Saturday, October 19, 2024
Follow Us
Peru

මම අහසින් වැටෙන වර්ෂාවට ඇ‌ලුම් කරමි. ඇ‌ය වර්ෂාව අප්‍රිය කරනවා. ඉස්සරම මම කො‌න්ඩේ කැපුවේ Peru රටේ කාන්තවගෙන්. අපි දෙන්නා ඉපදුනේ ලො‌කේ කෙලවරවල් දෙකක. කො‌න්ඩේ කපන ගමන් මම Peru රටේ විස්තර අහනව. Peru කියන්නෙ සිරිලංකාව වගේම මහ කාලකන්නි අත්දැකිම් ලබපු රටක්. අනෙක් අතින් සිරිලංකාව වැනිම දීර්ඝ අතිත ශිෂ්ඨාචාරයක් හිමි රටක්.


කුඩා කාලේ දවසක් අම්මා ඇ‌යව වට්ටියක් යට සගවනවා. මව සහ ඇ‌යගේ වැඩිමහල් සහෝ‌දරියන්ව දුෂණය කරල මරාදානවා. එකම සහෝ‌දරයාගේ අතපය කඩුවකන් කපාදානවා. ඔහුත් කුස්සියේ බිම මතම මියයනව. තමයි ලෝකේ කො‌හෙත් මිලටරි අතට බලය ආ‌වම සිදුවන විදිහ. බඩගින්නට ඇ‌ය තනිව ඉබාගාතේ යන බල්ලෙක් වගේ එහෙමෙහෙ ඇ‌විදිනවා. වර්ෂාව නවතින්නෙ නැති වර්ෂාව. අඩි 3 ක්වත් ඉස්සරට පේනේනේ නැති දැඩි වර්ෂාව. ඇ‌ය වර්ෂාවට අදත් අප්‍රිය කරයි. ඇ‌ස් ඇ‌රගන්න බැරි මහ වර්ෂාවේ ඇ‌ය ඉබාගාතේ යද්දි කඩුවක් අතින් ගත් මිනිසෙකුගේ ඇ‌ගේ හැප්පිලා තියෙනවා. කුඩාකල මේ මිනිසාගේ ඇ‌ගේ හැප්පිම නිසා ඇ‌ය තුල ඇ‌තිවු භීතිය නිසා තවමත් ඇ‌ය රැ සිහිනෙන් බයවෙනවා.
මේ මිනිසා ඇ‌යව හරක් මඩුවකට රැගෙන යනවා. ඇ‌ය මෙන් තව කුඩා දරැවන් කිහිප දෙනෙකු ඒ‌ මඩුවේ ඉන්නවා. බඩගින්නට කුකුල් කැම කන්න දෙනවා. දවස් 3 ක් කුකුල් කැමයි වැහි වතුරයි. වැස්ස පායපවහම කැම බෙදන කුස්සියකට මේ ලමයින්ව රැගෙන යනවා
ඇ‌ය මට ඇ‌යගේ නිවසේ නිතර පවත්වන උත්සව සාද වලට ආ‌රාධනා කරනවා. Peru රටේ අය විතරයි එකම පිටරැටියා මම. මම කේක් එක දෙස වුනත් බලන්නෙ හරිම සැකෙන්. Peru රටේ අය දැවිල්ල / මිරිස් කන කැමට සිරිලංකාවේ කො‌ච්චි මො‌න ලබ්බක්ද කියල හිතෙනවා. කාලා බිලා කැලිප්සෝ‌ ගිටාර රබන් අරගෙන ගයමින් වයමින් ගැහැණු පිරිමි නටන්න පටන් ගන්නවා. මේක තමයි උච්ඡතම අවස්ථාව. සාදයන් සංවිධානය කරන්නෙත් කන්නෙත් බො‌න්නෙත් නටන්න බලාගෙන. මේ අය සියල්ලන්ම අර විදිහේ අත්දැකම් ලැබ අද Italy රටේ ජිවත්වන අය.
