Saturday, October 19, 2024
Follow Us
ඇමෙන්ඩා

එක්තරා කාලෙක ඇමෙන්ඩා කියලා තරුණියක් ජීවත්වුනා.අගනුවර තිබුනු තනිකඩ කාන්තාවන්ගේ මහල් නිවාසයක තමයි ඇය ලැඟුම් ගත්තෙ.වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වුනු ඇයගෙ මිතුරිය ඇලී
" ඇමෙන්ඩා ව දැන් ගොඩක් අය දන්නවනේ.අද මම එක සමාගමක දි ඔබ මිතුරියක් යැයි කීවා.ඔවුන් මට උපකාර කලා " රැකියාව අවසන්ව පැමිණි ඇලී තමා කමින් සිටි පැණි රස අඩංගු පැකැට්ටුව ඇය අතට දුන්නා.


" ගොඩක් සතුටුයි ඒ ගැන. කොහොමත් ඉතින් මම මෙි රස්සාව ලගදිම අතාරින්න ඉන්නෙ "
ඇගේ කතාවෙන් මිතුරිය තුෂ්ණිම්භූතව බලා සිටියා.
" ඒ මොකද එකපාරටම "
" රැකියාවෙන් හොදම කාලෙ දි ඉවත්වුනොත් මිනිස්සුන්ට හැමදාම මතකෙ තියෙයි "
දෙදෙනාගෙම කතාව අවසන්ව ඇලී මුල්තැන්ගෙය වෙත ගියා.ඒ එක්කම වගේ කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසුනා.
" සුභ සැන්දෑවක් ඇලී ඉන්නවද ඇමෙන්ඩා " අසල්වාසී නිවසේ බිලී ඇරිච්ච දොර ඉදිරිපස සිටගත්තා.
" ඇලී මෙන්න ඔයාගෙ යාළුව ඇවිත් " ඇමෙන්ඩා , බිලී අත තිබුනු
කුඩා කාඩ් කැබැල්ල දෙස බැලුවා.
" ඔය මොකද්ද බිලී "
" ආ මෙි පොඩි කම්පිටිෂන් එකක් "
බිලී සමඟ ඇලී කුමක්ද කතා කරන්නේ කියා ඇය විමසිල්ලෙන් සිටියත් බිලී හෙමින් කතා කරන හඬ විදුලි පංකාවෙි හඩින් වැසී ගියා.සුළු වෙිලාවකින් ඔහු පිටත්වුනා.
" මොකටද බිලී ආවෙ .අද විශේෂ දවසක්ද "
" ඇමෙන්ඩා කුතුහලෙන් වගේ " ඇය තමන්ගෙ කතාවට මුල පිරුවා.
*******************
නගරයේ සිටින රූමත් ම තරුණිය තෝරන තරගය ගැන බිලී පැවසීම ගැන ⁣එයට සාභාගිවන්න ගිය ඇලීත් ඇමෙන්ඩාත් යටි සිතින් ස්තුති කරමින් සිටියෙ.
" ඊලගට ඔයාගෙ අවස්ථාව නේද "
" හම්. අපි බලමු දෙන්නටම යන්න පුළුවන් වුනොත් හොදයි ඇතුලට " ඇලී ගේ කතාවට ඇමෙන්ඩා යටි හිතෙන් අසංතෝෂ වුනා.
ටික වෙිලාවකින් ඇය එතැනින් එලියට ආවෙි දුක්මුසුව. ඇමෙන්ඩා ඇයව අස්වසවමින් තමන්ගෙ අවස්ථාවට ගියා.
දින කිහිපයක් ගතවුනා. ඇමෙන්ඩා තම වෘත්තිය පවා කැපකරමින් තරගයට මහන්සි වුනා. ඇය තරමක් කෑමට ඇබ්බැහි කෙනෙක්.
" අයියෝ, ඔයා ඔය විදියට කෑම ගන්න එපා ඇමෙන්ඩා .තරගයෙන් ඔබව ඉවත් කරයි " දිනක් රැකියාවට ගොස් පැමිණෙන විට ඇමෙන්ඩා හිටියෙ කෑම අධිකව ගත් තැනැත්තියක් ලෙස සාලයට වී චිත්‍රපටියක් නරඔමින්.
" මම හිතන්නෙ ඒ තරගෙ මං තරම් වෘත්තියෙන් ජනප්‍රිය කෙනෙක් නෑ.දැන් මම දිනුව වගේ "
" ඒ වුනාට ඇමෙන්ඩා "
" ෂ්හ් ..විකාර නැතිව මෙික නරඔන්න එන්න " ඇය තමන් ගැන අධික තක්සේරුවකින් සිටියා.
********************
තරගය පැවැත්වුනු දිනයේ ඇමෙන්ඩා අලංකාරව සැරසී සිටියා.ඇයගේ ප්‍රතිවාදී තරුණියගේ ඇදයන් බලමිනුයි ඇමෙන්ඩා නම් වෙිදිකාවෙිදී පවා හැසිරෙන්නට වූයේ.එකවරම විනිශ්ව මණ්ඩලයේ තීරණය දුන්නා.
" මොනවා ඒක වෙන්වෙ කෝමද.ඇය මා තරම් උගත්ද " තමන්ගෙ නම වෙනුවට ප්‍රතිවාදී තැනැත්තියගේ නම කියූ නිසා ඇමෙන්ඩා විනිසුරු ට පහර දෙන්න ගියා.ඒත් එතැන සිටි ආරක්ෂක නිලධාරීන් ඇයව අල්ලා ශාලාවෙන් පිටතට ගෙන ගියා.
' ඇමෙන්ඩා " තම මිතුරිය දුකෙන් ශාලාව ඉදිරිපිට අඬමින් සිටි නු අසලට ආ ඇලී අස්වසන්නට වූවා.
" මට ඒ දුක තේරෙනව "
" මට සමාවෙන්න ඇලී. මම ඔයාට ත් වරදක් කලා "
ඇය අඩමින් පාපෝච්චාරණය කලා.තරගයේ පලවැනි දින ඇය ඉදිරිපත් කිරීමට යනවිට ඇගේ ඇදුමෙහි පසුපස බෝ එකේ ගැටය ගලවා ලකුණු නැති කලේ තමන් බව ඇය පැවසුවා.
"මං ඒක දැනගෙන හිටියා.නමුත් මගෙ යාළුකම හින්දා මම ඒක ඔයාගෙන් ඇහුවෙ නෑ. දැන් අපි යමු ගෙදර "
ඔබ කිසිවෙකුගේ දියුණුවෙි ගමන් මාර්ගය හරස් කරන්නේ නම් එහි ප්‍රතිවිපාක ඔබ ලැබූ විට ඔබට මුලින්ම මතක්වන්නේ ඒ ඔබ විසින් බාධා එල්ල කල තැනැත්තාවය.කිසිවක් ගැන අධිතක්සේරුවෙන් නොසිතන්න.එයද පාරවළල්ලක් වනු ඇත.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න )