Sunday, October 20, 2024
Follow Us
Hike එකක් යද්දි වතුර නැතුව කෙලවිලා ගියෝ්ත්???? මොකක්ද කරන්න පුලුවන්.

1).කන්දේ පිහිටීම ගැන අවබෝධයක් තියනවා නම්, දෙබොක්කාවක් දිගේ පහලට බැහැලා බලන්න පුලුවන්.


මොකද වතුර එකතු වෙනවා නම් මේ වගේ තැනක වතුර තිබීමේ හැකියාව සෑහෙන්න වැඩියි.
(මේ Option එකට යනවා නම්, එක්කු Team එකේ ඉන්න දෙන්නෙක් වගේ තමා පහලට යන්න ඕනේ. මොකද හැමෝම ගිහිල්ලා වැඩේ වැරදුනොත්, Team එකම අනාතයි.)
2).තෙත් කලාපයේ නම්, පාසි එහෙම තිබ්බොත් ඒවා මිරිකලා, පෙරලා බොන්න ගන්න පුලුවන්.
( පිරිසුදු රෙදි කෑල්ලකින් පෙරලා තමා ගන්න ඕනේ)
3).මඩ වලක්, සත්තු වතුර බීපු තැනක් වගේ අහු වුනොත් අදාල විදියට පිරිසුදු කරලා බොන්න ගන්න පුලුවන්.
(මේකට නම් සෑහෙන්න ක්‍රම තියනවා, ලේසිම විදිය, පෙරලා ගත්ත වතුර එකතු කරලා, මඩ වගේ ඒවා පහල තැන්පත් වුනාට පස්සේ උඩ තියන වතුර ටික පාචිච්යට ගන්න එක)
මේ වගේ තැනකින් වතුර ගන්න කොට, වතුර කලත්තන්නේ නැතුව ගන්න එක සෑමෙන්න වැදගත්... මොකද සත්තුන්ගේ මළපහ වගේ ඒවා ඒකේ තියෙන්න පුලුවන්.. කොප්පයකින් වගේ මතුපිට තියන වතුර එකතු කරලා ගන්න ඕනේ..
4). තව එකක් තමා රෑට නිදා යද්දි වතුර එකතු වෙන විදියට, ලොකු රෙදි කෑල්ලක ( උදා - tent fly sheet ) කොන් හතර ගස්වල බැදලා, යටින් වතුර එකතු කර ගන්න පුලුවන් විදියට ගලක් ගැට ගහලා තියන එක.
(මේකෙන් උදේ වෙද්දි වතුර ටිකක් එකතු කර ගන්න පුලුවන්, වාතයේ තියන වතුර ටික මේකට සෙට් වෙනවා.)
5. අනිත් විදිය තමා, ගහක අතු ටිකක් අල්ලා, බෑග් එකක් ගැට ගහලා තියන එක.
ඒකෙනුත් උදේ වෙද්දි වතුර යම් තාක් ප්‍රමාණයක් එකතු කර ගන්න පුලුවන්.
6).උදෑසන ශාක වල තිබෙන පිනි එකතු කර ගැනීම.
මේකට පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන, ඒවා ගස්වල තියන වතුර පොගවලා ගන්න ඕනේ.. ඊට පස්සේ මිරිකලා බොන්න තියෙන්නේ. ?
7. මේ Option එකක් වත් හරි යන්නේ නැත්නම්, ඉතුරු වෙලා තියන වතුර බොතලය අරගෙන, Team එකේ ඉන්න Fitness වැඩියෙන්ම තියන දෙන්නා, පහල ගමකට හරි, අවසානෙට වතුර හම්බුන තැනට හරි ගිහිල්ලා වතුර අරගෙන එනවා.
◾උඩ තියන Option වලට යනවට වඩා, හොදම දේ තමා වැඩේ වෙන්න කලින් වලක්වා ගන්න එක..
යන ප්‍රදේශය අනුව අවශ්‍ය ප්‍රමාණයට වතුර අරන් යන එක. සාමාන්‍යයෙන් නම් 2 Day Hike එකකට, පුද්ගලයකුට
තෙත් කළාපයේ නම් - 3.5 ලීටර් වගේ
වියලි කලාපයේ නම් - 4.5 ලීටර් වගේ
අවශ්‍ය වෙනවා.
ඒත් එක්කම උයන කෑම, වගේ දේවල් යන ප්‍රදේශය අනුව වෙනස් කරන්න ඕනේ..
වතුර හොදට තියන පැත්තක් නම් නූල්ඩස්, කඩල වගේ දේවල්...
වතුර නැති වියළි කලාපයේ නම්, සමපොෂ, පාන් වගේ ආහාර.
ඒත් එක්කම අපේ චර්යා රටාවන් වතුර තියන ප්‍රමාණය අනුව වෙනස් කර ගන්න ඕනේ.
කනකෙටෙ කෑවට පස්සේ, අත හොදන එක | උදේට මූණ හොදන්න| වැසිකිලි ගියාම වගේ දේවල් වලදි, බොතල් වල තියන වතුර පාවිච්චි කරන්නේ නෑ. මොකද වතුර පුලුවන් තරම් ඉතුරු කර ගන්න ඕනේ..
Hike එකේ අවසානය වෙනකම් කියන්න බෑ, මොකද වෙන්නේ කියලා..
( උදා - වන සතුන් නිසා අපි යන මාර්ගය, අඩි පාර වෙනස් කරන්න සිදු වෙනවා.. එතකොට වතුර වල අවශ්‍යතාව වැඩි වෙනවා.)
අනෙක් දේ තමා Team leader ගේ වගකීමක් තමා වතුර ගැන සැලකිමත් වෙන එක.
සාමාන්‍යයෙන් Team Leader ගෙනියනවා ආරක්ෂිත වතුර බොතලයක්.. මේක මළා⁣ට එළියට ගන්නේ නැති වතුර බොතලයක්. වතුර නැතිම වුනොත් තමා ඒක පාචිච්යට ගන්නේ. ( ඒක ප්‍රසිද්ධ රහසක් )
අනෙක් දේ තමා මඟදි ජල මුලාශ හම්බවෙනවා නම් ඒවාගේ තත්වය දැනගෙන ඉන්න ඕනේ... මොකද අපිට හම්බෙන ජල මුලාශය උඩහ ගෙවල් එහෙම තියනවා නම්, සමහර විට ජලය භාවිතයට නොසුදුසු වෙන්න පුලුවන්.
අනිත් වැදගත්⁣ම දේ තවා, දිය කඩිති, වතුර වලවල් වගේ දේවල් විශ්වාස කරලා, වතුර අඩුවෙන් අරගෙන යන එක.. මේක සෑහෙන්න අවධානම් දෙයක.. මොකද?
◾ ඒ ප්‍රදේශයට වැහැල තිබ්බේ නැත්නම්, අදාල දිය පාරවල්, වතුර වලවල් හිදිලා ගිහිල්ලා තියෙන්න පුලුවන්.
◾වන සතුන්, අතරමංවීම, අදාල මාර්ගය මඟහැරීම නිසා ජල මුලාශ මඟහැරෙන්න පුලුවන්.
◾අදාල ජල මුලාශ භාවිතයට ගත නොහැකි ලෙස, දූෂණය වෙලා තියෙන්න පුලුවන්.
ඒක නිසා හොදම දේ තමා Hike එකක් යද්දි ඇති වෙන්න වතුර අරන් යන එක..
මොකද කෑම නැතුව දවසක් ඉන්න පුලුවන්.. වතුර නැති වුනොත් ?
??????? ?????