Saturday, October 19, 2024
Follow Us
විවාහ උනත් නැතත් ඔයාගේ ජීවිතයට වැදගත් වේවී....

මන් දෙයක් ලියන්නේ ඉගෙන ගත්තු දේම නිසා නෙවෙයි අත්දැකීම් එක්ක...


2015දී මන් අධික මානසික වේදනාවකින් හිටියා ලෝකෙට නොපෙනන මමම විදවන..
ඉතින් අඩන්න ,දුක් වෙන්න,කල්පනා කරන්න මන් තෝරගත්තේ ඇද...රෑ එලිවෙනකන් ඇස් රතු වෙනකන් අඩපු අවස්තා ඇති...උදේට නැගිටිනකොට කාලෙන් බාගයක් බීලා වගේ වැනෙනවා...??
ඔය අතරේ තාත්තා නැති උනා...??
ඒක තවත් වේදනාවක්..ඉතින් මළ ගෙදර ට ආපු අපේ හිතවත් අක්කා කෙනෙක් අපේ ගෙදර සති දෙකක් නැවතුනා...
දවල්ට තෝන්තු මාන්තු යන්නත් එක්ක මන් එයා එක්ක කතාව...
පිලිගන්න මම ඇයට කරන අපහාසයක් නෙවෙයි ..නමුත් මට තිබුනු ප්‍රශ්න වලට සාපේක්ෂව ඇයට තිබුනා ඩීමෝ බට්ටෙක් පිරෙන්න ප්‍රශ්න ..
ඒ අතින් මගේ ඒවා මල්ලක දාතහැකි??
ඒත් එයා හිනා වෙනවා..සතුටින් ඉන්නවා..හොද ආර්ථික ශක්තියක් තියෙන මම දුකින් ඉන්නවා..?
අක්කගේ මහත්තයා නැති වෙලා..පුතා පොඩියි.අක්කට රස්සාවක් නෑ..මල්ලීලා ගෙනත් දෙන හාල්,පරිප්පු ,සෝයාමීට් වලින් වේල පිරිමහගන්නවා..රස්සාවක් කරන්න යන්න විදිහක් නෑ දරුවවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ...
ඉතින් මන් ඇහැව්වා අක්කේ ඔයාට නින්ද යනවද කියලා...
මොකද එවෙලාවේ මට තිබුනේ නින්ද යන්නේ නැති තත්වයක්නේ..මන් හිතුවේ ප්‍රශ්න තියෙන හැමෝම නිදි නෑ කියලා...??
එක පාරම අක්කා කියපි
"ඔව් නංගි.පංකාදු පහට නින්ද යනවා"කිව්වා..
අම්මෝ මාව කරකවලා පොළොවේ ගැහැව්වා වගේ උනා..මන් විස්තර ඇහැව්වා..
අක්කට ප්‍රශ්න නැද්ද කියලා...අක්කා සේරම කිව්වා...
ඉතින් මන් ඇහැව්වා අක්කේ ප්‍රශ්න තියෙන නම් නින්ද යන්නේ නෑනේ..
පාසලේ පහවසරට ගියපු අක්කා මට කිව්වා
" ඉතින් නංගී ඇදට ගිහින් කල්පනා කරන්නේ අහවල් එකටද.ඇද තියෙන්නේ නිදාගන්නනේ..මන් ඇදට ගියාම මට ඕනේ නිදාගන්න..අනේ යස සැපට මට නින්ද යනවා ඕන් "කියලා..
අම්මෝ ඒ වචන ටික තාම පපුවේ තියෙනවා ..කොටින්ම මන් විශ්වවිද්‍යාලයීය මනෝවිදායාව ඩිප් එක ගන්න පෙර ඒ අක්කා මට දීපු උපදෙස හැමදේටම වඩා පපුවේ නැවතුනා...ඇය තමයි මගේ මුල්ම මනෝවිදායාව උපදේශිකාව...??❤️
ඉතින් එදා ඉදලා මම ඇදට ගියාම හිතුවා.මන් ඇදට ආවේ නිදාගන්න..සැප ආතල් එකේ නිදාගන්න...??
සතියක් විතර හිත දෝලනය උනා..නමුත් මන් අරමුණ වෙනස් කලේ නෑ...කොටින්ම කියන්න ඊට පස්සේ හොරු ආවත් ගානක් නැති ගානට මම පැය 7 එලාම් එක තියල නිදාගත්තා...??❤️
අදටත් එහෙමයි..
අන්න ඒ පුරුද්ද මට විවාහයට වැදගත් දෙයක් උනා...කවදාවත් මන් ඇදට ඇවිත් එයාගෙන් ප්‍රශ්න ඇහැව්වේ නෑ..ගැටලු සාකච්ඡා කලේ නෑ...අපේ ඇද සුන්දර ස්ථානයක් උනා..
දවසේ මොන තරම් ආරවුල් වෙලා ඩාම් ඩූම් ගාගෙන හිටියත් ඇදට ගියාම මීක් නෑ...??
මොන තරහෙන් හිටියත් ඇදේදී ඒක පෙන්නුවේ නෑ...තරහවෙලා ඇදට ආවත් එයා ඇගට අතදැම්මේ නැත්නම් සීරුවෙන් මම ලන් උනා...සියලු නෝක්කඩු එතනින් ඉවරයි..නමුත් ගැටලුව තාම තියෙනවා නම් ඒක විවේක වෙලාවක විසදන්න හිතේ සේව් කරල ,ඇද සුරපුරයක් කලා...
එයාට ඒක පුදුමයි...වෛද්‍යවරයෙක් උන එයා හිතුවේ මන් මනෝවිදායාව ඉගෙන ගෙන නිසා එහෙම කියලා...??
විකාර..
මන් එයාට නොකිව්වට මට ඒක කියා දුන්නේ පාසල් නොගිය අර අක්කා...❤️❤️?ඇයගේ අවබෝධය සහතිකවලින් නැති උනාට විශිෂ්ඨ යි..
පිලිගන්නම වෙනවා බොහෝ විවාහ ජීවිත වලදී බිරිද මහත්තයා ව වලියට අල්ලගන්නේ ඇදේදී...ප්‍රශ්න විසදන්නේ ඇදට ආවාම...ආර්ථිකය හදන්න,ගේ හදන්න,වාහනයක් ගන්න,දරුවන්ගේ ප්‍රශ්න කතා කරන්නේ ඇදට ආවාම..ඉතින් අර මනුස්සයාට ඒ ඇද එපා වෙන එක අහන්නත් දෙයක්ද..??
පිරිමි කැමති නෑ ප්‍රශ්න සාකච්ඡා කරන්න..බොහොමයක් හදන්නේ ප්‍රශ්නෙන් පැනලා යන්න..අනේ ඉතින් අපේ නෝනාලා උන්දෙලව ඇදේදී අල්ලගන්න දත කනවා...??
එපා ඇද එපා ප්‍රශ්න වලට ගන්න..ඇදට ආවාම ප්‍රශ්න බිමින් තියලා සතුටින් නිදාගන්න..ඔබේ ජීවිතය වෙනස් කරන හොදම මායාව ඒක..❤️?
Himali Kolonne ගෙන් උපුටාගැනීමකි .
Neesha Wijesekara ❤