Sunday, October 20, 2024
Follow Us
සංස්කෘතික සිරගතවීම්

පුද්ගලයා සෑම විටම සංස්කෘතික සිරගතවීම් වලට ලක්වී තමන්ගෙ ජීවිත ඒ තුල සාධාරණීයකරණයක ලක්කරගන්නව.එහෙම අවස්ථාවල තමයි තමන්ට තමන් ගැන අධිතක්සේරුවක් හිතට එන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයාගේ චින්තනයන් එකින් එක පෙළ ගැහෙන්නෙ සංස්කෘතික සාධකවල තියෙන බලපෑම මත.අප දැන් ඉන්නා සමාජය තුල සංස්කෘතිය සම්මිශ්‍රණය වෙච්ච එකක් කියල කියන්න පුළුවන්.මොකද එකිනෙකා අතර තියෙන සංස්කෘතික සාධක තවදුරටත් නවීන සමාජය එක්ක ඔප වැටිලයි අපි වෙත එන්නෙ. ඒ තුල අපි කොයි සමාජ ප්‍රපංචයක හිටියත් අර සංස්කෘතික කෑල්ල ඇතුලට යනව.


ප්‍රකම්පනවත් සමාජයක් අපිට තිබුනු කාලෙ ඇත්තටම ජීවිතය සරලයි.දවස් ගණන් තමන්ගෙ කෙනෙක් මැරිච්චහම අඬන මිනිස්සු පස්සෙ ඒක දවසකට දෙකකට සීමා වෙන්නෙ ඒකයි.ඉතින් එහෙම කාර්යබහුල සමාජයකට වුනත් යට කී සංස්කෘතික සාධක එකතුවෙන්න පුළුවන්.මෙතනදි පුරුෂයාට වඩා මෙම තත්වයන්ටවඩාත් වැඩියෙන් මුහුණ දෙන්න වෙන්නෙ කාන්තාවට.මොකද ඔවුන් තමයි යම් යම් සීමා වලට ගොදුරක් වෙන පාර්ශවයන්.මෙහිදී ඔවුන් හට රැකියාව තුල පවුල තුල පවා ඇති ඇතැම් අවස්ථා අවහිර වෙනව.
නූතනය තුල කාන්තාව මෙන්ම පිරිමියාද මෙි සංස්කෘතික සිරවීම් බිදගෙන ඉස්සරහට යන අවස්ථාවලදි ඔවුන් වෙත පෙර සමාජය යම් කිසි ප්‍රහාර එල්ල කරනව.ඒවා බොහොමයක් වාචික ඒවා.ඇත්තටම ඔවුන් සමාජයම කඩා ඉහරවන අය ලෙස නම් කරනව.නමුත් එයින් නොමිදී කටයුතු කලොත් විතරයි නව චින්තනික ලෝකයට සමාජය රැගෙන යන්න හැකිවෙන්නෙ.
නදීෂ නිර්මාණ හේරත්