Saturday, October 19, 2024
Follow Us
මට එදා සාගිනි කුකුළා කියල කතා කලේ

මට එදා සාගිනි කුකුළා කියල කතා කලේ ?
ඒත් ඇයි ?


අසරණ වුන වෙලාවට මිනිස්සුන්ට එහෙම කරන්න එපා,
මොකද ඒ හිත් රිදීම් ආයෙ කවදාවත් හදන්න බෑ.... ??
හැබැයි අද මන් වෛද්‍යවරයෙක් ?
රටකට ජීවිතේ කියාදෙන විද්‍යාව ගුරුවරයෙක් ?
කවුරුත් නොදත් මගේ කතාව හිතේ බලාපොරොත්තු නැති කර නොගන්නට ඔබ වෙනුවෙන් ??❤️
===================================
මං ඉපදුනේ බුත්තල, වගුරුවෙල කියන ගමේ.
පවුලෙ අප්පච්චි, අම්මා, අක්කලා දෙන්න, නන්ගි සහ මම ගොඩ ගොඩාක් ප්‍රශ්න මැද ජීවිත් වුනේ... ?
අපිට ජීවිතේ ඉස්සරහට යන්නෙ කොහොමද කියල වත් හරි හමන් විශ්වාසයක් නොතිබෙන කාලෙක අප්පච්චි හදිසියේම මිය ගියා...
ඉගෙන ගන්නවට වඩා, බඩහින්න නිවා ගන්න අම්ම එක්ක මන් කරපු දේවල් මන් විතරමයි දන්නෙ,
අප්පච්චිගෙ සම්පූර්ණ වගකීම්, ගෙදර එකම කොල්ල විදිහට 6 වසරෙ ඉදන්ම මට කරන්න වුනා... ?
කුඹුරට බැහැල කුඹුර කොටන්න,
බයිසිකලේ පැදගෙන වී කොටන්න යන්න.
ගඩොල් හදන්න මැටි වලක බැහැල මැටි අනන්න,
හේනට ගිහින් බඩ ඉරිගු ගස්වලට පස් දාන්න...?
ජීවිතේ ගොඩාක්ම, කටුකම අත්දැකීම් තිබුනෙ ඒ කාලෙ ??
හොදම මතකය, අපිට කිසිම දෙයක් නැති කාලෙදි, කාගෙන් වත් උදව් තිබුනෙත් නෑ... අප්පච්ච් නැති වුනත් හරි, අම්ම මාරම ගේමක් ගැහුවෙ අපිට උගන්වන්න, ඒ ඔක්කෝටම වඩා අපේ බඩගින්න නිවන්න...??
පැල්වත්ත සීනි ෆැක්ටරි එකට යන්න පාන්දර හීතලේ ගැහි ගැහී, අපිටත් තියෙන කොස් ටිකක්, බඩ ඉරිගු කරල් ටිකක් හරි තම්බලා තියල, උදේ 5 ට විතර ලොරිය එනකල් ඉන්නෙ, කාශ්ටකේ උක්ගස් කපන්න..? කාශ්ටක පොලොව උදැල්ලෙන් කොටන්න,
කවදාවත් එයා සැප වින්දෙ නෑ ??? ඒක හොදටම දන්නෙ අපි.
රුපියලත් පුදුමාකාර සංයමයකින් වියදම් කලේ පෙරේතකමට නෙවෙයි, අපිට පාඩම් කරන්න කුප්පි ලාම්පුවට දාන්න භූමිතෙල් ටික ගන්න ඊලග පඩි දවස වෙනකල් ගත්ත සොච්චම ඉතිරි කර ගන්න ඕන නිසා... ?
හවසට ගෙදර ඇවිත්, උදැල්ල කර තුයාගෙන කුබුරට යන්නෙ, ජීවිත අභියෝග හැම දෙයක්ම ඒ ගෑණු අත්දෙක මත තියල අප්පච්චි අපිව දාල යන්නම ගිය නිසා,
දරුවො මහ මග දාල, එයාගෙ සැප හොයාගෙන යන්නෙ නැතුව, අපිට පුලු පුලුවන් විදිහට සැප දෙන්න එයා මේ ලෝකෙ මනුස්සයෙක් නොවිදින දුක් වින්දෙ ?
