Sunday, October 20, 2024
Follow Us
" මම ලංකාවෙන් යනව "

දන්න හදුනන මිතුරන් මිතුරියන් කිහිපදෙනෙක්ම කිවිව.ඒක ලංකාවෙ දැන් තත්වය ගැන හිතල ඔවුන් ගත්ත තීරණයක්.රටක් අතහැරල යන තරුණයෙකුට වඩා තරුණියකට හිතන්න ගොඩක් දේ තියෙනව.ඉන් එකක් තමයි තමන් තනිව ජීවත්වෙන්න මුලින්ම කරන උත්සාහය.ඒක ඇතැම්විට ගෙදර තේ එකක් හදපු නැති කෙනෙකු කරන උත්සාහයක් වෙන්න පුළුවන්.නමුත් තනිව කවුරුත් නොදන්න දේශයක ජීවත්වෙද්දි ඔබට සිදුවෙනව ඒ හැම දේටම මුහුණ දෙන්න.


තමන්ලගෙ ආහාරය සපයා ගැනීමෙ ඉදල හරි විදිහෙ වාසස්ථානයක් තෝරාගන්න එක දක්වා සෑම දෙයක්ම මෙි ඇතුලෙ තියෙනව.ජීවිතයේ කටුක බව නැති කරගන්න ආපු ගමනෙ තියෙන දුෂ්කරත්වය එන්න එන්න පැහැදලි වුනත් ඇත්තටම කිව්වොත් හොදට මහන්සි වුනොත් විදේශයකදි ඔබට ලබන්න හැකි දේ ගොඩක් වැඩියි කියල හිතේවි.
ලංකාවෙ විදපු නැති නිදහස් සංස්කෘතියක ඔබ ගත කරනව.තරුණියන් නිදහස් සංස්කෘතියක ගත කරන්න පුරුදු වෙලා තියෙනව නම් ඔිනෑම සමාජීය තත්වයකට ඔබට ඉන්න හැකිවෙනව.ඒකනෙ වටින්නෙ.
ආදරය වගේ කාරණාවලදි පවා මුණගැහෙන නාදුනන අය සමඟ තමන්ගෙ මූල්‍යමය දේ ගැන මුල් කාලෙ කතා කරන එක අමාරුවෙ වැටෙන්න ඉදිරිපියවරක් වෙනව.අනික් එක තමා වෙනද⁣ට ඔබ ගැන හොයල බලන අම්මා තාත්තා වෙනුවට ඉන්ව කෙනා හොදම විශ්වාසදායක කෙනෙක්ද වියයුතුමයි.මොකද ගොඩක් තරුණියන් මුල් කාලෙම තමන්ගෙ අතේ තියෙන හැම දෙයක් තවත් කෙනෙකුට වියදම් කරල ගොඩක් දුක්විදිනව.කවුරුත් ඒකට කැමති නැනෙ.අනික ලංකාවෙ ඉන්න දෙමාපියන් වුනත් ඒකට කැමති වෙන එකක් නම් නෑ.
රටින් රටට ජීවත්වෙන වගේම ඒ ජීවිතයට අනුගත වෙන ක්‍රමය වෙනස් වෙනව.වවුලගෙ ගෙදර ගියාම ඉන්න වෙන්නෙ එල්ලිලා කියල කතාවක් තියෙනවනේ.වැදගත් වෙන්නේ ඔබ ඒ රටට උවමනා ආකාරයට අනුගත වෙන්න ගතවන කාලයයි.
- නදීෂ නිර්මාණ හේරත්