Saturday, October 19, 2024
Follow Us
වැඩිහිටි නිවාසෙ

එක්තරා කාලෙක ජීවත්වෙච්ච සැම්සන් මහත්තයා තමන්ගෙ සැදෑ සමය ගත කරන්න තෝරගත්තෙ නගරයෙ තිබුන ඉහලම පහසුකමි තියෙන වැඩිහිටි නිවාසයක්.


" ඔබට පුළුවන් මෙහි ගෙවීම කරගෙන යන්න " අයකැමියා ඒ විදියට අහත්දි සැම්සන් මහත්තයා තමන්ගෙ සාක්කුවෙි තිබිලා මුදල් නෝට්ටු කිහිපයක් ඔහුට දුන්නා.ඔහු පුදුම වුනා.සැම්සන් ධනවතෙක් පාටයි. එයා හිතුවා.
වැඩිහිටි නිවාසය ඇතුලෙ සැම්සන් මහත්තයා ගොඩක් ජනප්‍රිය වුනා.ඔහු විවෙිකයක් ලද හැම විටෙකම කතා කිව්වා.ඒවා අහන්න වැඩිහිටියො කැමති වුනා.
" ඔබ ගෙ කතා අහන්න අපි ගොඩක් කැමතියි"
" ඇත්තටම ඔබ ඉත්දි කිසිම පාළුවක් නෑ " ඩෝරා නෝනා තමයිි සැම්සන්ගෙ හොදම මිතුරිය වුනේ.ඇය හා සැම්සන් නිතර කතාබහ කලේ ස්වභාවධර්මය ගැන.
" ඩෝරා ඔබට පුදුම දැනුමක් තිබෙන්නෙ "
" මට වඩා ඉදිරියෙන් ඔබ ...ඉතින් කියන්නකො කොහොමද ඔබගෙ දරුවන්"
ඒ මොහොතේ සැම්සන් මහත්තයා ගොඩක් සංවෙිදීවුනා.
" පුතාව දැක්ක කාලයක් මතක නෑ .තවමත් මම ජීවත්වෙන්නෙ මම උපයපු මුදලින්" ඩෝරා ඉන් එහාට කතාකරන්න ගියේ නෑ ඒ ගැන.
කාලයක් ඔය විදියට ගියා සැම්සන් මහත්තයා හැම ඉරිදම වගේ වැඩිහිටි නිවාසෙ ගෙවත්තෙ තියෙන ලොකු ගහක බෙනයක් ළගට ගිහින් ආපහු එන එක පුරුද්දක් කරගෙන තිබුන.
" අර මනුස්සයා සැම්සන් මිනිහ හොද සල්ලිකාරයෙක් වගෙයි.නේද සර්" අයකැමියා වැඩහිටි නිවාසයේ අයිතිකාරයත් එක්ක කතාකලා.ඔහු නිතරම කිව්වෙ සැම්සන්ගෙ ගුණ යහපත්කම ගැන.ඒත් අයකැමියාගෙ හිත වැඩ කලේම සැම්සන්ගෙ සල්ලි ටිකෙන් කොටසක් හරි තමන්ට ලැබුන නම් කියල.අර ගහ ලගට යන එකත් ස්වභාවධර්මය හින්දා ඒකට ආදරේට කරන දෙයක් කියලයි ඩෝරා පවා හිතන් හිටියෙ.
දවසක් සැම්සන් අර ගහ ලගට ගිහින් ආපුවහම අයකැමියා හෙමින් එතනට ගියා.ඔහු දැක්කා බෙනය ඇතුලෙ තිබුන මුදල් නෝට්ටුවක්.මිනිහ ඒක අතට ගත්ත." මං හිතන්නෙ මෙි මනුස්සයට පිස්සු" එයා හිතුවා.ඔය විදියටතියෙන තියෙන නෝට්ටුව අයකැමියා අරගන්නවා.
ටික දවසකට පස්සෙ වැඩිහිටි නිවාසයේ කුණු ප්‍රශ්නයක් ආවා.කුණු එකතුකරගෙන යන සමර්රිච් කොලුවා කාලෙකින් ඇවිත් නැති නිසා නිවාසෙ හිමිකාරයා පවා කෝපයට පත්වුනා.
" මෙි මනුස්සයා කොහෙ ගිහින්ද බලනව" ඔහු අයකැමියට තරවටු කලා.වැඩිහිටි නිවාසෙ හිමිකාරයට ඇහුන සැම්සන් මහත්තයගෙ කාමරෙන් අඩන සද්දයක්.ඔහු එතනට යන්න යත්දි ඩෝරා ඔහුව වැලැක්කුව"
" වැඩක් නෑ.මහත්තයා ,සමර්රිච් කොලුවා ඊයෙ රාත්‍රියෙ අසනීපෙ වැඩිවෙල මිය ගිය එකට ඔහු දුකින්"
සැම්සන් මහත්තයා ,වැඩිහිටි නිවාසෙ කුණු අදින කොලුවගෙ අසනීපෙ දැනගෙන ඒ කොලුවට පේන්න ඒත් තමා එය තිබුවා යැයි නොදැනෙන්න ගහේ බෙනය ඇතුලෙ තිබුව නෝට්ටුව අරන් ගිහින් ඔහු බෙහෙත් ගත්ත.මොකද උදව්වට එන අය සමග කතාකරන එක තහනම් බවයි නිවාසෙ හිමිකාරයා හැම කෙනෙකුටම කියල තිබුනෙ.එත් අයකැමියා මෙි නෝට්ටු සොරකම කරන්න ගත්ත නිසා ඒ කොලුවට බෙහෙත් ගන්න බැරිම තරමට අසනීපෙ උත්සන්න වෙල මිය ගියා.
මෙය දැනගත්ත වැඩිහිටි නිවාසෙ අයිතිකාරයා අර අයකැමියාට කීවා සැම්සන් මහත්තය⁣ගෙන් සමාව ගන්න කියල.එ වගේම ඔහුව සේවයෙන් පහකලා.
වැඩිහිටියන් තවත් කෙනෙකුට උදව් කරත්දි අපි දකින්නෙ ඒ ක වරදක් විදිහට නැත්නම් වැරදි කෝනයකින්.ඒක ඇත්තටම වැරදි දෙයක්.ඒ වගේම සමහර සිදුවීම් බාහිරෙන් දැකල තීරණයත් නොකල යුතුයි.
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි) කතෘ අයිතිය සුරකින්න.