Sunday, October 20, 2024
Follow Us
ආදරණීය දුව වෙත

දුව කවද හරි ඔයා මේක කියවයි .හැබැයි ඒ දවස වෙනකොට සමහරවිට ඔයා මට සාප කරයි .නැත්තං ඔයා මම ෆෙල් කියලා කියයි ?.


ගොඩක් අය කියනවා මේ වෙලාවේ වෙන රටකට යන්න කියලා .බැරිකමකුත් නෑ .හැබැයි මොකක්ද වෙන සිතිවිල්ලක් මට ඒකට ඉඩ දෙන්නේ නැහැ .මට හිතෙන්නෙම මේ රට ගොඩ යයි කියලා .මගේ හිතේ බලාපොරොත්තුව නැති වෙලා නෑ .✅
හැබැයි ඒ කියලා මේ රට ගොඩ යන හරි සිස්ටම් එකක් පේන්නෙත් නෑ .අපි මුළු ලෝකයක් ඉස්සරහම අවමානයට ලක් වෙලා .
අවුරුදු ගණනාවක් තිස්සේ අපි ගත්ත හැම දේශපාලන තීන්දුවක් ම වැරදියි .මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන.ඒත් ඒ කාටවත් ඇහෙන්නේ නෑ පුතේ .⭕
එහෙම දැන දැනත් මට මේ රට දාලා යන්න හිතෙන්නේ නෑ.
සමහරවිට මං ඔබේ මුළු ජීවිතේටම කරන ඒක ලොකු අපරාධයක් වෙන්න පුළුවන් .?
තුන්වෙනදට මමත් පාරට යනවා .අමුතුවෙන් යන්න දෙයක් නෑ අපි කොහොමත් ඉන්නේ පාරේ .හැබැයි අපි පාරට යන්නේ බස් ගිනි තියන්න , ගහ මරාගෙන වෙඩි තියාගන්න නෙමෙයි .
මේ සිස්ටම් එකට තියෙන ප්‍රතිරෝධය පෙන්නන්න.අපිට නිදහසේ ඉන්න පරිසරය හදලා දෙන්න කියලා ඉල්ලන්න .මගේ දුව ඉස්සරහ මාව අසරණ කරන්න එපා කියලා ඉල්ලන්න ??❤️
මේකත් කාගේ හරි දේශපාලන උගුලක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා .?
ඔයාලා ඔයාලගේ දේශපාලන වෘත්තීය හරියට කරන්න.එතකොට මට ගෙදෙරට වෙලා දුවත් එක්ක ඉන්න තිබුණා ?
සමාවෙන්න දුවේ .මම ඇතුලු අපේ පරම්පරාවම ෆෙල් ..
මීට වඩා මගේ දුව ඉස්සරහ මාව ෆෙල් කරන්න එපා ?
මනුරංග ----