Saturday, October 19, 2024
Follow Us
ආදරය තියෙන්නෙ වචන වලට හුඟක් එහායි..ඒක ක්‍රියා පදයක්...

නූතන වණික් සමාජය ලෝකය මිනිස්සුන්ගෙ හැඟීම් විකුණන්න හුගක් දක්ෂයි...ආදරය කරුණාව,අනුකම්පාව,දුක සතුට මේ ඕන එකක් වෙළඳ සැණකෙළියක් කරගන්න ඒ අයට පුළුවන්...ඒ සඳහා මනරම් සංකල්ප නිර්මාණය කරන ඔවුන් ඒක ඇතුළෙ විවිධ අවශ්‍යතා හදනව...ඒ හදපු සංකල්ප ඇතුළෙ අවශ්‍යතා මගහරින්න බැරි පාරිභෝගිකයෙක් නිර්මාණය කර ගැනීම තමයි ඒගොල්ලන්ගෙ අවසන් ඉලක්කය...වැලන්ටයින් දවස කියන්නෙ අන්න ඒවගේ සංකල්පයක් ඇතුළෙ අවශ්‍යතා මිලදී ගන්න පුරුදු වෙන පාරිභෝගිකයෙක් හදන දවසක්....


ආදරය කියන්නෙ අකාලික හැඟීමක්...ඒකට දවසක් අවශ්‍ය නෑ....ඒත් අතීත කතාවකින් උපන් ඒ දවස අද හොඳට විකුණන්න පුළුවන් දවසක්....හාට් සිම්බල් එක හොඳටම විකිනෙන දවස ඒක...රැපින් පේපර් එකේ ඉඳල පටන් ගත්තම හුඟක් මිළ අධික දේවල් මේ දවස ඉලක් කරගෙන වෙළඳ පොළට එනව....සංකේතමය ලෙස ආදරය ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය වටපිටාව හැදෙනව....ලංකාවෙ හුඟක් රහස් කුටි පිරෙන දවසක්....ඒ රහස් කුටි ඇතුළෙ අවබෝධයෙන් හැසිරෙන පිරිස හුඟක් අඩුයි....ලිංඟික ආකර්ශනයෙන් එහාට ගියපු බැඳීමකට පමණයි ඒ රහස් කුටිය තුළ පසුතැවීමක් ඉතුරු නොවෙන්නෙ...මොකද ලිංගික ආකර්ශනය කෙට් සෘතුවක්...ඒ කොහොම උනත් ලිංඟික පීඩනය වැඩි ලංකාව වගේ සමාජයක රහස් කුටියක නිවෙන ගෑනු මිනිස්සු ගැන වරදක් කියන්න බෑ.....ඒ යථාර්ථය පිළි නොගෙන ඒ අය චූදිතයො කරන්නෙත් ඒ අව්‍යතාව තියන අයමයි.. එක්කො ඒක අහිමි කෙනෙක්...එහෙමත් නැත්නම් අනෙකාගෙ වින්දනය දිහා සංසුන් මනසකින් බලන්න හුරු නොවුණ කෙනෙක්....මෙවැනි කාරනා පිළිබඳ තියෙන්න ඕන පුළුල් සමාජ කථිකාව අකුලල තියෙද්දි ඒව දිහා විවෘතව බලන ඔලුගෙඩි හැදෙන්න විදිහකුත් නෑ.....කොහොම හරි අපට මේ වෙළඳ සමාජය මග ඇරල යන්න බෑ....ඒක ඇතුළෙ තියන පටු වීදිවල දැනුවත්ව ඇවිදින එක තමයි කරන්න වෙන්නෙ....අප තුළ අවශ්‍යතා කෘතිමව හදන වෙළඳ යාන්ත්‍රණය ගැන අවබෝධයක් හදා ගත්තම අහු නොවී වැඩි දුරක් යන්න පුළුවන්....වැලන්ටයින් දවස කියන්නෙ සංකල්ප ඇතුළෙ දැනුවත්ව රස්තියාදු ගහන්න ඕන දවසක්.....මොකද ආදරය තියෙන්නෙ ඊට හුඟක් එහායි..
රවී සිරිවර්ධන