දවසක්,
අපේ කුබුරට බෙහෙත් ටික ඉහ ගන්න කවුරුත් උදව්වට හිටියෙ නෑ ? ටැංකිය කරට දාගෙන, අම්ම ඒ මඩේ එරි එරී බෙහෙත් ඉහින්න ගත්තා, මන් ඒ වෙද්දි ටැංකියට වඩා යන්තම් චුට්ටක් උසයි, 6 වසරෙ වගේ...
මන් හැමදාම දැක්කෙ, ගෑණියෙක් උනාට.. එයා යකඩ අත් තියෙන, පිරිමි පෞර්ශයක් ?❤️
ඒ තමයි මගේ අම්මා...❤️
කවදාවත් හිතුවෙ නෑ.. කවද හරි මේ විදිහට ජීවිත කතාව වෙනස් වෙයි කියල ?
අද මම වෛද්‍යවරයෙක්, ලංකාවටම විද්‍යාව ටියුශන් කරන ගුරුවරයෙක් ?
හැබැයි, අපේ අම්ම ඉගෙනගෙන නෑ.... 6 වසරට විතරක් එයා යන්තමට ඉගෙනගෙන තියෙනවලු ? ඒත්, මට මාරම සතුටුයි, එයාගෙ පුතා වෛද්‍යවරයෙක්.
අපි, ගමක ජීවිත වුනත්, රුපියලකින් වත්, වචනෙකින් වත් අපිට උදව්වට කවුරුත් හිටියෙ නෑ...
හැම වචනයක්ම මාව, අපේ අම්මව වට්ටන්න කියපුවා..
ඇත්ත,
අපේ අම්ම අපිට කන්න අදින්න දෙන්න, රුපියල් 500 ය, 1000 වගේ එක එක සමිති වලින් පොලියට නයට ඉල්ලපු එක,
ඒත් කුලී වැඩ කරල හෝ ඒව ගෙවනවනෙ, මිනිස්සු ඒකටත් එක එක කතා කිය කිය ඉස්කෝලෙදි පවා මාව චාටර් කලා ??
දවසක්, අපිට ජීවත් වෙන්න කියල, "සාගිනි නිවීමේ ඒකකය" කියල තැනකින් බිත්තර දාන කිකිලියෝ දුන්න නොමිලේ ?❤️ මට එදා ඉදන් හැමෝම කතා කලේ "සාගිනි කුකුළා " කියල ? ඒත් ඇයි ?
එහෙම කවදාවත් කරන්න එපා දෙවියනේ ? ඒ වෙලාවට දානෙන දුක, හැමෝටම දරාගන්න බෑ...
ජීවත් වෙනවට ජීවත් වෙනව වගේ තත්වෙක, මොන ප්‍රශ්න ආවත් මන් මගේ අම්මව කවද හරි රැජිනක් කරනවාමයි කියන සිතුවිල්ල මගේ හිතේ තදකරගෙන තියා ගන්න උදව් කලාට දෙවියන්ට ගොඩක් පිං ??❤️
මම කොහොම හරි ඕලෙවල් වලට මගේ ගමේ ඉස්කෝලෙ වගුරුවෙල මහා විද්‍යාලයට ගියා,
ශිශ්‍යත්වෙ නම් ෆේල් ?
හැබැයි, මගේ ඉස්කෝලෙ මට 1 වසරෙ ඉදන්ම උගන්වපු හැම ගුරුවරයෙක්ම, මට පුදුම විදිහට ආදරේ කලා ❤️
ඉස්කෝලෙ අවසාන කාලෙ මගේ ජීවිතේට පායපු පුරහද,මගේ ගුරුවරයා රෝහණ උපුල් කුමාර සර්,
විටෙක,
මගේ අප්පච්චි වගේ ලගින් හිටිය,
විටෙක, එක කුස උපන් සහෝදරය උනා ❤️
විටෙක, හොදම යාලුවා... ❤️?
ආදරෙයි,
මගේ ජීවිතේ හැරවුම් ලක්ශය උනාට, මගේ ජීවිතේ කවදාවත් අමතක නොවනම ගුරුවරයෙක් ❤️?
