Sunday, October 20, 2024
Follow Us
මචං

මිත්‍රත්වය එහෙමත් නැත්නම් යාළුකම.අපි යාළුකම් හින්දා මොනවද නොකරන්නෙ ඒක තමයි ඇත්ත.නමුත් යාළුකම් හින්දා අනෙකාව අසරණ කරන එහෙමත් නැත්නම් අනෙකාගේ කාලය නාස්තිකරවන අය ඔිනා තරම් ඉන්නව.⁣⁣


යාළුවන් එක්ක කරන වැඩ ඇතුලෙ යාන්තමට පාඩු වෙන්න පුළුවන් වුනත් පාඩු අධික නම් ඒ යාළුව අයින් කරන එක තමයි හොදටම හුරු.හරිම විදියට කිව්වොත් ඒ මිත්‍රයා කරන්නෙ අනෙකාව කඩෙි යවන එක.ඒකට හේතුව අනෙකා තමන්ගෙ යාළුව ගැන තියෙන තද විශ්වාසය.ඒ හින්දම අපි හැමවෙලේම කරන්නෙ අතින් කාලා හරක් බලනව වගේ වැඩ තමයි.
යාළුකම් නිසාම අපිට පාඩු ලැබෙන අවස්ථාවක ඒ යාළුව හරහා දෙයක් ලැබුන නම් එයට නිසා දෙයක් අපට නොලැබීම මත එය ගැන නැවත අසා දැනගන්න බැරිවෙනව.
එහෙනම් දැනගත යුතුම කාරණාව වෙන්නෙ තමන් තමන්ගෙ යාළුවට ඒ දේ හරියට කරන්න බැරිනම් ඒ යාළුව ව අඩුම තරමෙ රවට්ටන්නෙ නැතිව ඉන්න එක.පොරොන්දු වෙච්ච පරිදි ඇතැම් දේ යාළුවන් නොවන අයට ඉටු කරල යාළුවට ලැබෙන්න තියෙන දේ කල් දානව නම් ඒක තරම් මජර දෙයක් තවත් නෑ.
මෙික අපි හැමෝටම අමාරු කාලයක්.හැබැයි අමාරු කාලෙදි ලගම ඉන්න එකෙක්ට පුළුවන් නම් දෙන්න තියෙන දේ හරි නොදී ඉන්න ඌ ගැන නැවත කතා කිරීමත් වැඩක් නැති දෙයක්.මනුෂ්‍යත්වය නොදන්න මිනිස්කමින්වත් මිත්‍රත්වයෙන්වත් ඇති වැඩක් නෑ.
තමන්ටත් දෙයක් උනාට පස්සෙ තමයි ඒ දේවල් හරියටම ඉගෙන ගන්නෙ.ආන්න ඒකයි
" ජීවිතේ හොදම පාඩම් ඉගැන්නුවෙේ හිතේ උඩින්ම තියන් හිටපු මිනිස්සු "
කියන්නෙ...
(මචං කියල හිනාවෙල කතාකරන්නවත් පුළුවන් විදිහෙ මචං කෙනෙක් වෙයන් මචං....)

Nadisha Nirmana Herath