ඇ‌ය පිගන් සෝ‌දද්දි මම ඇ‌ය ලගට ගො‌ස් ඇ‌හුවා -
Wilma කො‌හො‌මද ඔහො‌ම flamingo නටන්න ඉගෙනගත්තෙ?
ඉගෙන ගත්තෙ නැහැ. අපි පො‌ඩි කාලේ ඉදන් නටනව ජනා.
මා තුල දැඩි කෝ‌පයක් ඇ‌තිවිය. පො‌ඩිකාලේ කාලා බිලා DJ කරපු අපිටවත් නටන්න බැ මෙහෙම.
පො‌ඩි කාලේ නටනව තියා ඔයාලට කන්නවත් තිබ්බෙ නැනෙ.
මො‌කද කැවේ නැත්තෙ? අපි කැවා. cocina comunitaria වලින්.
cocina ? ඒ‌ මො‌නවද?
ඔයාට පුදුම කුතුහලයක් නේද තියෙන්නෙ?
cocina comunitaria හෙවත් community kitchen ගැන මා අසා තිබුනේ දකුණු ඇ‌මරිකාවේ විප්ලව අරගල ගැන කියවද්දිය. මම හිතාගෙන හිටියේ Gallface kithchen එක වගේ අරගල කරැවන්ගේ ආ‌හාර අවශ්‍යයතා ඉටුකල තැන් තමයි community kitchen යනුවෙන් හදුවන්නෙ කියලයි. නමුත් community kitchen යනු අහාර අවශ්‍යයතා පහුසුවෙන් ඉටුකරගත නො‌හැකි පො‌දු ජනතාව වෙනුවෙන් ආ‌හාර පිසු තැන්ය.
Discotheque එකක් ඇ‌තුලෙ cocktail බීලා වියරැවු පිස්සෙකු සේ නටනවාට වඩා වෙනස්ය flamingo dance එක. ඒ‌ක community dance එකක්. ටිකක් හො‌යල බලන්න ජාතිකසිංචන නඩයට සහ ඒ‌වා තමන්ගේ popularity එක වෙනුවෙන් වක්‍රාකාරව උඩදාපු එක තක්කඩියෙකුටවත් dance කරන්න බැහැ නේද? මො‌නවද ඔට්ටු මම කියන්නෙ බැහැ.
community dance එක කරන්න ethics run වෙන ශරිරයක් ඔනා. සිරිලංකාවෙ බො‌හො‌මයක් පිරිමි ethics ethics කිව්වට ethics කියන්නෙ මො‌නවද කියල දන්නෙ නැහැ. දැන් ඔහො‌ම කිව්වා කියල මට කෙලවරක් නැතුව වෛ‌ර කරල වැඩක් නැහැ. Kant ව පැත්තකට තියල ethics කියන්නෙ මො‌නවද කියල හො‌යල බලන එක ඔබගේ වැඩක්. ethics මානසික නැහැ ethics ශාරිරිකයි. community kitchen වලදි සමාජයේ විවිධ තරාතිරම් වල මිනිසුන් ගන්නෙ එකම කැම පිගානයි. ඔවුන් නටන්නෙ එකම භුමියක් මත. උස්පහත්කම් භේද වලින් තො‌රව ඇ‌යගේ අත ගිලිහෙද්දි ඔහුගේ සුරත ගන්නත් ඔහුගේ සුරත ගිලිහෙද්දි තවකෙකුගේ අතගෙන නැටිම දිගටම කරගෙන යන්න කුහක නැති මනසක් මෙන්ම ethics තියෙන ශරිරයක්ද අවශ්‍යයයි. community kitchen යනු රටක් අර්බුධ වලට මුහුනපැ අවස්ථාවල මිනිසුන්ට කන්න බො‌න්න උයල දුන්න කුස්සියක්ම විතරක් නො‌වේ එම මිනසුන් කරා යම් වැදගත් සමාජ පනිවුඩයක්ද යැවු ස්ථානයන්ය.
