Saturday, October 19, 2024
Follow Us
චමිලා

" ඇති චමිලා ඔයාට බැරි නම් කියන්න මම මෙිකට වෙන කෙනෙක් ගන්නම් " ඔිපාතගේ මුව ඇරෙන්නට වූයේ එක අතකට සිගරට්ටුව ගමන් කරත්දීය.ඇය දැන් හෝරා එකහමාරක් පමණ යනතුරු වෙිදිකාව මත රගයි.
"මිස්ටර් ඔිපාත මෙි පාර ඔයාට ඔිනැ විදියටම වෙයි " ඇගේ කට ඉස්සර වීමට පෙර මහානාම ඉදිරියට පනියි.සැමියන්ගේ හැටි ඔහොමමය.ඒ නිසාම බිරියන්ට වන අඩුපාඩු රැසකි.


" හරි ෆයිනල් එකකට යං " හෙතෙම නැවත ප්‍රේක්ෂකාගාරයේ මැද අසුනක බරවෙයි.ශරීරයේ බර නිසා අසුන කිරි කිරිස් හඩ නැගෙයි.සංගීත රාවය මධ්‍යයේ චමිලා තාලෙට පාද තියයි.ඒ දෙස බලා සිටින්නේ අෑත ඉහල මාලය තුල සිටි තරුණියකි.ඔි දුරකථනයෙන් කිසිවෙකුට කතාකරනු පෙනෙයි.
" විගුප්,ගෑනි මෙි පාර නම් වැඩෙි අල්ලගනීවගෙයි " ඇයකොදුරන්නේ හීන් හඩිනි.
" ඔි කමෝන් ශානි,ඔයාගේ කන්ටැක්ට් එක නැතිවෙන්නෙ නෑ බයවෙන්න එපා ලමයෝ.මම සේරම ලෑස්ති කරල තියෙන්නෙ " විගුප් තම මෙිසය මත වූ වීදුරු බෝලය කරකරවයි.
බෝලයක් පහලට වැටුනු විගස එය අල්ලාගන්නා රසික තම මවත් පියාත් එනු දැක එදෙසට දුවයි.චමිලාගේ අතේ වූයේ් එලවළු මල්ලකි.වෙිලාව හත පසුව ඇත.මහානාම යතුරුපැදිය ගරාජය වෙත ගෙනයයි.
" අම්මිට මහන්සියි පුතේ,ටිකක් නිදාගන්න දෙන්න " මහානාම පුතුට පැවසුවෙි එදෙස බලමිනි.රසික එයට අවනතව නිවස තුලටයයි.ඔහු සාලය ම වූ කේබල් තිරය පණගන්වයි.එහි පිරිසක් නර්තනය යෙදෙනු බලන්නට පටන් ගනී.
" රසික ඔය කෙහෙම්මල නවත්තල දානවද " එවර කොණ්ඩය කඩාගත් චමිලා සාලය තුලට පැමිණ පුතුට තරවටු කලාය.ඔහු ඉන් බියෙන් මෑත්වෙයි.මහානාම එතැනට පැමිණෙන අතර ඇය හිසට අත තබාගෙන ඩිවානය මතට වැටුනාය.
***********************************
කණ්නාඩි මෙිසය ලග කනප්පුවෙහි වාඩිවී හිස පීරමින් සිටින චමිලා ඒ මත වූ බැංකු හිඟ ණය ගෙවීමෙි ලියුම අතට ගනියි.
" මහානාම කවදද අපි මෙිකෙන් නිදහස් වන්නෙ " ඇය කම්පාවෙන් හැසිරෙයි.
" ඉක්මනින්ම " ඇයට සිතෙන්නේ මහානාමට ගානක් නැතුවාක් මෙන්ය.ඇය ඔහුගේ නිරුවත් පපුවෙි ලෝම තුලට තම අත් යවයි.
