Sunday, October 20, 2024
Follow Us
නිර්දෝශීවීමට සිය යට ඇදුම පෙන්වූ නලගන

මෙම ඇබැද්දියට මුහුනපෑවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ Pinellas නම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය අධිකරණයක විනිසුරුවරයෙකු වූ ඩේවිඩ් ඩිමර්ස් නම් විනිසුරු වරයායි. ඒ 1983 දීය.


එවකට Pinellas හී ප්‍රසිද්ධියේ හෝ සමාජශාල තුල නිරුවත් රංගනයේ යෙදීම නියාමනය සදහා නීති පනවා තිබූ මුත් බොහෝ මත්පැන්හල්හී නිරුවත් රංගන හෙවත් Strip Dancing පවත්වාගෙන ගියේය. පොලිස් නිලධාරීන් බොහෝ විට මෙම ස්ථානවල වැටලීම් සිදුකල අතර දඩුවම් ලෙස ස්ථානය පවත්වාගෙන ගිය හිමිකරුවන්ට හා රංගනයේ යෙදුනු තරුණියන්ට දඩ නියම කරන ලදී.
මේ නිසාවෙන් මත්පැන්හල් හිමියන් සිය ගණුදෙනුකරුවන් නොනවත්වා ගෙන්වා ගැනීම සදහා පූර්ණ නිරුවත වෙනුවට අඩ නිරුවත් රංගනයන් ඉදිරිපත් කරන ලදී. ඔවුන් Bikini Dance Shows වැනි රංගන ආරම්භ කල අතර එහෙත් දිගින් දිගටම පොලිසිය කඩාවැදීම් සිදු කරන ලදී.
මෙම ඡායරූපයේ සිටින තරුණිය අත්අඩංගුවට පත්වූයේ මත්පැන් සලක රංගනයේ යේදී සිටයදී සිය යට ඇදුම රහස් ප්‍රදේශය නිරාවරණය වන ලෙස ඇදසිටි බවට ලද චෝදනාවකටය. ඇයව උසාවියට ඉදිරිපත් කල අතර එහිදී ඇය විනිසුරුවරයා ඉදිරියේ ඇදසිටි සාය ඔසවා සිය යට ඇදුම ඇදසිටින ආකාරය පෙන්වූ අතර ඉන් කිසිවිටකත් තම ලිංගික ප්‍රදේශය නොපෙනෙන බව පෙන්වා සිටියාය.
මෙය අධිකරණයට කල අපහාසයක් ලෙස විනිසුරුවරයා බාර නොගත් අතර ඇය නිර්දෝශී බව ඔහු පිලිගත් බව සදහන් වේ. මෙම අවස්තාවේ එහි සිටි ඡායාරූප ශිල්පියෙක් මෙම සේයාරුව ලබාගත් අතර එක කෙතරම් ජනප්‍රියවීද යත් පසුව ප්‍රසිද්ධ Playboy සගරාවේ කවරයේ පවා සටහන් විය.
(2020 මැයි මාසයේ "සාරා" පිටුවේ මා විසින් පල කල ලිපියේ නැවත පලකිරීමකි.)
මනුජිත් අබේරත්න