Saturday, October 19, 2024
Follow Us
හීන

එක්තරා මහාචාර්යවරියක් හීන පිලිබඳව ප⁣ර්යේෂණයක් කරන්න හිතුවෙ එයාගෙ අවසන් උපාධි නිබන්ධනය වෙනුවෙනුයි.ජෙසිකාට මෙි පර්යේෂණය කරන්න තමන්ගේ අසල්වැසි ⁣නිවෙස්වලින් කිහිපදෙනෙක් සොයාගන්න බැරි වුනේ නෑ.


" මෙි පර්යේෂණය ලෝක ඉතිහාසය වෙනස්කරන අවස්ථාවක්" ඇය තමන් හමුවට ආපු ඔවුනට කිව්වා.එයින් එක් අයෙකුගෙ නම බෙන්ඩා ඇය සමාජ ශාලාවක නර්තන ශිල්පිනියක්.ඇලන් බැංකුවක අලෙවි නියෝජිතවරයෙක්,තුන්වැන්නා සීසස් වැවිලිකරුවෙක් වගේම කීර්තියට පත්වීමෙි ආසාවෙන් පෙලෙනේනෙක්.නමුත් ඔහු මෙි වෙත්දි ව්‍යාපාර තුලින් බංකොලොත්වෙලා.
" පොපෙසර් නැටුමෙන්ම තිබුනු ජීවිතය ඇතුලෙ ඉන් එහාට මගෙ හීන ගැන මින් දැනගන්න පුළුවන් ද"
" හැකියි" මහාචාර්යවරිය කිව්වා.
" මා ටිකක් කලකිරීමෙන් ඉන්නෙ වෘත්තිය අලෙවි ඉලක්ක සපුරානොගත් අයෙක් ලෙස ගැරහුම් ලැබෙන ආයතන අධිකාරියෙන්"
එහෙම කිව්වෙ බැංකු නිලධාරියා.
ඒත් අර වැවිලිකරු නම් කිසිවක් නොකියා අදාල පර්යේෂණයට මුහුණදෙන්න සූදානමින් සිටියා.ඔවුන්ව දින දෙකක දැඩි නින්දකට පත්කරපු මහාචාර්යවරිය ඒ හීන ගැන අවදියෙන් සිටියා.
බැංකු නිලධාරියා⁣ට පෙනුනෙ තමන් එම රැකියාව අහිමිවෙන ආකරයත් අනතුරුව මහන්සි වී මුදල් පොලියට දෙන ආයතනයක් පටන්ගන්නා හීනයක්.⁣සමාජ ශාලා නර්තන ශිල්පිනිය මුල්ම දවසෙ දැක්කෙ ඇය තමන්ගෙ නර්තනය බලන්න ඇවිත් හිරිහැර කරන අයෙකුට කම්මුල් පහරක් ගසන දර්ශනයක්.ඒත් අර වැවිලිකරු ට නම් මුල්ම දවසෙ හීන පෙනුනෙ නෑ.
පොඩි විවෙිකයක් ලැබුන වෙලේ වැවිලිකරු ,⁣මහාචාර්යවරිය සමීපයට ආවා.
" සමාවෙන්න කරදර කලාට .ඔබෙි සුදුසුකම් මොනවද මෙි වගේ පර්යේෂණයක් කරන්න"
ඔහු එහෙම අහත්දි ඇය තමන් ගෙ දැනුමින් එය ඔහුට පැහැදිලි කරල දුන්නා.
" ඒ කියන්නෙ ඔබ මෙි සිහින පර්යේෂණය හරහා ලෙවෙම අදුනගත්තොත් ප්‍රසිද්ධියට පත්වෙනවා.
" ඔබ හරි සීසස් මහත්තයා"
" ඒකෙන් ගොඩක් සල්ලිත් ලැබෙයි නේද"
විවෙිකය අවසන්ව ඔවුන් තිදෙනාව නැවත නින්දට යැව්වා.එහිදී නර්තන ශිල්පිනිය දැක්කෙ ඔපෙරාවෙි තම නර්තනයක් ඉදිරිපත් කිරීම දැක ගුණයහපත් සල්ලිකාර පුද්ගලයෙක් තමන්ට විවාහ යෝජනාවක් ලැබීම.අර රස්සාව අහිමිව ව්‍යාපාරයක් පටන්ගත් හීනය දුටු ඇලන් දැක්කෙ විශාල ව්‍යාපාර අවස්ථාවක් ලැබෙන බවක්.
ඊළගට හිටියෙ සීසස් .ඔහුගෙ හීනය වුනෙ හීන ගැන හොයන මහාචාර්යවරිය ගෙ වැඩසටහන අසාර්ථක වෙලා තමන්ගෙම වැඩසටහනක් හදලා ලෝකයම ඔහුව ප්‍රසිද්ධියට පත්වීම.එහිදී මහාචාර්යවරිය තමන්ව පර්යේෂණයට පත්කිරීම ගැන තමන්ගෙන් සමාව ඉල්ලන ආකාරයත් දකින්න ලැබුන⁣.
දින දෙක අවසන් වෙලා තිදෙනාම ආපහු පිටත්වෙන්න සූදානම්වෙන්න කලින් පුවත්පත ඔවුන්ගේ කෑම මෙිසය මත තිබුනා.එහි වූයේ සමාජ ශාලාව ගිනිගෙන විනාශ වුනු බවත් නර්තනශිල්පිනියගේ සොහොයුරිය ඇයට ඇමතුමක් දී පැවසුවෙි ලොකුම ප්‍රසංගයක් සදහා ඔපෙරාවෙන් ආරාධනාවක් ඇයට ලැබුනු බවයි.බැංකු නිලධාරියාගේ බැංකුව බංකොලොත්වී පිරිස් ඒ වටා උද්ඝෝෂණය කරනු පුවත්පතෙහි සදහන් වුනා.
" මෙි ඔබ සිහිනෙන් දැකපු දේවල් කියලද කියන්නෙ" සීසර් ඔවුන්ට හිනාවුනා.මහාචාර්යවරිය ඔවුන්ගේ සිහින වාර්තාව ඉදිරිපත්කලා.සිහින පරීක්ෂණය සාර්ථක වීම නිසා ගිවිසුම් ප්‍රකාරව අනෙත් දෙදෙනා හට එහි කීර්තිය මෙන්ම මහාචාර්යවරිය සතු මුදලින් කොටසක්ද අයිතිවුන⁣.
අභාග්‍යයකට මෙන් අර වැවිලිකරුට හිස් අතින් ගෙදර යන්න වුනා.ඔහුට එම පර්යේෂණයෙහි කීර්තිය ලැබුනෙ නෑ.
අප කීර්තිය උදෙසා තවකෙකෙුගේ අනාගත පියවරවල් නැසීමට හීන දකිත්දී ඔහු හෝ ඇය ඒ දේ සපඵ කරගන්නට වැඩ කටයුතු කරන්නේය.සීසස් නිතරම හිතුවෙ මහාචාර්යවරියගෙ සුදුසුකම් ගැන එයාගෙ පර්යේෂණය අසාර්ථක වීම් ගැන.ඒ නිසාම ඔහුට හීනෙන් පවා පෙනුනෙ ඒ දේ.
නදීෂ නිර්මාණ හේරත් (ස්වතන්ත්‍ර නිර්මාණයකි)කතෘ අයිතිය සුරකින්න.