Saturday, October 19, 2024
Follow Us
රැකියාව

එක්තරා කාර්යාල සේවකයෙකු තමන්ගේ රැකියාව හරියට කරගෙන ගියා.ඔහු කෙතරම් අපූරුවට එය කරගෙන ගියාද කියනවනම් තමන් කිසිම විටෙක අඩුපාඩු නොහන තැනකට වැඩකලා.


" ජස්න්ටන්,තමුසෙ හරි පුදුමයි අයිසෙ.මෙච්චර හැමෝටම බනින බොසා තමුන් ඉස්සරහ සැලෙන්ඩර්නෙ" ඒත් තම සගයන් එසේ පැවසුවත් ඔහු ඒ ගැන ඔළුවට ගත්තෙ නෑ.
තේ හදන එකේ සිට කාර්යාලය පිරිසිදු කිරීම ඒ වගේම අමුත්තන් ආවහම එයාලට සංග්‍රහ කිරීම ආදිය සියල්ල ජස්න්ටන් ගෙ වැඩ.
මෙි කාර්යාලයේම හිටිය ටිකක් දැගලිලිකාර තැනැත්තියක් රොමින්ටා කියල.ඇය නිරන්තරයෙන්ම ජස්න්ටන් ගෙ අඩුපාඩු දැක්කා.
" මම කිව්වෙ දහය වෙත්දි තේ එක ගේන්න දැන් බලන්න එකොලහයි " ඇය ඔහුට බැන වැදුනෙ මීටින් එකකදි හැමෝම ඉන්න තැනක.
" මට සමාවෙන්න මැඩම් " ඔහු දුක්මුසු ස්වරූපයකින් කිව්වා.
තවත් දවසක රොමින්ටා ,තමන්ගෙ ඔෆිස් කාමරේට එත්දිම ලිස්සල වැටුනා.ඇය අසලම එය පිරිසිදු කරමින් සිටි ජස්න්ටන් තමයි ⁣එවරත් ⁣චෝදනා කලේ.
" ඔහේ හරියට කාපට් එක එලල තිබුනනම් මං වැටෙන්නෙ නෑ.මම ඔහේ ගැන බොස්ට කම්ප්ලේන් කරනවා " ඇය තරහින් ආයතනයේ ප්‍රධානියාගෙ කාමරයට ගියා.
" සර් අර ජස්න්ටන් හින්දා හරිම කරදරයි අද මම කාපට් එකේ ලිස්සලත් වැටුනා"
"හොදයි රොමින්ටා ,මම ඔහුට කතාකරන්නම් " ප්‍රධානියා කිව්වා.ටික වෙලාවකින් ජස්න්ටන් ට බොස් කතා කලා.
තමන්ගේ බිරිදට ජස්න්ටන් සිද්ධ වෙච්ච දේ කිව්වා.ඇයත් කලබල වුනා.මෙතරම් හොදට වැඩ කරන තමන්ගෙ සැමියට රස්සාව නැතිවෙයිද කියල.රොමින්ටා ගෙදර ගිය වෙලේ උළුක්කුව දැකල අම්ම ඒ ගැන ඇහුව.
" අර ඔෆිස් එකේ පිස්සු ජස්න්ටන් ගෙ වැඩනෙ.මාව කාපට් එකේ ලිස්සුව"
" මොකක්...ඒක නෙවෙි ඔයා ඔයාගෙ සපත්තුව හාදගත්තද " අම්මා ඒම අහපු වෙලේ කමයි ඇයට යමක් මතක්වුනෙ.
දවසක් සෙනසුරාදා .එදා රොමින්ටා ට අමතර වැඩ කරන්න වුන.⁣ඔෆිස් එකේ කවුරුත් උදව් කලේ නෑ.බොස් එයාගෙන් ඉල්ලල තිබුනා ඡායා පිටපත් ලිපි ගණනාවක්.ඇය වැඩකරන තැනට තේ එක අරන් ආපු ජස්න්ටන් ඒ දිහා බැලුව.
" මගෙ ඔළුව ගිනි අරන්,සදුදා වෙත්දි පිටපත් හාරදාහක් දෙන්න ඔිනා " ඇය දුක්මුසුව හිටිය.එවර ඔහු කිසිවක් කතා නොකර යන්න ගියා.ඇය අවසානයේ තමන්ගෙ වැඩෙි කරගත නොහැකිව රාත්‍රියෙ ගෙදර ගියා.
පහුවදා උදේ ඇය බයෙන් බයේ ඔෆිස් ගියා.ඇය පිටපත් ටික ප්‍රධානියාගෙ කාමරේට අරගෙන ගියා .ඇය කලබලවෙල හිටියෙ හරිම ගාන නොතිබ්බොත් බැනුම් අහන්න වෙිවි කියල.
" රොමින්ටා ඔබ ගැන සතුටක් " එදා ඇයට ගොඩක් සතුටු හිතුනා.
දවල් මොහොතක ජස්න්ටන් ආපු වෙලේ ඔහුගේ ඇගිල්ලක් තුවාල වෙල වෙලල තියෙනව ඇය දැක්කා.ඒ වගේම ඡායා පිටපත් යන්ත්‍රය අසලත් ලේ පැල්ලම් දෙකක් ඇය දැක්කා.ඇය සිදුවීම තේරුම් ගත්තා.මෙතෙක් තමන් ජස්න්ටන් හට සලකපු විදිහ ගැන ඔහුගෙන් සමාව ගත්තා.
" ඔබ තමයි මගෙ රැකියාව බෙිරා දුන්නෙ" ජස්න්ටන් නිහතමානීව හිනාවෙල තේ එක තියල කාමරෙන් පිටවෙල ගියා.
අපි නොහිතන මොහොතක අපි අගය නොකරන හෝ හෙලා දකින මිනිස්සු අපගේ සාර්ථකත්වයට හෝ අසීරු අවස්ථා වලදී උදව්කරන්න පුළුවන්.රොමින්ටා කෙතරම් චෝදනා කලත් අවසානයේ කාර්යාල සේවක ජස්න්ටන් ඇයට උදව් කලා පිටපත් ගණන සම්පූර්ණ කරන්න.
නදීෂ නිර්මාණ හේරත් (ස්වතන්ත්‍ර නිර්මාණයකි) කතෘ අයිති සුරකින්න.