Saturday, October 19, 2024
Follow Us
ව්‍යාපාරිකයෙකු පැවසූ මෙම පාඨය කාන්තාවන් කී දෙනෙකුට තේරේවිද?

කාන්තාවක් තම ශරීරය හොඳින් පෙනෙන ලෙස ඇඳුම් ඇඳගෙන වෙළඳසැලකට ගියා ය.


වෙළෙඳසැලේ හිමිකරු ඇය දෙස හොඳින් බලමින් ඇයට වාඩි වන ලෙස ඉල්ලා ඇගේ දෑස් දෙස කෙලින් බලා ඇයට ජීවිතයේ කිසිදා අමතක නොවන දෙයක් කීවේ ය.
"මිස්, දෙවියන් වහන්සේ මේ ලෝකයේ වටිනා කර ඇති සෑම දෙයක් ම, හොඳින් ආවරණය කර ඇති අතර දැකීමට, සොයා ගැනීමට හෝ ලබා ගැනීමට අපහසු ය.
උදාහරණයක් ලෙස:
01. දියමන්ති සොයාගත හැක්කේ කොතැනින් ද? එය පෘථිවියේ පතුලේ, ආවරණය කර ආරක්ෂා කර ඇත.
02. මුතු හමු වන්නේ කොහෙන්ද?
එය සාගර පතුලේ, අලංකාර කවචය කින් ආවරණය කර ආරක්ෂා කර ඇත.
03. ඔබට රත්රන් සොයාගත හැක්කේ කොහෙන්ද?
එය පොළව යට, ගල් තට්ටු වලින් වැසී ඇති අතර එහි යාමට ඔබට වෙහෙස මහන්සි වී ගැඹුරට හාරා ගත යුතු ය.
එසේ කී ඔහු ඇය දෙස ඕනෑකමින් බලා මෙසේ කීවේ ය.
"ඔබේ ශරීරය පාරිශුද්ධ හා අද්විතීයයි." ඔබ රන්, දියමන්ති සහ මුතු වලට වඩා ඉතා වටිනා ය, එබැවින් ඔබ ද, මෙයට වැඩි ලෙස මඳක් ආවරණය කළ යුතු ය.
තව ද ඔහු තවදුරටත් මෙසේ පැවසී ය:
"ඔබේ රන්, දියමන්ති සහ මුතු වැනි වටිනා ඛනිජ වර්ග ගැඹුරින් ආවරණය කර ඇත්නම්, අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහිත පිළිගත් පතල් සංවිධානයක් වසර ගණනාවක් පුරා පුළුල් ගවේෂණයක් සිදු කරනු ඇත."
ඔවුන් පළමු ව ඔබේ රජය (පවුල) සම්බන්ධ කර ගනු ඇත, වෘත්තීය ගිවිසුම් (විවාහය) අත්සන් කර එය වෘත්තීය වශයෙන් (විවාහ ජීවිතය) ලබා ගනී.
නමුත් ඔබ ඔබේ වටිනා ඛනිජ ලවණ පෘථිවි පෘෂ්ඨය මත වැතිරීමට ඉඩ දුන්නොත්, සැම විට ම නීති විරෝධී පතල්කරුවන් විශාල ප්‍රමාණයක් පැමිණ, ගවේෂණය කිරීමට සහ නීති විරෝධී ලෙස එම ධනය රැගෙන යනු ඇත.
ඔබට තේරෙනව ද?????
ලස්සනට අඳින්න,
නමුත් """විනීත""" ව!
උපුටා ගැනීම ~ සජී නිසන්සා