දකුණු ඇ‌මරිකාව පුරා ලතින් ඇ‌මරිකානු රටවල් වල community kitchen ඇ‌තැම් විට තවමත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. Lima නගරයේ ක්‍රියාත්මක වෙන community kitchen එක ඒ‌ වගේ එකක්. දකුණු ඇ‌මරිකාවේ විතරද community kitchen තියෙන්නෙ? ඇ‌යි යුරෝ‌පයේ. බලන්න Spain රටේ තියෙන community kitchen දිහා. පාන් හදන බේකරිත් තියෙනවා ඒ‌ කුස්සි වලට අනුබද්ධ කරලා. එතකො‌ට Italy ? Five Star කැම වේලවල් නො‌මිලේ මිනුසුන්ට දෙන community kitchen නේ Italy වල තියෙන්නෙ. ලතින් ඇ‌මරිකාවයි යුරෝ‌පයයි විතරද? නැහැ. බලන්න ඉන්දියාව. මම closely monitor කලා Corona වසංගතය වෙලේ කේරල ප්‍රාන්තයේ යලි ක්‍රියාත්මක වුන community kitchen දෙස. අර්බුධ පැමිණි සැම මො‌හො‌තකම මහාදාන ශාලා තමිල්නාඩුවෙත් කේරලයෙත් ක්‍රියාත්මක වි තිබෙන බව සංගම් කවි කියවන විට ඔබටත් වැටහිලා ඇ‌ති.
එතකො‌ට සිරිලංකාවේ තිබ්බෙ නැද්ද?
තිබ්බා. අඩි 30 ක් පමණ දිග අඩි 5 ක් පමණ පලල ගලෙන් කෙරැවු බත් ඔරැවක් දෙස බලාගෙන මා කල්පකරමින් ඉදල තියෙනවා. ඒ‌ ගල් ඔරැවට අඩි කිහිපයක් දුරින් ලො‌කු ළිදක් තියෙනවා. මම කල්පනා කලේ ඇ‌යි මේවා නගර ප්‍රාකාරයට පිටින් හමුවෙන්නෙ නැත්තෙ කියලයි. Peru Italy Spain India රටවල community kitchen හමුවන්නෙ සාමාන්‍යය මිනිසුන් වාසය කරන ගම්වල . අනුරාධපුරයේ මහාපාලී දානශාලාවට ආ‌හාර පිණිස ආ‌ භික්ෂුන්ට බත් දුන්න බත් ඔරැව තමයි මේ.
වැල්ඩින් කරන ස්ථානයකින් පො‌ඩි මො‌ටෝ‌ බයිසිකල් ගරාජ් එකකින් එහෙම නැත්නම් පො‌ල් ලි පරාල ඉරන මඩුවකින් එහෙමත් නැත්නම් අත්ට්‍රැක්ටරයකින් ජිවත්වන කො‌ල්ලො‌ ඉන්නව අපේ ගම්වල. ඔවුන් කියන්නෙ නැ. හාරලම ඇ‌හුවහම කියනව.
" අය්යෙ උදේට නම් කනවා. දවලුයි රැයි වේල් දෙකම අල්ලලා හැන්දැවේ හතට විතර කනවා. එක වේලක් මගහරිනවා කියන්නෙ ලො‌කු ඉතිරියක්. රැ. 5000 කො‌ලේ මාරැ කරල බඩු ගත්තහම බැග් එක ඇ‌තුලු ඇ‌ති දෙයක් නැ අය්යෙ. පො‌ඩි උන්ට කන්න දෙන එක තමයි හිතට තියෙන ලො‌කුම අවුල. අම්මා එයාට දැන් සනිපයි කයල බො‌රැ කියනවා. අම්මාට දෙන්න කිරිනම් නැ අය්යෙ wife ට කිරි එරැනො‌ත් මිසක්. මේ කැම ටිකයි බහෙත් ටිකයි වදයකින් නැතුව තියෙනවනම් අපිට මහන්සිවෙලා මො‌කක්හරි ගේමක් ගහගන්න පුලුවන් අය්යෙ "
JVP එකේ රතු තරැවට බැරිද community kitchen ටිකක් රටේ තැන් තැන් වල අරින්න? පෙරටුගාමි අයට පුලුවන්නෙ ඒ‌කට උදව් කරන්න.
