Saturday, October 19, 2024
Follow Us
ෆ්ලයිබෝඩ් සංදර්ශනයක්

මාලදිවයිනේ සිට පැමිණ ෆ්ලයිබෝඩ් සංදර්ශනයක් වෘත්තීය හයිඩ්‍රොස්පෝර්ට්ස් ෆ්ලයිබෝඩ් ක්‍රීඩකයෙකු වන ඉබ්‍රාහිම් හුසේන් ගෙ වැඩ කෑලි ටිකක් පහුගිය දවස්වල දකින්න ලැබුන.ෆ්ලයිබෝඩ් ගැන දකින්න ලැබුනෙ සමහර මාවල් කාටුන් වලදි ඒ වගේ වෙනස් විදිහේ දේවල් එක්ක මට හිතුන දෙයක් තමයි මිනිස්සුනට ඇත්තටම පියාඔන්න ලැබුනෙ කොච්චර ලෝකෙ වෙනස් වෙයිද කියල.


අහස් යානයක යනව වගේ නෙවෙි තනි තනිවම අපි අහසේ පියාඔන්න ගත්තොත් අපේ අයගෙ තියෙන ගතිය හින්දා ටික කාලෙකින් අහසේ ඇත්තටම පියාසර අයිතිය ස්වභාවිකව තියෙන කුරුල්ලන්ට යන එන මං නැතිවෙනව.කොහොමවුනත් මොකක් හරි හිතට වදයක් දැනෙන වෙලාවක පියාඔලා ආපහු පාරක් එන්න මේ වගේ ගැජට් එකක් තියෙනව නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම ස්වභාවධර්මය වින්දනය කියන එක කියලයි මට හිතෙන්නෙ.

Nadisha Nirmana Herath