Saturday, October 19, 2024
Follow Us
අනාවැකිකාරියගේ අනාවැකිය

එක්තරා කාලෙක හිටිය ඩැලරින්ස් කියල කාන්තාවක්.ඇය තමන්ගෙ අනාගතයේ වෙන්නෙ මොනවද කියල නිතරම හිතමින් හිටියෙ " නගරයේ කෙනෙක් අනාගතය ගැන කියනව.අපි අහල බලමුද " ඇගේ යෙහෙලිය සීමා එහෙම කියද්දි ඇයත් ඒකට කැමති වුන.


ඒ කාන්තාව අනෙක් කෙනාගෙ අනාගතය ගැන කිව්වෙ පුළිගුවක් කරකවමින්ය.ඇය සමඟ පැමිණි කාන්තාව ඉවතට ගියා.ඔන්න දැන් ඇය මතුරන්න වුනා
" ඔය දරුව ළඟදි විදේශගතවෙනව.නමුත් ඒ යන ගුවන් යානය අනතුරකට ලක්වෙනව " ඒ අනාවැකිය එක්කම ඩැලරින්ස් ආපහු නිවසට එනව.ඊට හරියටම සති දෙකකින් රටින් පිටවෙන්න වෙන නිසාම ඇය ඒ ගමන අදාල දිනය කල් දමා ගන්නෙ ගුවන් ටිකට් පත් පවා දින වෙනස් කරමින්.
හිතුව විදියටම ඒ කලින් ගිය අහස් යාත්‍රාව අනතුරකට ලක්වෙනව.නමුත් ඇය අර අනාවැකිය නිසා බෙි⁣රෙනව.
" සීමා මෙික නම් මහ පුදුමයක්.ඇය මගේ ජිවිතය බේරගන්තා."
දෙදෙනාම ඇය ගැන පැහැදුනා.තරමත් යහමින් මුදල් තියෙන තැනැත්තියක්.අර අනාවැකිකාරියගේ මීළඟ අනාවැකිය ඇයගේ විවාහය ගැන.
" ඔහුව ඔබට හමුවෙන්නෙ අද දවසේ මෙතැනින් පිටව යද්දි "
ඒ කිව්වා වගේම ඇයට තරුණයෙක් මුණ ගැසෙනව.දෙදෙනා විවාහ වෙනව.නමුත් ඔහු කරන්නෙ ඇගේ දේපොළ නැති නාස්ති කරන එක.මෙි ගැන කාලයක් තිස්සේ ඩැලරින්ස් තැවෙනව.
" උඔ වෙනදට වඩා වෙනස් ඇයි ජෝජ් හොද නැද්ද " ඇය අඩමින් සියල්ල පවසනවා.
" අනාවැකිකාරිය බොරු කියල ද " සීමා සැකයෙන් කතාකරනව.අනතුරුව දෙදෙනාම අනාවැකිකාරිය දකින්න යනව.ඇය ඒ වෙද්දි මිය ගිහින් සිටි බව ඔවුන් දැනගන්නේ ගරා වැටුණු අනාවැකිගාරය නිසයි.
" දැන් මෙතන ඉන්නෙ මම,ජෝජියානා නෝනා මැරිල.දැන් මෙතන කවුරුත් නෑ." එතැන සිටි වියපත් මිනිසෙක් පවසනවා.
නමුත් දෙදෙනාම එම පරණ ගොඩනැගිල්ල අතරේ ඇවිදයනවිට එක්තරා බිම වැටුණු පින්තූරයක් දකිනවා.එය දකින ඔවුනගේ ඇස් අදහා ගත නොහැකි වෙනවා.ඒ අර අනාවැකිකාරියාගේ පුතා ⁣වෙන කවුරුත් නොව ජෝ්ජ් බවයි.
තමන් අර ගැහැණියගේ ගැටයට හසුවුනු බව දැන ඩැලරින්ස් වැලපෙන්න වෙනවා.අනාවැකිකාරිය ගැන අපමණ විශ්වාසය තැබීම ගැන ඇය තමන්ටම සාප කරගන්නවා.
අපි තව දෙයක් වෙනුවෙන් අපමණව තීරණවල සිට වැඩ කිරීම තුලින් අනාගතයේ බොහෝ ගැටලුවලට ලක්වන්න පුළුවන් වෙනවා.
©නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි- කතෘ අයිතිය සුරකින්න)