මන් දවසක්, මගේ අප්පච්චිගෙ ජීවිත කතාව කෙටි කතාවක් විදිහට ලිව්ව, "පිතු සෙනෙහස" මගේ කතාව කියවල, " අඩේ පට්ට කොල්ලො, අපි මේක ප්‍රින්ට් කරල එලිදැක්වීමේ උත්සවයක් තියමු කිව්ව" එතකොට මන් 9 වසරෙ ??
ජීවිතේ, මුදලට එහා... මනුස්සකම, හදවතේ උතුරපු රත්තරං ගුරුවරය නිසයි අද මේ හැම දෙයක්ම මට ලැබුනෙ ?
මන්,
ජීවිතේ විදින්න අකැමැතිම දෙයකටත් හරියටම ඕලෙවල් විභාගෙ 8 වෙනි දවසෙ, සංගීත පේපරේට යන ගමන් විදින්න උනා,
ඒ අපේ අම්ම
වැඩට යන්න පාරට ගියාම ඇක්සිඩන්ට් උනා,
එදා මට විභාගේ ලියන්න යන්න බෑම හිතුනෙ, ලේ විලක් මැද්දෙ වැටිල හිටපු අම්මව බලන්න කට්ටිය ගොඩක් එකතු වෙලා හිටියත්, උස්සලා හොස්පිටල් එකට ගෙනියන්න කවුරුත් නැති වෙද්දි, මමයි දුවගෙන ඇවිත් අම්මව අරගෙන ගියේ..? විභාගේ ලියන්න යන්න මානසිකත්වයක් තිබුනෙ නෑ,
හැබැයි අදටත් මතකයි, අඩ අඩා ලිව්ව විභාගෙ ගොඩක් ඉහලින් සමත් ?
අම්මට
හොස්පිටල් එකෙ මාස එක හමාරක් විතර ඉන්න වුනාම, ගෙදර බර මට ඕලෙවල් ඔවර වෙච්ච ගමන්ම තදින්ම දැනෙන්න ගත්තා,
කන්න බොන්න දේවල් ටික නැති වෙද්දි,
සබන් කෑල්ල නැති වෙද්දි ?
මොනා කියල කරන්නද ?
ගෙවල් ලග තිබුන DOLE LANKA කියල කෙසෙල් කම්පැනියක්,
මොකක් හෝ ජොබ් එකක් ඉල්ලගෙන යන්න උනා මට ?
ඒත්...
මගේ වයස මදි කියල දෙන්න බෑ කිව්ව,
ඒත් මට ඒ වෙලාවෙ ඉකි ගගහ ඇඩුනා,
එතන හිටපු රත්තරන් මැනේජර් කෙනෙක්, මට පැල තවානෙ පොඩි පොඩි වැඩ කරන්න කිව්ව. ?❤️
මට ජීවිතේ ඉගැන්නුවේ නෑ ගොඩාක් දෙනා, හැබැයි තනියම ඉගෙන ගත්තු දේවල් ගොඩායි ? ඒ හැම වේදනාවක්ම හිතේ ගුලි කරගෙන ජීවිතේ ඉස්සරහට යද්දි,
ඒ කොම්පැනියෙම මැනේජර්ලා බංගලාවෙ හට් එකක ලැප්ටොප් එක දිගහැරගෙන ඉද්දි, පුදුම ආසාවක් හිතට ආව,
අද කොම්පෝස්ට් පොහොර අන අන මම හිටියත්, කවම කවද හරි මන් මේ වගේම වෙනවමයි කියල ??
ජීවිතේ
හීන කියන එව්ව, නිකන් හැබෑ වෙන්නෙ නෑ කියල දන්නව, ඒත් ඒ පස්සෙ දුවන්නම ඕන කියලත් දන්න නිසයි, තනියම ඉගෙන ගත්ත ජීවිතේ මන් අද ලංකාව පුරාම මගේ ආදරණීය දරුවන්ට මන් කියල දෙන්නෙ ??❤️
https://youtu.be/jluWaoYqoKQ
☝️මේ මගේ ජීවිතේ උගන්වන, පංතියේ Youtube Link එක ❤️
කොහොම හරි ඔහොම ගත වෙද්දි, මට මුන ගැහුන ඒ කොම්පැනියෙදිම, නිශාන් කියල මහත්තයෙක් ?❤️
මට ලගට කතා කලා, මතකද මාව කියල ඇහුවම, මන් අන්දුන් කුන්දුන් උනා.. නෑ සර් කියල, ඔලුව නමාගෙන කිව්ව ?
