Saturday, October 19, 2024
Follow Us
Pads

මගේ බිරිද ගැහැනු කෙනෙක් ? ඒ නිසා මට මේක කියන්න අයිතියක් තියෙනවා.


මම දන්නෑ ඇයි මොන දෙවියද ගැහැනුන්ව මැව්වේ කියලා, එහෙම මැව්ව එකෙක් ඉන්නවනම් මම ඒ දෙයියගෙන් අහනවා ඇයි මේ තරම් රුධිරය පිටකරන විදියට ගැහැනුන්ව මැව්වේ කියලා... මම හිතන්නේ පිරිමියෙක් විදියට මට ඒක අහන්නත් අයිතියක් තියෙනවා, ඔබටත් අයිතියක් ඇති.
අපි හැමෝම මවකගේ ශරීරයෙන් එලියට ආපු අය නිසා මේ ප්‍රශ්ණය අපි ඒ දෙවියන්ගෙන් අහන්නම ඕන. මොකද ඒක සාධාරණ නැහැ.
ගැහැනියෙක්ට මේ තරම් වේදනාවකුත් දීලා, පිරිමියාට ආතල් දෙන්නයි, දරුවෝ හදන්නයි, මේ තරම් ලේ පිට කරන්නයි ගැහැනුන්ව මවන්න දෙයියන්ට තියා මොකාටවත් අයිතියක් නැහැ.
මේ කතාව කියන්න හිතුවේ ඊයේ සනීපාරක්ෂක තුවා වල ගාස්තුව වැඩි වීම නිසා දාලා තිබුන පෝස්ට් වල දැකපු කොමෙන්ට්ස් නිසා. ඒකට කොමෙන්ට්ස් දාපු එවුන් බහුතරයකට කියන්න තියෙන්නේ "උබලනම් මිනිස්සු වෙන්න බැහැ මචන්, උබලා එක්කෝ අමු ගොබ්බයෝ සෙට් එකක්, එහෙම නැත්නම් කවදාවත් ගැහැනියෙක්ගේ වේදනාවක් ඇස් දෙකෙන්වත් දැකපු නැති අවජාතකයෝ ටිකක්"
මම දැක්කා එකෙක් දාලා තියෙනවා ඉස්සර ගැහැනු සනීපාරක්ෂක තුවා ඇන්දේ නැහැ කියලා. ? -
ඒකට තමයි ගොනෝ මිනිස්සු දියුනු වෙනවා කියන්නේ, මිනිස්සු පහසු දේවල් හොයා ගන්නවා, උබලා ඉස්සර බරකරත්තේ ගිහින් දැන් කාර් එකේ යන්නේ අන්න ඒ වගේ. ? ඉස්සර රෙදි පටි බැදගෙන හිටිය ගැහැනුත් දැන් සනීපරක්ෂක තුවා අදින්නේ ඉලව්වකට නෙමෙයි, ඒවා රෙදිපටි වලට වැඩිය පහසු නිසා, උරා ගැනීමේ ශක්තිය වැඩි නිසා, ආරක්ෂිත නිසා, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න සුරක්ෂිත කරලා තියෙන නිසා.
ඒ අස්සේ තවත් එකෙක් අහලා තිබ්බා දවස් දෙක තුනක් ඕක එල්ලගෙන ඉන්න එක අමාරුද කියලා -
අමාරුද නැද්ද කියලා උබලටම බලන්න ක්‍රමයක් තියෙනවා. ස්පොන්ච් එකකට වතුර පුරෝලා උබලගේ ඇට දෙක ලගට කරලා එල්ලගෙන හිදපල්ලා. උබලටම ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. වෙන කියන්න දෙයක් නැහැ ?
මෙහෙමයි අපිට මේ ගැන කතා කරනවනම් ඔය පෝස්ට් එකට කොමෙන්ට් දාපු අමු ගොබ්බ පිරිමි ජාතියට ඇති තරම් බනින්න පුළුවන්. එහෙත් වෙන්න ඕන ඒක නෙමෙයි. අපිත් මේ ගැන කතා කරන්න ඕන..
මමත් බැදපු පිරිමියෙක් නිසා මම දන්නවා, මගේ වයිෆ්ටත් මාසෙට දවස් කිහිපයක් ඔසප් වෙනවා. ඒ කාලේ ඇතුලත එයා විදින දුක මම දන්නවා. උබලා ඔය කියන රෙදි පටි නෙමෙයි සනීපාරක්ෂක තුවා ඇන්දත් ගැහැනියෙක්ට එහෙත් ලේසී නැහැ. සමහර සනීපාරක්ෂක තුවා වලට සම සීරේනවා, ඇවිදිද්දි අමාරුයි, සමහර ඒවා කසනවා, එලියට ගියහම ආයේ ගෙදරට ඇවිත් ඒක මාරු කරනකන් පිස්සු වගේ, ඒ අස්සේ මුල් දවස් කිහිපයේ ලේ පිටවෙනවා වැඩියි, ඒ වෙලාවට සනීපාරක්ෂක තුවායක් ඇදගෙන හිටියත් ඒකත් වදයක්. ගැහැනුන්ට ඒකයි ඔසප් කාලෙට වැඩිපුර කේන්ති යන්නේ. ඒ කේන්තිය එන්නේ වේදනාව නිසා.
මම කාලයක්ම ජීවත් වුනේ හොස්ටල් එකේ, කොල්ලෝ කෙල්ලෝ එකට, ඔසප් දවස් වලට කෙල්ලෝ බඩට උනුවතුර පුරවපු බෑග් තියාගෙන ඉන්නවා, යටි බඩින් එන වේදනාව නැති කර ගන්න.
සිරාවටම - ඔසප් වීම කියන්නේ මොකක්ද කියලා උබලට වචන වලින් තේරුම් කරලා දීලා වැඩක් නැහැ. ඒක උබලටත් වුනොත් හැරෙන්න ගොඩක් පිරිමින්ට ඒක තේරෙන එකකුත් නැහැ
කොහොම හරි කියන්න ඕන වුනේ මෙච්චරයි. සනීපාරක්ෂක තුවා වල මිල අඩු විය යුතුයි. පුළුවන්නම් සනීපාරක්ෂක තුවා මුළු ගෑනූ සංහතියටම නොමිලේ බෙදලා දෙන ක්‍රමවේදයක් ආවොත් ඒකත් ලොකු දෙයක්. මොකද රුපියල් හාරසිය පනහට සනීපාරක්ෂක තුවා තියා රුපියල් සීයක් වැය කරලා එදා වේල කන්න බැරි පවුල් ලංකාවේ අනන්තවත් ඉන්නවා.
ගැහැනු විතරක් නෙමෙයි පිරිමි අපිත් මේවා ගැන කතා කරන්න ඕන. ලැජ්ජා වෙන්න ඕන නැහැ. ලැජ්ජා වෙන්න දේකුත් නැහැ.
අපි හැමෝම බිහිවුනේ ගැහැනු කෙනෙක්ගේ සිනහවකින්, ආදරයකින්, කරුණාවකින්, දරා ගැරීමකින්, ඒ සේරටමත් වඩා "රුධිරයෙන්". අපිව බිහිකරපු අපේ අම්මලා අපි වෙනුවෙන් කොයි තරම් රුධිරය හෙලන්න ඇත්ද? කතා කරමූ! එරෙහි වෙමු..
උපුටා ගත්තක්..