Sunday, October 20, 2024
Follow Us
ගමයි පන්සලයි වැවයි දාගැබයි

" ගමයි පන්සලයි වැවයි දාගැබයි " ඒ වචන කිහිපය අතීතයේ පටන් ලාංකේය ජනතාව මුසපත් කරවන්නට කාරණාවක් විය.ගමෙි පන්සලේ ස්වාමීන් වහන්සේ " අපේ හාමුදුරුවෝ " වුනේ අපි සමඟ සිටින නිසාය.අපගේ දෛනික ජීවිතයේ ප්‍රශ්නයක් වුවද උන්වහන්සේලා සමඟ කතාබහ කර විසඳුමකට පැමිණෙන්නට හැකි නිසාමය.


සැපවත් ජීවිත
කෙසේ වෙතත් මෙලෙස ගලාගෙන ගිය පන්සල් වල සැහැල්ලු නිර්මල ජීවිත වෙනුවට පන්සලේ සිටින ස්වාමීන් වහන්සේ අති සුපෝකබෝගී ජීවිතයකට හුරු කර උන්වහන්සේලා ජනතාවගෙන් ඈත් කිරීම සිදුකලේ දේශපාලකයා විසිනි.මන්ද ගමෙි අවැඩක් සිදුවන විට ගම්මු හොයාගෙන යන්නේ ගමෙි හාමුදුරුවන්ය.එතැනින් දේශපාලකයාට බෙිරෙන්න බැරි විය.මෙි තත්වය වැඩිවන විට දේශපාලන පැලැන්තිය කල්පනා කලේ ස්වාමීන් වහන්සේලාට අධික සැපවත් ජීවිතයක ට හුරු කරවීම හා ඒ තුලින් ගම්මු තමන්ගේ වැඩ වලට විරෝධය දක්වන තැන් වලකා ලීමය.
ඒ සදහා වැඩ ආරම්භය කරන ලද්දේ විශේෂිත ස්මාට් දුරකථනයකිනි.අනතුරුව සැට් චැනල් ටීවී එතනින් එහාට ගමන් ගන්නට අධික සුපෝකබෝගී මෝටර් රථයන් දක්වා එය ඉදිරියට ඇදී ගියේය.
ජනතාව අමතක වීම.
දානයට හෝ බණට වඩින එකට අමතරව සාධාරණ ප්‍රශ්න කතා කර ඒ තුලට ස්වාමීන් වහන්සේ ධාර්මිකව එකතුකරගන්නට ජනතාවට නොහැකි වූයේ ඒ නිසාය.එතැන් පටන් දානයට බනට වඩින්න දේශනාවකට වඩින්න විශාල මුදල් අයකරන්නට ඇතැම් උන්වහන්සේලා ආරම්භ කලේම මෙලෙස ලෝභය සිත් තුල වර්ධනය කරගත් නිසාය.
පවුල් පාලනය
අප රට අන්ත දූෂණය කරන මෙම පවුල් පාලනය එලෙස පන්සල සැපවත් තැනකට පත්කර ජනතාව නොමග යවන්නට ඇතැම් ස්වාමීන් වහන්සේලාට උත්තේජනය ලබාදුන් අයයි.එහිදී ජනතාවද රැවටී පන්සලෙන් කියන දේ අසා ඔවුනට ඡන්දය පාවිච්චි කර වැටිච්ච අමාරුවෙි තරම නම් සුළු පටු නැත.
ජනතාව වෙනුවෙන් වචනයක්
අරගලය තුල මිනිසුන් මිය යනවාට ජනතාව දුක්විදිනවාට ඔවුන්ට ගානක්ම නැත.උන්වහන්සේලා එවිට පවසනවා ඇත්තේ සියල්ල නැසෙනවා යන්න විය හැක.කෙසේ වෙතත් මෙලස පන්සලේ ස්වාමීන් වහන්සේ සැපවත් කර වාසි ලබන පවුල් පාලනයත් එම පවුල් පාලනයේ පහස ලබන තවත් පන්තියකුත් රටෙි ජනතාව මෙි වනවිට වලපල්ලට යවා ඇත.
සාටක ඔතා ගත් වහන්සේලා දුර සිට හදුනාගත හැක.මන්ද ඔවුන් තම දේශනාව පටන්ගන්නේ ජනතාවට ඇගිල්ල දිගු කරමිනි.
නදීෂ නිර්මාණ හේරත්
20/04/2022