ඒ වෙලාවෙ, නිශාන් සර්, මට උගන්වපු පලවෙනි ජීවිත කතාව තමයි,
කිත්සිරි කෙනෙක් එක්ක කතා කරද්දි, ඔයා පෞර්ශයකින් ඉන්න, මිනිස්සුන්ට ගරු කරන්න ? ඒක හරි, ඒත් ඔලුව නමන්න ඕන නෑ ❤️❤️? ඒ වචන ටික අදටත් මගේ හිතේ දෝංකාර දෙනව,
ඇයි මතක නැද්ද, ඔයාගෙ කෙටිකතා පොත එලිදක්වන උත්සවේට වගුරුවෙල ඉස්කෝලෙට මන් ආව, ඔයාගෙ කතා පොතක් මගේ අතේ තියල ඔයා වැන්ද මතක නැද්ද කියල ඇහුව ?❤️
ඒ වෙලාවෙ, නිශාන් සර්, මට ගොඩාක් දේ කියල දුන්න, මගෙන් ඇහුව උසස්පෙලට මොනාද කරන්නෙ කියල, මන් කිව්ව ජීව විද්‍යාව සර් කියල,
නියමයි කොල්ල... ❤️?
සුභ පැතුම්,
හැබැයි එක දෙයක් කිත්සිරි,
ටාගට් එක ඉවර වෙනකල්, ආදර සම්භන්ධතා පටන් අරගෙන පිස්සු නටන්න එපා ✋?
ඒ උපදෙස්, මට මගේ පෙර පිනකට කන වැටුන උපදෙස්මයි ❤️
ඒ විතරක් නෙවෙයි,
උසස්පෙල විභාගේ ඉවර වෙනකල්ම, සර්ගෙ යාලුවාගෙ අම්මයි තාත්තයි, මට හැම මාසෙම රුපියල් 1000 ගානෙ දුන්න,
අද ඒ මිනිස්සු මගේ මේ ජයග්‍රහණයට කරපු උදව් ආත්ම ගානක් ගියත් අමතක නැති වෙයි ❤️?
කොහොම හරි, මගෙ රිසාල්ට් ආව, එතකොටත් මන් කොම්පෝස්ට් අනනවා, කම්පැනියෙ මහත්තයෙක්මයි ටවුමට ගිහින් එන ගමන් රිසාල්ට් බලාගෙන ආවෙ,
ආපු ගමන් මට මාරම සතුටුයි,
කොල්ල මරුනෙ, ? ගනන් වලට A එකක් තියෙනවනෙ කිව්ව,
ඇත්තටම,
මන් කිසිම විශයකට පංති ගියේ නෑ, ඒත් ගනන් වලට ගොඩක් ආස නිසා බුත්තල රංජිත් අබේවික්‍රම සර්ගෙ ගනන් පංති ගියේ රුපියල් 100 ට ගාස්තු අය කරන කාලෙ.
ඒත් මට ඒක ගෙවා ගන්නත් විදිහක් නැති නිසා, මන් සර්ගෙන් ඇහුව සර් මට නිකන් උගන්වන්න බැරිද කියල, සර් දෙවියෙක්... සල්ලි සතයක් ගත්තෙ නෑ ❤️
කිලෝමීටර් 7 ක් ෆුට් බයිසිකලේ පැදගෙන පංති ගියා, මන් ඒ නිකන් කරපු මිනිස්සුන්ගෙ ගෞරවේ අද දෙන්න ඕන නිසයි, වෛද්‍යවරයෙක් උනේ ❤️❤️?