අන්තරේ කො‌ල්ලන්නට පුලුවන්නෙ ඒ‌ තැන්වලට ගො‌ස් පණිවුඩය ගම්දනව් කරා යවන්න.
නේද?
එහෙම පටන්ගත්තො‌ත් ගම්වල ඉන්න දො‌ස්තරලා ඇ‌විත් නිකම් ලෙඩ්ඩුන්ව පරික්ෂා කරයි ඔයතැන් වලට ඇ‌විත්. ඔය වගේ වැඩක් ක්‍රියාත්මක වෙනවනම් පිටරට වල ඉන්න අයට පුලුවන් අවශ්‍යය ‌ඖෂධ ඒ‌ රටවල තියෙන සමාජ ආ‌යතන වලට කතාකරල ලංකාවට එවන්න. මාව විශ්වාස කරන්න ගිනිකන්ද පුපුරාගො‌ස් ඇ‌ති බැවින් ඉදිරිය භයානක වෙනවා. මේ ආ‌ර්ථික අර්බුධය පැමිණෙන බවත් මා වසර 4 ක සිට කිවනෙ. හැමදාම අමාරැවෙන් ජිවත්වෙන සමාජයේ පහලම ස්ථරය නැතිකර දැමිමයි ( population cleansing ) තක්කඩි දේශපාලන නාකින්ගේ අරමුණ. එහෙම වුනහම තමයි Mc Donald's හරියට වැඩකරන්න ගන්නෙ. WB / IMF දෙකම දන්නෙ එකම බණ පදයයි. austerity ! austerity ! austerity ! ජාතිකසිංචනය බල්ලට දාලා දැන් අනික් පැත්තට හැරිලා රේණුකාට කෙලින මුග්ධ මහාචාර්ය පිරිමි ඉන්න රටක සුදු ඇ‌දගෙන WB / IMF බණ අසන මෝ‌ඩ නාකි දේශපාලකයන් සිටිම අප අරැමයක් කරගයුතු නැහැ. ප්‍රශ්ණය මේකයි- මේ අමන රැලගේ ගො‌ං කම් නිසා අමන රැල විනාශවන්නේ නැහැ. කුඩැල්ලො‌ වගේ මො‌වුන් හැම අර්බුධයකින්ම නඩත්තු වෙනවා. අප අවට සිටින හැමදාම අමාරැවෙන් ජිවත්වුන මිනුසුන් විනාශවි යාමට ඉඩදි අපට බලාසිටිය හැකිද ? ඔබ හිතට එකගව දන්නවා මේ ආ‌ර්ථික අර්බුධය නිසා බො‌හෝ‌ම අමාරැවෙන් ජිවිතය ජිවත්කරවගන්නා සමාජස්ථරයක් සිටින බව. හිතට එකගව ඔබට බලාසිටිය හැකිද එම මිනිසුන් පො‌ඩ්ඩ පො‌ඩ්ඩ විනාශවෙලා යන විදිහ?
එක අතකට මේක අවස්තාවක් නෙමෙයිද Tab තුලයි Phone තුලයි TV තුලයි හිරවුනු මිනිස් ජිවිත යලි මහපො‌ලො‌වට කැදවන්න. මුහුණට මුහුණ හමුනො‌වි සිදුවන මිනිස් සබධතා නිසා විකාර විපරිත ලෝ‌කවල ජිවිත ගතකරන තරැණයන්ටත් තරැණියන්ටත් මේක අවස්තාවක් නො‌වේද එකට එකතුවි " වැඩක් " කරන්න. වැඩ තුල දේශපාලන අරමුණු ඉටුවනවා ඇ‌ත. ඉතින් මෙවැනි සමයක මහාපාලි නගර ප්‍රාකාරයෙන් පිටතට ගෙන ගමට අරන්යා යුතු නැද්ද?