Sunday, October 20, 2024
Follow Us
එයා තනියම වගේ

ඔහු හෙමින් දුම්රිය පොළ ට ඇදුනා.කෝච්චියක් පිටත්වුනා විතරයි කියල තමයි ටිකට් දෙන තැනින් කිව්වෙ.


කවුරුත් නැති ස්ටෙිෂමෙි බංකුවක කොනේ වාඩිවෙල ඉන්නව සාරිය ඇදගත්ත කෙල්ලෙක්.
හම් එයා තනියම වගේ " එහෙම හිතල ඒ බංකුවෙිම කොනකට බරවුනා.ඇය ඔහු දිහා බැලුවෙවත් නෑ.
" තියෙන ආඩම්බරකම " පිරිමි ළමයා ඈත බලාගෙන හිටිය.
ගෑණූ ළමයා කට කොනින් හිනාවුනා.
එයා තනියම හිටිය කිව්වට ළඟ තිබුනා එළවළු පුරවපු බෑග් එකක්.
පිරිමි ළමයා බංකුවෙ එයා ළඟ මැද කොටසට ආවා.
" ආය එන්නෙ දෙකයි හතළිස් පහ " ඔහු කිව්වා.
" හම් මාත් අහගෙන " කෙල්ල හිනාවෙද්දි ලස්සනයි.
" නංගි කොහෙද" ඔන්න ඔහොම දෙන්නා කතාව පටන්ගත්තා.කෝච්චිය විනාඩි දහයක් පරක්කුයි
කාලය ගෙවිල ගියා.දැන් කොල්ල කෙල්ල ලගම කෙල්ල ඔළුව තියාගත්ත කොල්ලට.කොල්ලගෙ ඇස් ගියේ ළඟ තිබුන එළවළු මල්ලට.
කෙල්ලට එකපාර නින්ද කැඩුනෙ කෝච්චියේ සද්දෙට.ඇය තමන් ළඟ තිබුන ⁣එලවළු මල්ල හොයන්න පටන් ගත්තා.ඒ වෙනකොට ළඟ හිටි⁣ය කොල්ලත් අන්තර්ධාන වෙලා තිබුන.
- නදීෂ නිර්මාණ හේරත්