සල්ලි කියන දේ මනුස්සයෙකුට ඕනම දෙයක් ? අපිට සල්ලි නැතුව අසරන වුන වාර අනන්තයි,
දවසක්
මල්පියලි ප්‍රකාශකයෝ ඉස්කෝලෙ ප්‍රශර්ශනයකට ආව, පංතියේ හැම ලමයෙක්ම එක එක දේවල් ගද්දි, මාත් අම්මගෙන් රුපියල් 100 ක් ඉල්ලුවත් මොනා හරි ගන්න කියල, ඒත් අල්ලපු ගෙදරින් නයට ඉල්ලලා රුපියල් 50 ක් දුන්න,
මට හොදට මතකයි,
මන් මට ආස දේ හෙව්වෙ නෑ ප්‍රදර්ශනේ,
මන් හෙව්වෙ රුපියල් 50 ට ගන්න තියෙන්නෙ මොනාද කියල ? ඒ අතරෙ හම්බ වුනා දිස්ත්‍රීක්ක ගලවලා සෙට් කරන්න පුලුවන් ලංකා සිතියමක්,
මට අදටත් ඒ සිතියමේ හැම දිස්ත්‍රීක්කයක්ම තියෙන තැන්, ඒවගෙ හැඩ, ඒ ලී කෑලිවල ගාල තිව්න පාට පවා මතකයි ❤️
ස්මාර්ට් ෆෝන්,
ටීවි
බයික්
කරන්ට් එක
මේව අපිට හීන විතරයි,
හැබැයි පිං සිද්ද වෙන්න ඕන, ඒ දේවල් තිබුන නම් සමහර විට ජීවිතේ තේරුම් ගන්න බැරි වෙන්නත් තිබුනා. ?
සමහර දාට, අම්ම කුලියට ගොයම් අදින්න, මුං කරල් කඩන්න යද්දි මාත් පස්සෙන් යනව, එතකොට 7 වසරෙ, 8 වසරෙ වගේ...
මුං කරල් කිලෝවක් කඩන්න රුපියල් 5යි ඒ දවස්වල දෙන්නෙ,
ඉතින් දවසටම මන් කරල් කිලෝ 4ක් හෝ 5 ක් වගේ කඩා ගන්නව ?
ඒ සල්ලි වලින් තමයි, පෑන් පැන්සල් ගන්නෙ සමහර දාට නැත්තම් ඉතින් ඒ රුපියල් 20 ට 25 ට, අපි කන්න ආස දෙයක් මොනා හරි කඩෙන් අර ගන්නව ? නැතුව අපේ අම්මට සුපර් මාකට් යන්න, පීස හට් යන්න, රයිස් කොත්තු අරන් දෙන්න විදිහක් තිබුනෙ නෑ.. ?
ඒ අතරතුර මම නම් නිකන් හිටියෙ නෑ,
මොකද මම කැමතිම නැති දෙයක් තමයි නිකන් ඔහේ කලෙ කා දාන්න.
මන් මූර්ති හා කැටයම් කෝස් එකක් කලා 6 වසරෙදි,උපුල් සර්ට ගොඩක් පිං,
ඉස්කෝලෙ ඇරුන ගමන් මන් ෆුට් බයිසිකලෙන් ගෙදර ඉදල, මහගොඩයායට බයිසිකල් එක පදිනව ? දුර කොච්චරද කියල, දන්න අය නම් දන්නව ?
ඊට පස්සෙ, 7 වසරෙදි, කරාතේ කෝස් එකක් කලා, එදා 2003 දි, ඌව පලාත් ටුනමන්ට් එකේ චැම්පියන් මම ??
9 වසරෙදි, කෙටි කතා පොත ලිව්ව,
10 වසරෙදි, ප්‍රසාද් සර් එක්ක, රූපවාහිනී සංස්ථාවෙ පලමු වතාවට සිංදු කියන්න ගියා,
මුලින්ම කොලඹ දැක්කෙත් එදා ??
ඒ වගේම, සුභසෙත් ගෙදර පල්ලියෙ, නාට්ටි තරගයකට පසුබිම් ගායනයට කොලඹ BMICH ගියා ?❤️ "මහ වීදියේ, බරපොදි අපි කර ගසමු, මුදලි තුමන් දෙන සොච්චම අතට ගමූ " අදටත් ඒ වචන මතකයි ?
11 වසරෙදි,
ප්‍රාදේශීය ලමා පාර්ලිමේන්තුවේ, විපකශ නායක වුනා ??
සුනාමි ව්‍යසනයෙන් පසු යලි එක්ව ගොඩ නැගෙමු, නාට්‍ය තරගයෙන් අපේ නාට්‍ය 3 වෙනි ස්ථානය ගත්තා,
ඒ අස්සෙ ඉතිං, ගමේ දහම් පාසලේ භක්තිගීත තරගවලට එහෙම ගියා පුලු පුලුවන් විදිහට,
ගොඩාක් පිං, ඒ හැම දෙම මන් ආසාවෙන් කලේ,
සමහර දාට, මට මාවම එපා කරපු සිද්දි අනන්ත අප්‍රමාන උනා, ඒත් කාගෙන මගෙ ගමන මන් ඉස්සරහට කොහොම හරි තල්ලු කරගෙන ගියා ??
