Saturday, October 19, 2024
Follow Us
කියවිය යුතුම කතාවක්

විවාහ ජීවිතය එපාම වී ගිය තරුණයෙක් තම බිරිඳව ම#රා දමන්නට සැරසුනේය.


එක් උදැසනක ඇය තම විශ්වාසවන්තම මිතුරියක වෙත ගොස් මෙසේ කීවාය.
"ඈන්, මට දැන් මගේ ගෑණි ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ ගෑණිගේ විකාර වැඩ ඉවසන් ඉන්න බැහැ . මට ඒකිව ම#රලා දාන්න ඕන. ඒත්, නීතිය ඉඳිරියේ වැරදිකාරයෙක් වෙයි කියලා භය හිතෙනවා. ඈන්, ඔයා මට උදව් කරනවා නේද?"
ඇය ඔහුට පිළිතුරු දෙන්නට විය:
- "ඔව් , මට පුලුවන් ඔබට උදව් කරන්න. ඒත්, ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා."
"මොකක්ද කරන්න ඕන? ඒ ගෑණිව ඉවරයක් කරන්න ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි."
තරුණයා පැවසුවේය.
"හරි", ඇය යළිත් පවසන්නට විය,
"මුළින්ම ඔයා ඇයත් එක්ක සමගි වෙන්න ඕන, එවිට, ඇය මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැක හිතන්නේ නැහැ.
ඇයගේ හිතේ ඔයා ගැන ආදරය වැඩි වෙන විදියට ඔයා වැඩ කරන්න ඕනි.
වෙනදටත් වඩා ඔයා ඇය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම, වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන. ඒ වගේම ආදරණීය වෙන්න ඕන. ඔයාගෙ පිරිමිකමේ මාන්නයත් ටිකක් අඩු කරගන්න ඕන . ඇය කියන දේවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්න.
ඔයාගේ මුදල් ඇය වෙනුවෙන් වියදම් කරන්න. ඒත් මහා ලොකුවට ඕනි නෑ.. ඇය⁣ට අඳින්න පලදින්න දේවල් හැකි වෙලාවට ගිහිං දෙන්න. ඇය මහන්සි වෙලා ගෙදර වැඩපල කරද්දී කකුල් උඩ දාගෙන ටීවී නොබල / අනිත් පැත්ත හැරිල නිදා ගන්නෙ නැතුව ඇගේ වැඩ පහසු වෙන්න ඇයට උදව් උපකාර කරන්න...
හැම වෙලාවකම ඇයගේ ලගින්ම ඉන්න. ඇයගේ නෑදෑයන්ට හිතවතුන්ට වෙන්න ඕනි යුතුකම් හරියටම කරන්න . ඒ තැන්වල ඇයව තනි කරන්න එපා. ඒ වගේම ඔයා ඇයව මුණ ගැහුණ දවස්වල දීපු ආදරේ තව තවත් දෙන්න . ඇයගේ දෙමාපියන්ට, සහෝදරයන්ට සමීප වෙන්න . ඒ ගෙදරම දරුවෙක්, සහෝදරයෙක් වගේ හැසිරෙන්න. යුතුකම් කරන්න. බිරිඳටවත් ..ඒ පාර්ශවයේ අයටවත් කිසිම වැඩකට නැති මනුස්සයෙක් වගේ ඉන්න එපා.
ඒ වගේ ම ඇයගේ ලෝකය ගෙයි බිත්ති අතරට කොටු කරන්නත් එපා. එයාව ඇවිදින්න එක්ක යන්න. ඉදල හිටලවත් ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න. කොටින්ම ඇයගේ ශක්තිය වෙන්න . ඇයගේ හැම වගකීමක්ම හරියට දරන්න . ඒ වගකීම් දරන එක ඇයගේ දෙමාපියන්ට සහෝදරයන්ට කරන්න වෙන තැනට ඉඩ තියන්න එපා..
ගෑණු ආවේශ වෙන්නෙ ඕව නොවෙද්දි. ඇය ඒවා ප්‍රතික්ෂේප කරොත් තරහ ගන්නත් එපා.
