Sunday, October 20, 2024
Follow Us
ඇනාගේ උගුල

එක්තරා කාලෙක ඇනා කියල ගෘහනියක් හිටියා.ඇය තමන්ගේ නිවස නිරන්තරයෙන් අලංකාරව තියාගත්ත කෙනෙක්.ඇගේ සැමියා රිචඩ් ආයතනයක විධායක නිලධාරියෙක්.


" බලන්නකො රිචඩ් වෙලා තියෙන දේ " දවසක් ඇනා තම සැමියා හට පවසන්න වුනා.
" මොකද්ද කලබලය ඇනා "
" මගේ කුස්සියෙ කවුරුහරි යකා නටනව රිචඩ් " ඇය කලබලයෙන් පවසන්න වුනා.
" ⁣අපි බලමු කවුද කියල" ඉතින් එදා වැඩ ඇරිල ඇවිත් ඔහු තම බිරිද සමග කල්පනා කලේ කුස්සියට පැමිණ එහි දේ එහා මෙහා කරන්නෙ කවුද යන්න හොයන්නෙ කෝමද කියලයි.
" අපි අද රෑ රැකගෙන ඉමු.බාගවිට හොයාගන්න බැරිකමක් නැතිවෙයි "
ඉතින් රිචඩ් ,ඇනා එක්ක එකතුවෙල මධ්‍යම රාත්‍රිය වෙනකන් ඇහැරගෙන හිටිය ඇත්තටම කුස්සියට එන්නෙ කවුද කියල බලන්න.
රෑ දොළහ පහුවෙද්දි කුස්සිය පැත්තෙන් සද්ද කිහිපයක් ආවා.දෙන්නම කුඩා කාමරයෙන් එහි බිත්තිය අසල සිටගෙ හි⁣ටිය.මීයන් කිහිප දෙනෙක් සිවිලිම දිගේ බැහැගෙන ඇවිත් කුස්සිය මත එහා මෙහා දුවන්න වුනා.
" හා මෙන්න මෙික තමයි එහෙනම් වැඩෙි " දෙන්නා එකතුවෙල මීයන්ට පාඩමක් උගන්වන්න හිතුව.
මුලින්ම ඔවුන් කලේ මීයන්ට උගුල් අටවපු එක.හැබැයි ඒ හැම එකකදිම මීයන් බෙිරෙන්න වුනා.
" රිචඩ් මෙික හරියන වැඩක් නෙවෙි.බලන්න කිසිම උගුලකට මීයො අහුවෙන්නෙ නෑනෙ " ඇනා කණස්සල්ලට පත්වුනේ එහෙමයි.
දවසක් ඇයට කල්පනාවක් ආවා.ඇය එදා රෑ මීයන් එනකොට පොල් කෑලි කිහිපයක් වෙනදා තියනව වෙනුවට කලේ එක කේක් කෑල්ලක් තියල බලන් ඉන්න එක.
එදා මුල්තැන්ගෙයට ආපු මීයන් කිහිපදෙනාම අර කේක් කෑල්ලදැකල පුදුම වෙලා කේක් කෑල්ල කන්න රණ්ඩුවෙන්න වුනා.ඒ අතරෙදි ඇනා තමන්ගෙ උගුල ඇටෙව්වා.අර මීයන් කිහිපදෙනාගෙ කරදරය නැතිව ගියා.
කිහිපදෙනකුට විවිධ අවශ්‍යතා තියෙද්දි ඒවා සපුරගන්නත් ක්‍රම තියෙද්දි ඔවුන් සාමාන්‍ය පරිදි ගත කරනව.නමුත් සුවිශේෂ දෙයක් නිසා ඔවුනොවුන් ඇන කොටා ගන්න පුළුවන්.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)