ඒ හැම දේටම,
මගේ ලගම හිටියෙ, මගේ අම්මා... ලොකු අක්කා, කවදාවත් එයාගෙ ආදරේ (අදටත්) අක්ක කෙනෙක්ගෙ විදිහට දැනිල නෑ...
මගේ දෙවෙනි අම්ම කියලමයි හිතෙන්නෙ ?❤️
පොඩි අක්කත් එහෙමයි,
නන්ගි පන්ඩිතී, ඉස්සර කොයි වෙලාවෙත් අපි රන්ඩු උනත්, අද අපිට අපි නැතුවම බෑ... ❤️
උසස්පෙල විභාගෙ,
ජීවිත කාලෙටම මේ අවුරුදු දෙකෙ තුනේ විදපු දුක්,
කාපු කට්ට කිව්වත් කියල ඉවර කරන නම් බැරි වෙයි,
දුටුගැමුනු ස්කෝලෙන් තමයි මන් ඒලෙවල් කලේ,
බයෝ කරන නිසා හොද පංතියකට යන්නත් ඕන නිසා, අම්මගෙන් ඇහුව අම්මා...
හැමෝම පංති යනව, මන් විතරක් නොගොයොත් මට මගේ ඉලක්ක වලට යන්න බැරි වෙයි,
මාත් මාතරට යන්නද පංති කියල ඇහුවම,
"මං හිගා කාල හරි උගන්වන්නම්, උබ පලයන්" කියල කියන්න මගේ අම්ම අපිට වෛරෝඩි මානික්‍යක් ?❤️
මන් මාතරට ගියාට පලවෙනි දවසෙ මාරම අමාරු උනා, ඉන්න තැනක් හොයා ගන්න නෑ, පංති දන්නෙ නෑ..
අඩුම ජීව විද්‍යාවය ඉන්ග්‍රීසියෙන් කියන්නෙ BIOLOGY කියල දන්නෙත් නැ ??
නවතින්න තැනක් නැතිව, රැයක් එලි වෙනකල්, පේමන්ට් එකක නිදිය ගන්නත් වුනා ? පස්සෙ, මගේ ලොකු මස්සිනා samantha dissanayaka මගේ අප්පච්චි වගෙ හැම දේකදිම ලගින් හිටපු ඔහු, ඔහුගේ නෑදෑ වෙන කෙනෙක් රුහුණු කැම්පස් එකෙ ඉගෙන ගන්නව කියල, එ අයියලා ඉන්න බෝඩිමේ මාව නැවැත්තුවා .... ඒ දෙව්න්දර, වැල්ලමඩම කියන තැන, මට මාතරට බස් එකට දෙන්න රුපියල් 10 ක් නැති දවසට, දෙව්න්ශර ඉදන්, මාතරට පයින්ම යන දවසුත් එමට තිබුනා ?
කැම බිම ගැන නම් කතා කරල වැඩක් නැ, බඩගින්න කියන එක ජීවිතේ පුරුද්දක් උනා... කැම්පස් එකෙ කැන්ටිමට කොහොම හරි ගිහින්, රුපියල් 13 කට තියෙන බත් චුට්ට්ටම චුට්ට කාල, ඒකෙන්ම රුපියල් 17 ක් දීල, දවල්ටත් බත් එකක් ඔතාගෙන යනව,
කොච්චර නම් චුට්ටක්ද කිව්වොත්, මගේ පොත් ටිකයි, බත් එකයි, ස්මැක් පොඩි බෝතලයකට වතුර එකකුයි මේ ඔක්කොම මම, clear බෑග් එකක දාගෙනයි ගියේ,
ජීවිතේ දුකක් විදිහට ඒ කිසිම දෙයක් මන් බාර ගත්තෙ නෑ, ඒ හැම දේම දවසෙන් දවස සැපක් වෙයිනේ කියල, සමහර දාට පාං කාලක් ඇල් වතුර බිබී කකා රෑ එලි වෙනකල් පාඩම් කලේ, කොහොම හරි මේ ජීවිත කතාව වෙනස් කරන්න ඕන නිසා,
මතක් කරන්න ඕන,
ගාමිනී අබේගුනරත්න සර්,
අපි අතරින් සමු ගත්තත් සත්‍යානන්ද විජේසේකර සර්,
ජානක කාරියවසම් සර්,
මට free card දීල ඉගැන්නුවා, ?❤️
අද මා සුවපත් කරන, හැම රෝගියෙකුගේම පින, මාගෙන් ඉගෙනගෙන ජීවිතේ එක්කම විද්‍යාව ගොඩ යන දරුවන්ගේ පින, ඒ හැමෝම වෙනුවෙන් අනුමෝදන් වේවා...
