Sunday, October 20, 2024
Follow Us
බෙහෙත් නැති නිසා මේ දවස් වල මේක වැදගත් වෙයි

බබාලා තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් විදිහට ලියන්නෙ මගේ අත්දැකීම්. කාට හරි ප්‍රයෝජන වෙයි කියලා හිතනවා.


මම ලොකු පුතාව ගොඩාක් පරිස්සම් කලා. එයා ඒ වුනත් හැම තිස්සෙම ලෙඩ වෙනවා . සෙම හැමදාම. එක සතියක් හොදට හිටියොත් ආයෙ මාසයක් ලෙඩ.ආයෙ බෙහෙත් ඉවර වුනාම සතියක් වගේ හොදට ඉන්නවා ආයෙ සෙම. Doctor ලගමයි ජීවිතේ ගෙවුනේ. Antibiotic බොනවා හැමදාම.ඒකෙන් මට්ටු වුන මම ඊ ලග බබාලා දෙන්නම මම එහෙම පරිස්සම් කලේ නෑ. ඒගොල්ලො පරිසරයට හුරු කරා. විසබීජ වලට හුරු වුනා. ඒගොල්ලන්ට හොද ප්‍රතිශක්තිකරණයක් ඇගේ හැදුනා.
මම ඒගොල්ලන්ට Antibiotic දුන්නෙ නැතිම තරම්. ලොකුපුතා ලෙඩ වුන ගමන් මම ඉස්සර doctor ගාවට උස්සගෙන දුවනවා. ඒත් පොඩි දෙන්නට එහෙම කලේ නෑ. ලෙඩේ එක්ක ඇගෙන් fight කරන්න දුන්නා. එතකොට ප්රතිශක්තීකරණය හැදෙනවා ඇගේ. මම අත් බෙහෙත් දුන්නා.
මම දීපු අත්බෙහෙත් ලියන්නම් කාට හරි ප්‍රයෝජන වෙයි.
1. මාස හයට අඩු කාලෙ බබාට හෙම්බිරිස්සාව හැදුනාම මම කොත්තමල්ලි බීලා පැය බාගෙකින් විතර කිරි දෙනවා.( ලෙඩේ සුවයි? )
2.මාස හයට අඩු කාලෙ බබාට කැස්ස හැදුනාම මම තැලුම් බටු කාලා පැය බාගෙකින් විතර කිරි දෙනවා.( ලෙඩේ සුවයි? )
3. තලපෙ කන කාලෙ
හෙම්බිරිස්සාව- බබාට කොත්තමල්ලි දෙනවා.( ලෙඩේ සුවයි? )
කැස්ස -බබාට තැලුම්බටු කවනවා.( ලෙඩේ සුවයි? ) ( බාබලට තැලුම්බටු හදනකොට උඩ ටිකක් වැඩිපුර කපලා රතුලූනු හරි නැත්නම් රටලූනු හරි වැඩිපුර දාන්න. පොල්කිරි මම නම් උකුවට දාලා හොදටම උයනවා. එතකොට කනවා.)
4. වයිරස් උන හැදුනම
( වයිරස් කියල මම අඳුරගන්න හැටි - බුරිය ගාව බඩ රිදෙනවා. 102 ට විතර උන එනවා. කකුල් වල අත්වල joints රිදෙන්න ගන්නවා)
i)උදේ දවල් හවස කොත්තමල්ලි+ වෙනිවැල්ගැට+ ඉගුරු චූටි කෑල්ලක්+ සුදුලූනු දාලා තම්බා දෙනවා
ii) පැය 6 න් 6 ට පැනඩෝල්+ තෙත් කිරීම + fan( පපුව තෙමන්නෙ නෑ මම නම්)
iii) ලුනු කැද අතරට ( උන බස්සන්න කියාපු බෙහෙත?. සෙමටත් හොදයි. රතුලූනු සුදුලූනු දාල හැදුවාම ආසයි ඒගොල්ලෝ බොන්න . පැනඩෝල් වලට උන බහින්නැත්නම් ලුනු කැද දෙන්න. දාඩිය දාලා උන බහිනවා. අත්දැකීම් ?)
(වයිරස් උන දවස් තුනෙන් හොදයි. අපරාදෙ Antibiotic කදු ගනන් පොවන්නෙ.) ඒත් වයිරස් උන එක්ක සෙම ආවොත් මම doctor කෙනෙක් ලගට අරගෙන යනවා.)
5. බබාට ගොඩක් සෙමනම් ඇදේ net එක සති දෙකකට සැරයක්වත් සෝදන්න.එහෙම නැත්නම් අඩුමගානෙ මාසෙකට සැරයක්වත් සෝදන්න. ( සෙම ලෙඩ තුන්කාලක්ම හොද වෙනවා මේකෙන්)
ඉතින් මේ බෙහෙත් හිග කාලෙ මේ බෙහෙත් කාටහරි වැදගත් වෙයි කියලා හිතෙනවා. මගේ අත්දැකීම් අනුව ලිව්වේ.මේකෙ වැරද්දක් තියෙනවනම් ඉක්මනින් නිවැරදි කරන්න.
6. මාස හයට අඩු කාලෙ බබාට බඩයෑම ( loose motion)හැදුනාම මම කෝපි බීලා පැය බාගෙකින් විතර කිරි දෙනවා.( ලෙඩේ සුවයි? ) ( කෝපි තදට බොන්න එපා. )
7. ලොකු කාලෙ බඩයෑම හැදුනාම ලා ප්ලෙන්ටි වලට දෙහි චුට්ටක් දාලා දෙනවා. ලෙඩේ හොද වෙනවා. ඒක පුදුමයි.
මම ඔය ගොඩක් අත්බෙහෙත් මගේ අම්මගෙන් අහගත්ත ඒවා. අම්මට අම්මගෙ අම්මා කියල දුන්න ඒවා?