකාර ලබාදීලා තිබුනා.
" ස්තුතියි මගෙ මහත්තයට කල උපකාර වලට " ඇය කිහිලිකරු වලින් ගමන් කරන ඔහුව ඔසවා ගත්තා.
" ඒක නෙමෙි ජොනතන් ඇයි ඔබ මෙච්චර පරක්කු වුනේ .හරියට පැයෙන් එන්න තිබුනනේ "
"නගරේ වාහන තදබදය " ජෙසී ඔහු සමග නිවස ඇතුලට යන්න යද්දි සැකේට වගේ ජොනතන්ගේ කමිසය ඉම්බා.ඇයට ලොකු සුවඳක් එයින් ආවා.එය කාන්තා සුවඳ විලවුන් ජාතියක්.
" හම් ඔබ මාව රවටනව නේද කවුද ඒකී "
කිහිලිකරු ඇදල දාපු ජෙසී ඩිවාන් එක උඩ වැටුනු සැමියාට පහර දෙන්න ගත්තා. ටික වෙිලාවකින් ගෙදර සීනුව නාද වුනා.
ඇය දොර ඇරියා.
" නෝනා ජොනතන් මහත්තය ඉන්නවද .අපි රක්ෂණ සමාගමෙන්. ඔහු අද සුවඳ විලවුන් ගෙනියන රථයක ගැටුනු බව අපට දැනුම් දුන්නා. ඒ සම්බන්ධ කටයුත්තකට ආවෙි "
ජෙසී අනුකම්පාවෙන් මෙන් පුටුවෙන් බිම වැටිල හිටිය ජොනතන් දිහා බැලුව.
නදීෂ නිර්මාණ හේරත් ✍️