අන්තිම කාලෙ,
මට ජීවිතේ ලොකුම දුක දැනුන,
බොරු වැරදි වැටහීමකට මගේ ඕලෙවල් විද්‍යාව ගුරුවරයා මා එක්ක තරහ උනා ?
මට, මාතරින් තංගල්ලට යන්න වුනා,
එහේදිත් පුදුම කට්ටක්, දුකක් කෑව ඉගෙන ගන්න...
හැබැයි මට පිනට පහල වෙච්ච රත්තරං මිනිස්සු එහේ හිටියා ,
පංසලේ පොඩිහාමුදුරුවෝ, මට කන්න බොන්න ටික පවා සමහරදාට පංසලෙන් දුන්නා.. nandawimala thero ❤️? පිං හැමෝටම,
කාත් කවුරුවත් දන්න කෙනෙක් න්වෙයි උනාට මම, මගේම අය වගේ මට උදව් කලා...
අද මම, අමතක නොකරම බැරි චරිත දෙක, jayalath weerakkodi, jinesh jayalath මගේ පොඩි මස්සිනාලා දෙන්නා, අප්පච්චිගෙ අඩුව කවදාවත් මට දානෙන්න දීල නෑ ❤️?
කොහොම හරි, පලවෙනි වතාව දොස්තර කෙනක් වෙන්න මට ලකුණු මදි උනා, ගමේ සමහරුත්, ඕක අතහැරල දාපන් කියද්දි, අම්ම විතරයි කිව්වෙ, පුතා මන් කොහොම හරි මේ සැරෙත් වියදම් කරන්නම්, උබ ඉගෙන ගනින් කියල ?❤️ ඒත් කන්න තිබුන වී කවර විකුණ විකුන තමයි මට වි‍ය්දම් කලේ , ඒ හැම දේම අම්ම වෙනුවෙන් අද මන් කරනව, එයාට සුරංගනාවියකට වගේ සලකන්න අවස්ථාවක් වුදා උනා ?
මන් දෙවෙනි වතාවෙන්, කැම්පස් තේරුනාම, මගේ අම්මගෙ මුනෙ තිව්න අහිංසක සතුට අදටත් මැවි මැවී පේනව ❤️?
අද මම මේ ඉන්න තැනට ගොඩක් අය උදව් කලා, සමහරු ජීවිතෙන් යන්නම ගියා ?? ඒත් කරපූ උදව් හිතේ තියෙන නිසා අමතක නෑ... පිං ?
Chamika jayaweera ❤️ ජීවිතේට පායපු පුර හදක් මට, මගේම හයිය, අම්මගෙන් පස්සෙ .. මගේ ශක්තිය, හෙවනැල්ල එයා...
කියන්න ගොඩාක් කතා තිබුනත්, බෑ දැන් මහන්සියි,
තව දරුවෙකුට, බලාපොරොත්තු බිද ගත්ත කෙනෙක්ට හයියක් වෙන්න අද ලිව්ව මිසක්, වෙන අරමුනක් නෑ...
අද වෛද්‍යවරයෙක් ?
ගම්පහ දිස්ත්‍රීක්කයේ විද්‍යාව ගුරුවරයෙක්
අම්මට ආදරණිය පුතෙක්
සහෝදරියන්ට ආදරනීය සහෝදරයෙක්
මගේ දහ්ස් ගානක් දරුවන්ට ආදරනීය ගුරුවරයෙක්
බිරිදට ස්වාමියෙක්
ඒ තමයි මන් උපයාගත් ජීව්තේ නිධන් ❤️?
ආදරෙයි හැමෝටම.... ❤️❤️
වෛද්‍ය කිත්සිරි දිසානායක