Sunday, October 20, 2024
Follow Us
ඩම්බිගෝ

එක්තරා කාලෙක ඩම්බිගෝ නම් සෙල්ලක්කාර පුද්ගලයෙක් ජීවත්වුනා.ගෙදර එකම දරුව වෙච්ච ඩම්බිගෝ යාළුවන් සමග දවස පුරා ගත කිරීම ඔහුගෙ මවට නම් හිසරදයක් වුනා.


" දැන් රස්සාවක් කරන්න කාලය නේද "
"මාත් හිතනව ඒත් මට ගැලපෙන එකක් කොහෙද තියෙන්නෙ " ඩම්බිගෝ හිතුවෙ මහන්සි නැති රස්සා තියෙනව කියල.
" ඔයා හොයල බලන්න.බැරිවෙන එකක් නෑ හොයාගන්න "
ඔන්න පහුවදා ෂැරෝලා එයාගෙ පුතා ඩම්බිගෝ ට ආහාර සකසල දුන්නා නගරයට යන්න.ඔහු නගරයේ එක්තරා සමාගමකට ගොඩ වුනා.
" හෝව් කොහෙද යන්නෙ " මුරකාරයා ඔහුගෙ ඇගට ගොඩ වුනා.
"මම යන්නෙ ලොක්කා හම්බෙන්න.කියන්න මට මෙහි අයිතිකාරයා කොහෙද "
මුරකාරයා ඔහු දෙස පරීක්ෂාවෙන් බැලුව.ඔහුව පරීක්ෂා කලා.ඩම්බිගෝ ට මෙික ටිකක් අමුතු දෙයක්.
" මම හොරෙක් නෙමෙයි.අනික ඔහේ හැසිරෙන විදිහ.මම මෙහි අයිතිකාරයාට කියනව වැදගත් මනුස්සයෙකුට කරදර කරන විදිහ ගැන "
එවෙලෙහි මුරකාරයා හිනාවෙන්න වුනා.
" ඔහේට වැරදිලා.මම මෙතන මුරකාරයා නෙමෙයි මම තමයි මෙතන අයිතිකාරයා.ඔහෙට ඒකවත් හදුනගන්න බැරි නම් මොන රස්සාද"
ඩම්බිගෝ කලකිරිච්ච සිතින් එතනින් පිටත් වුන.ඊළගට ඔහු ගිය සමාගම ඉදිරිපිට රස්සා ඇබෑර්තු ගැන බෝඩ් එකක් ගහල තිබුනා.එහි හිටියෙ සිගරට්ටුවක් පත්තු කරගත් තරුණියක්.
" එන්න එන්න.සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ උඩු මහලෙ " ඇය ඔහුව කැඳවාගෙන ගියා.
" මම ලිසී "
" ලස්සන නමක්.නමටම ගැලපෙන ආයතනය" ඩම්බිගෝ තවත් කුටියකට ඇතුළු වුනා.එතන හිටි පුද්ගලයා ඔහුගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා.
" ලිසී මෙහෙ එනව " ඒ අතර ඔහු මහ හඬින් ඇයට කතා කලා.
" තමුන්ට වැඩක් කිව්වහම කරන්න බැරිද පිලිවෙලකට.බලනව අර ෆයිල් ටික සේරම වරද්දල" අර මනුස්සයා ලිසීට බනිද්දි ඩම්බිගෝ කලේ තමන්ගේ අතේ තිබුන කෝට් එක කරකවල ඒ මනුස්සයට පහර දීම.
ඊට සුළු වෙලාවකට පස්සෙ ආයතනයෙ මිනිස්සු ඩම්බිගෝව ඇදල එළියට දැම්මා.ඔහු අඩමින් සිටි ලිසී ළගට ආවා.
" ඔයා ඇයි මාව බෙිරගත්තෙ.අපරාදෙ හම්බෙන්න තිබුනු රස්සාව"
"මට පුදුම අයිතිකාරියටම මූණට බනින ආයතන සේවකයන් ගැන"
" මොකක්.ඔහෙට වැරදිලා මහත්තයා මම එතන නිකම්ම යතුරු ලියන්නියක් විතරයි "
ඩම්බිගෝ ගේ ඇස් උඩ ගිහින් තමන්ට වැරැද්දක් වෙලා ඇති බව වැටහුනා.
අපි මුල් සිදුවීමම දෙවැන්නට ආදේශකරගෙන වැඩ කලොත් සිදුවෙන්නෙ ලොකු අමාරුවක වැටීම.හැම සිදුවීමක්ම හුදෙකලා සිදුවීමක් කියල හිතල ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන්න.එතනදි ප්‍රශ්න නැති තරම්.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)