Saturday, October 19, 2024
Follow Us
ඛේදාන්තය ......

පිරිමියාට සාපෙක්ශව ගැහැණියට ප්‍රේමය උපදින්නෙ හිමීටයි.ගැහැනිය තමන්ටම ආවේණික වූ යම් රාමුවකින් පිරිමියා දෙස බලා එකී රාමුවට 100% නොගැලපුනත් වැඩි ප්‍රතිශතයක් ගැලපෙන පිරිමියා ගැන ප්‍රේමය උපදවා ගනී...ගැහැනියකගේ එකී ප්‍රේමයට ලක් වන්නා වූ පිරිමියා සතු , වයසින් බාල හො වැඩිමල් ,දුප්පත් පොසත් ,විවාහ වුන නොවුන ,ගිහි පැවදි ආදී පරිසරයන් අදාල නැත .


සමස්ථ සම්මත අසම්මත සීමාවන් ඉක්මවා ගොස් තමන්ටම ආවෙණික රාමූවට ගැලපෙනාවූ පිරිමියා කෙරෙහි ගැහැනිය ප්‍රේමය උපදවයි....
ගැහැනියක් එසේ උපදවා ගත් එකී ප්‍රෙමය තමා සතු වීම හෝ අන්සතු වීම හෝ නැති වීම වෙනම කාරනාවකි..
නමුත් බහුතර ගැහැනියට එසේ උපදින්නා වූ ප්‍රේමය පූජනීය වේ.. ඇය ඒකී ප්‍රෙමය උදෙසා කැප වෙයි , පිරිසිදු සිතින් විශ්වාශය ද තම ජීවිතයම පුද කරයි..
අවාසනාවට මෙකල බහුතර ගැහැනියට තමා එසේ ජිවිතයම පුද කරන්නා වූ ප්‍රේමය පාරාවලල්ක් වී තමන් ගේ ජීවිතය තමන්ටම එපා කරන්නක් වී ඇත....
"පිරිමි අවස්ථාවාදීන්ය..."
සියලු පිරිමි අවස්ථාවාදීන්ද...?
ඔව් .... සියලු පිරිමින් අවස්ථාවාදීන්ය
කුමක් හො සදාචාර වන හෝ නොවන හෙතුවකින් පිරිමියා තමන්ට
නොදැනෙන නොහැගෙන "ප්‍රේමය " ඉදිරිපිට
සියලු පිරිමි අවස්තාවාදීන් ය....
තමන්ගෙ රාමුවට ගැලපී යන පිරිමියා කෙරෙහි ප්‍රේමය ඉපදවීමට ගැහැනිය සියලු සම්මත‍යන් අසම්මතයන් සදාචාරයන් ඉක්මවා යන්නා සේ...
තමන්ට නොහැඟෙන නොදැනෙන" ප්‍රේමය" යැයි කියා ගන්නා දේ ඉදිරිපිට
සියලු සම්මතයන් අසම්මතයන් සදාචාරයන් ඉක්මවා ගොස්
පිරිමි කුරිරු අවස්තාවාදීන් වෙයි....
එහෙත් පිරිමින්
දයාබරත්වයෙන් සෙනෙහෙන් ආදරනීයත්වයෙන් පිරුනු උමතු පෙම්වතුන්ය..
ඔව්....
පිරිමීන් "තමන්ට දැනෙන්නාවූ හැඟෙන්න්නාවූ ගැහැනියගේ ප්‍රේමය" උදෙසා ලේ මස් නහර ඇට ඇටමිදුලු තෙක් කාවැදී ගිය ප්‍රෙමයක් උපදවයි... ඔහු අනෙක විද කැපකිරිම් කදුලු කැප කොට ..
එකී ප්‍රේමය පූජනීයත්වයට පත් කරයි... ..
..
ගැහැනිය ගෙ දුර්වලතාවය නම් තමන්ගෙ රාමූවෙන් ගැලපෙන පිරිමියා කෙරෙහි ප්‍රේමය ඉපදවීමට ප්‍රතම එකී පිරිමියාට තමන් ගෙ ප්‍රේමය දරාගත හැකිද ඔහුට තමන්ගෙ ප්‍රෙමයෙ වටිනාකමට වටිනාකමක් දිය හැකිද යන්න තෙරුම් නොගනී...
එතනදී බහුතර ගැහැනියට
"කුරිරු අවස්ථාවාදීන්ගෙ ගොදුරු බවට පත් වී ජිවිතයම ගැන කලකිරී අතීතයට ශාප කරමින් පැත්තකට විමට සිදු ව ඇත......
....
එක් වරක් අවස්ථාවාදීයෙක් තමන්ගෙ
පුජනීය වූ පාරීශුද්ධ වූ ප්‍රේමය කෙලෙසූ කල වචනාර්තය ඉක්මවා ගිය දුකක් හිතේ රදවා ගැහැණිය ප්‍රේමය යන වචනයට පවා වෛර කොට ඇය හිත දැඩි කොටගෙන වෙනස්ම චරිතයක් බවට පත් වෙයි.....
..
කල්යත්ම ඇයව දැනෙන්නා වූ ඇයව හැඟෙන්න්නාවූ පිරිමියා පැමිනෙයි
ඇයව තම ජිවිතයම කොට ගෙන , ඇගෙ ප්‍රේමය සම මස් නහර ඇට ඇට මිදුලු දක්වා තැන් පත් කර ගත් ජිවිතයම ඇගේ ප්‍රේමයම කොට ගත් පිරිමියා පැමිනෙයි...
ඔහුගෙ හෝ ඇයගෙ හෝ අවාසනාවට ඔහු පැමිනෙද්දි
ඇය සියලු පිරිමින් කුරුරි අවස්තාවාදීන්
යන මතය රුධිරානුබද්ධ කොට ඇත....
ඇයගෙ ප්‍රේමය කුරුරු අවස්තාවාදියෙකු විසින්ද .
ඔහුගෙ ප්‍රේමය අවස්තාවාදියෙකුගෙන් තම ප්‍රේමය කෙලසාගෙන හිත දැඩිකොට ප්‍රේමයට වෛරය කරන
ගැහැනියක් විසින්ද
අමු අමුවේ දුශනය කොට ඇත....
වත්මන් පිරිමියාත් ගැහැනියත්
"ප්‍රේමය "
ඉදිරියේ තම ජිවිතයම ඛේදාන්තයක් බවට පත් කොට ගෙන ඇත්තෙ ඔය විලසටය..... ??