Saturday, October 19, 2024
Follow Us
මොනාලිසාට කේක් කවන්න ගිය තැතක් වරදී.

ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළ සුප්‍රකට මෝනාලිසා සිතුවමට හානි කිරීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු ඉන් නැගිට මෝනාලිසා චිත්‍රයට පහර දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එහි ආරක්ෂාවට යොදා ඇති ඝණ වීදුරු ආවරණය බිඳදැමීමට සැකකරුට නොහැකි වීම හේතුවෙන් ඔහු රැගෙන ආ කේක් එහි තවරා හානි කිරීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු සිය ග්‍රහනයට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
චිත්‍රය ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය නොවේ. එය 1911 දී කෞතුකාගාර සේවකයෙකු විසින් සොරකම් කරන ලද අතර, 1956 දී බොලිවියානු ජාතිකයෙකු විසින් විසි කරන ලද ගල් පහරකින් මොනාලිසාගේ වම් වැලමිටට හානි වී තිබෙනවා.
පසුව එහි ආරක්ෂාව සදහා වෙඩි නොවදින වීදුරු සවි කර ඇත.
පසු සටහන.
මේ සිදුවීම දැක්ක ගමන් මතක් උනේ අපේ සීගිරිය .
එහි බිතුසිතුවම් වලට ලබා දෙන ආරක්ශාව කිසිසේත්ම ප්‍රමාණවත් නෑ . අඩු ගානෙ වීදුරු ෆ්‍රේම් එකක් වත් ගහල නැති නිසා එතන යමක් සිද්ධ උනොත් ක්‍රියාත්මක වෙනකොට වැඩේ වෙලා ඉවරයි .
එකෙක් තින්ත වගයක් ගෑව. තව එකියක් කැටපත් පවුරෙ කුරුටුගෑව.
ඔහොම පිස්සො මෙහෙත් ඉන්නව.