Wednesday, January 01, 2025
Follow Us
උඩගලදෙබොක්ක ගම්මානය

පවුල් 40ක් පමණ ජීවත් වන දුම්බර මිටියාවත තුල සැගවුණු "උඩගලදෙබොක්ක ගම්මානය" ?⛰??✨?


ගමේ පවුල් 40ක් පමණ ඉන්නවා. බඩුවක්මුට්ටුවක් ගන්න නම් කැලෑවේ කන්ද බැහැලා කිලෝමීටර හයහමාරක් පයින් කොළොංගොඩ පොළටම යන්න ඕනෑ. මාස ගාණක් තිස්සේ හදාපු පැණි, හකුරු, බවබෝග එකතු කරගෙන ගැමියන් පොළට යනවා. ගමේ හැමෝම එකතු වෙලා උදේ 6.30ට තමයි පහළට බහින්නේ. ආපිට එනකොට රෑ බෝ වෙනවා. අලින්ට බයේ කවුරුත් තනියම යන්නේ නෑ. ගෙනෙන බඩු මදි වුණොත් දුම්මැස්සේ තියන කුරහන් වලින් තලප හදාගෙන කාලා ජීවත් වෙනවා. ජයට මඟුලක් කෑම මේ අයට නුහුරු යි. බොහෝමයක් මඟුල් කෙරෙන්නේ දීග යන කල වයසට නොවේ. බාලවියේ දී විවාහ වීම මෙහි සුලබ යි. බොහෝ විවාහ සිදුවන්නෙත් ගමේ පවුල් කිහිපය අතර විතරයි. මෙහි ප්‍රාථමික පාසලක් ද පිහිටා තිබෙනවා.
මේ දවස්වල මොරගහකන්ද වනය ජලාශයක් වී ඇති නිසා ලග්ගල පැත්තේ අලි රංචු දවල්ට මේ ගම්මාන කරා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමඟයි මේ ගම්වාසීන් ජීවත් වන්නේ.

(Ayale Travel)