Saturday, October 19, 2024
Follow Us
ගැහැණු බව

හිතවත් මිතුරු මිතුරියන්ට මෙත් සිතිනි...


"ගැහැණු ළමයෙකු ලැබේ නම් මුසාබස් පවසමි" යන post බුකිය පුරා බැවින් ලියමි..
කර්ම විෂයය අචිනත්‍යයි...
එය සර්ව සම්පූර්ණව දැකිය හැක්කේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි?
එබැවින් මේ නියතිය නිසාම " ගැහුණු ළමයින් " උපදිනා බව අප දන්නේ නැත...
අපට පෙනෙන ටික මෙසේ කියමි.….
?" ගැහැණු බව " යන ජීව විද්‍යාත්මකව තත්ත්වය බැලූ කල "ඔසප් වීම්,දරු ප්‍රසූතිය "වැනි ගැහැණුන්ට පමණක් වූ අසීමිත වේදනාවන්ය..
?පීතෘ මූලික ( පිරිමියා මූලික කරගත්) සමාජයෙන් දෙන දෙවනි උපත නම් "ගැහැණු කම" ඇතුළේ කායික,මානසික,ආර්ථික,වාචික,නිර්වාචික ලෙස වන හිංසනයන්ය..
?කෙනෙකු වසලයෙකු වන්නේ ක්‍රියාවෙනි..
එනිසා "පංචසීලය" නම් ගිහියාට දෙලොවට වැඩ පිණිස දේශනා කර උතුම් කරුණු හෑල්ලුවට ලක් කිරීම හිස්ය..
අපේ දරුවන් අප තැනිය යුත්තේ "ගැහැණු කම" "පිරිමිකම" නොසලකා මෙත් සිතින් උදව් කරනා උණු වෙන හදවත් ඇත්තන් ලෙසය..ඔබට සිටින්නේ පිරිමි දරුවෙකු නම් ගැහැණියකට "ගැහැණුකමට" එහා ගිය දැක්මකින් ගෞරවනීය වෙන්න කියා දෙන්න..
එවිට ගැහැණුන්ගේ කරුම අඩක් හෝ නිම වේවි!
එය දෙලොවටම වැඩදායීය..
ඔබෙත් මගේත් දරුවා "මගේ" යැයි තුරළු කරගත්තත් කෙදිනක හෝ ඔවුන් පැමිණෙන්නේ අපේ මරණ මංචකයට පස් පිඩක් හෙලීමට පමණි...
ඉන් පසු අ⁣ප ගණුදෙණුව ඇත්තේ කරගත් කුසල්,අකුසල් මතයි..?
එතනදී අපට කිසිවෙකු නැත...
එනිසා තමන්ද ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රඥාවන්ත වී දරුවාටද සුගතියට මග පෙන්වන්න.. ?
"බුදු හිමි,සමා වෙන්න,මා තව බොරු කියමි..ගැහැණු දරුවන් ලැබෙනවා නම්" මෙවැනි වදන් වලින් අපට රැස්වන්නේ අකුසල කර්මයන් පමණි... ( නොදැන කියවෙන බුදු ගණන්,බුදු අම්මෝ, වැනි වචන වුව හිතාමතා පාලනය කරගන්නේ නමි වටී..)
බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ වුවද බුදුරජාණන් වහන්සේ නමක් සමග කිසිවක් සැසඳිය නොහැක?
එහෙයින් ප්‍රඥාවන්තව දාන,සීල,භාවනා වලින් ආඩ්‍ය වී පංචසීලය රකින්නේ නම් මැනවි..
තෙරුවන් සරණයි?