" චමිලා ඔයා මෙික අතහැරගත්තොත් අපිට ලයිෆ් එක අමාරු වෙනව " ඔහු කියනා දේ ඇත්තකි.මෙම කොන්සට් එක පහු වුන හොත් ඇයටත් ඔහුටත් ජීවිතය අපහසුය.ඇය එය හොදින්ම දනී.
" කෝ පුතා "
" මං හිතන්නෙ නිදි "
****************************
තරමක් මධුවිත පානය කරමින් සිටි ඔිපාතගේ ජංගම දුරකථන නාදවෙයි.ඔහු එයට පිළිතුරු දෙයි.
" සැර වෙලාවක නේද ඔිපාත මහත්තයා . චමිලා ගැන මට ඔහෙට දෙයක් කියන්න තියෙනව .ඒකී......"
ඔිපාතගේ හිනා හඬ කාමරය පුරා පැතිරයයි.
උත්සවය දින දා පාන්දරම චමිලා නිවසෙන් පිටව යන අතර මහානාම තම පුතාගේ වැඩකට පාසැලට යාමට සිදුවෙයි.එහෙත් ඔහු හා පුතා ඉක්මනින් නෘත්‍ය හලට එන බව පවසා ඔහු ද යයි.දහවල් පැයේදී නිවාඩු ලබාගන්නා මහානාම දැක ඔහුගේ කාර්යාල මිතුරා ජයරත්න ,
" කවදාවත් නැතිව ඔහේ කලින්ම යනවා "
" වෙනසක් කලාම හොදයි කියල හිතුනා ජයේ.ගිහින් එන්නම් " කලාතුරකින් හතරේ කනිසමට පනින අය අතරට එක්වීමත් අලුත් අත්දැකීමකි.එහෙත් ජයරත්නලානම් කරන්නේ අනුන්ගේ කුණු සෙවීමය.ඔහු තම පුතුවද පාසැලෙන් ගෙන නෘත්‍ය ශාලාව වෙත වෙිගයෙන් අඩි තබන්නේ ප්‍රසංගයහි ආරම්භ වී පැයකටත් පසුය.
"ටිකට් " ආරක්ෂකයෙකු අසයි.
"මගෙ නෝනා චමිලා දන්තරාවන ෂෝ එකේ නටනව " ආරක්ෂකයන් උපහාසයෙන් සිනාවෙයි.
"දැන් එයාට නටන්න වෙන්නෙ පොලිස් කූඩුවෙ " එවර මහානාමත් කුඩා රසිකත් මුහුනෙන් මුහුණ බලා ගනී.
" ඇයි එයාට කරදරයක්ද " එවර ආරක්ෂකයන් ඔවුන්ව බිම්මහගේ කාමරයක් තුලට ගෙනයයි.එය තුල හිස මෙිසය මත ගසාගෙන සිටින චමිලා තවමත් අද සිටින්නේ නැටුම් ඇදුමය.එහි ඉදිරිපස ලේ පැල්ලම් කිහිපයකි.
" මොකද වුනේ චමිලා " ඇය හඬන්නට වූවාය.
" අර ඔිපාතයා මං උගෙ පිරිමිකම නැතිකලා " මහානාම ඇයව වැළදගනී.එවර රසිකද ඔවුනට තුරුළු වෙයි.
" ඒත් මෙච්චර දෙයක් වෙන්න " ඔහු වෙිගයෙන් බිරිදගෙ මුහුණ ඉදිරියට හුස්ම පිටකරයි.
" මම ඩෙසින් කාමරයෙ ඉත්දි මිනිහ මගෙ ඉස්සරහට.මහානාම ඌ මට කැත යෝජනාවක් කලා.ඔයා...ඔයා කැමතිද මම එහෙම වුනානම් " ඇය ඉකිගසයි.මහානාම අනෙක් පැත්තට හැරෙයි.ඔහු තම කලිසම තුල වූ බැංකු ණය ගෙවීමෙි ලිපිය තිබෙිදැයි බරට අත ගා බලයි.
නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර නිර්මාණයකි ( කතෘ අයිතිය සුරකින්න)