ඇය සමඟ වාද කරන්න යන්න එපා. ඇය මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැකයක් නොහිතන තරමට සමගියෙන්, ආදරයෙන් ඉන්න. දවස් තිහක් මේ විඳියට කරොත් කිසිම ප්‍රශ්නයක් නොවෙන විඳියට එයාව ම#රලා දාන්න ඔයාට පුළුවන්."
"ඔයාට මේ පොඩි දේවල් ටික කරන්න පුළුවන්ද?"
ඈන් විමසුවාය.
"ඔව්, මට පුළුවන්.."
ඔහු පිළිතුරු බැන්දේය.
"හරි,"
එසේ කියමින් ඈන් තම මිතුරාගේ සුරත මත යමක් තැබුවාය.
"මේ කුඩු වලින් ටික ටික එයාගේ හැම කෑම වේලකටම එකතු කරන්න, ඒකෙන් එයා ටිකෙන් ටික මිය යන්න පටන් ගනීවි."
ඈන්ට සමුදුන් තරුණයා තම නිවෙස වෙත ගොස් ඈන් පැවසූ සියල්ල එසේම කරන්නට විය.
දින තිහක් ගතවන්නටත් පෙර ඔහු යළිත් තම මිතුරිය හමුවන්නට ආවේය.
"ඈන්, මට තවදුරටත් මගේ බිරිඳව ම#රන්න උවමනාවක් නැහැ. මං දැන් සම්පූර්ණයෙන්ම ඇයට ආදරෙන් ඉන්නේ, එයත් දැන් හුඟාක් වෙනස් වෙලා. ඔහු මං හිතුවාටත් වඩා ආදරණීය බිරිඳක්
මට ඇයට මැ#රෙන්න දෙන්න බැහැ. මං කොහොමද ඒ විෂ එයාගේ ඇගේ ඇගෙන් ඉවත් කරන්නේ?
ඈන්, අනේ මට උදව් කරන්නකෝ.."
ඇය දුක්මුසු ස්වරයෙන් මිතුරිය ඉඳිරියේ බැගෑපත් වූවේය.
"දුක් වෙන්න එපා .මං එදා ඔයාට දුන්නේ කෑම රස කරන කුඩු ටිකක්. ඒකෙන් ඇයගේ කෑම වේල රසවත් වෙනවා මිසක කිසිදාක ඇයව ම#රාදමන්නේ නැහැ..
ඇත්තටම, ඔයා ඇය කෙරෙහි ඇති කළ ආතතිය, උදාසීන බව තමයි ඇයව සෙමින් සෙමින් මිය යන්නට හේතු වුණු විෂ.
අන්න ඒ නිසයි, ඔයා.. ඇය කෙරෙහි ආදරය කරන්න, සැලකිල්ලක් දක්වන්න. යුතුකම් කරන්න පටන් ගත්තම ඇයත් හොඳ බිරිඳක් බව ඔයා දුටුවේ.."
ඔහු සනසවමින් ඈන් පිළිතුරු දුන්නාය.
මමත් වගකීමක් නැති සැමියෙක් නිසා ජීවිතේ එපා උන ගැහැණියක්. මට උන දේ ඔබේ බිරිඳට නොවෙන්නයි මම උපදෙස් දුන්නෙ. ගෑණු ආවේශ වෙන්නෙ එයාව සම්පූර්ණයෙන්ම වගේ හැඟීම්වලින් ම රා දමද්දි . ඇගේ රළු එක වචනයක් ඔබට ඇහෙනව නම් කල්පනා කරන්න . ඊට වඩා සිය ගුණයක් ඔබ නිසා ඇය හිතින් විඳවල තියෙනව කියල.ඈන් වැඩි දුරටත් කීවාය.
ප.ලි:
ගැහැණු සැබැවින්ම දුෂ්ඨයන් නොවේ, සැමියා, පෙම්වතා ඇය කෙරෙහි දක්වන ප්‍රතිචාරය මත තමයි, ඇයඇය කෙරෙහි දක්වන හැඟීම්, වගවීම් තීරණය වෙන්නේ.
පිරිමි ඔබට ඇය කෙරෙහි ගෞරවය, කැපවීම, ආදරය, සහ සැලකිලිමත් බවක් දැක්විය හැකි නම් එයම ඇයට ප්‍රමාණවත් වේවි ඇය 100% ක්ම ඔබේ පමණක්ම වන්නට.
..උපුටා ගැනීමකි..