Sunday, October 20, 2024
Follow Us
Stay Strong

හඬන්නට ඕනේ නම් ඔබ හඬන්න. වේදනාවක් පිට කිරීම නරක නෑ , එය තමා විය යුත්තේ. මතක තබා ගන්න ඔබ අඬන්නේ වේදනාව පිට කරගන්න ඕන නිසයි, එම නිසා එම වේදනාවන් නිසා කවදාවත් ජීවිතය වට්ට ගන්නට එපා .


මන්ද ගොඩනඟා ගන්න ගිය කාලය බිඳ වැටෙන්න යන්නේ නෑ, ජීවිතය බිඳ වැටෙන්න සමහර වෙලාවට යන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක්, එම නිසා හැම වෙලාවෙම ගොඩනඟාගත් ජීවිතේ රැගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න.
සිත් වේදනාවෙන් සිටින කෙනෙක් හෝ වේදනාත්මක කාලයක් පසු කල කෙනෙක්, කදුලක අගය මනා ලෙස දන්නවා. මන්ද හැඬීම තුලින් සිත් වේදනාව ගොඩාක් අඩු කර ගත හැකි නිසා. ඒ නිසා ඔබ හඬන්න නමුත් කිසි විටෙක බිඳ නොවැටෙන්න.
රැයක් දවාලක් නොමැතිව හැඬූ කඳුළින් සිටි පුද්ගලයින් බොහෝමයක් මනෝවිද්‍යා උපදේශිකාවක් ලෙස මා දැක ඇත. ඔබටත් එවැනි අවස්ථාවන් බොහෝ තිබෙන්නට ඇති. එම සෑම කඳුලක්ම ඔබගේ දරා ගැනීමේ ශක්තියයි. ඔබ වැටි වැටි යලි නැගිටින්න, නැවත කිසිම කෙනෙකුට ඔබගේ ජීවිතය බිඳ දැමීමට නොහැකි වන ලෙස.
එසේම ඔබට තනිව එම කාලය පසු කිරීමට අපහසු නම්, එවැනි අවස්ථාවන් වලදී කාගේ හෝ සහයක් ලබා ගන්න උත්සාහ කරන්න. සැම විටම මතක තබාගන්න ඔබට ගැළපෙන කෙනෙකුගේ සහය පමණක් ලබාගන්න. නොගැලපෙන පුද්ගලයන්ගෙන් සහය ලබා ගැනීමට යාම තුල සිදු වන්නේ ඇති කරදර තවත් වැඩි වීමය.
වේදනාත්මක කාලයන් පසු කල ඔබ ගැන ඔබම සතුටු වන්න. ජීවිතයේ අපහසු කඩඉම් පසු කල ඔබ ගැන මමද සතුටු වෙමි, ආඩම්බර වෙමි. ? Stay strong ?
#RashmieRajapaksha
(Psychological Counsellor/මනෝවිද්‍යා උපදේශිකා)