Saturday, October 19, 2024
Follow Us
නන්පේරියල්  මාර්ගය

ලංකාවේ ලස්සනම පාරක් වෙන නන්පේරියල් මාර්ගය දිගේ බේකර්ස් වංගුව වෙනකන් පාරේ ගිහින් ආවත් ඇති ඒ තරම් ලස්ස්නයි ♥️ මේ පාර තියෙන්නේ බලංගොඩ ඉඳන් පඹහින්නට එන අතරතුර යි.. දැන් නම් මේ පාරේ උඩට යන්න අවසර ගන්න ඕනේ එහෙම නැතන්ම් බාගයක් දුර ගිහින් ආපහු හැරිලා එන්න තමා වෙන්නේ. තරමක් අසීරු පාරක් වෙන නන්පේරියල් මාර්ගයේ ගමන් කල හැක්කේ පොලව මට්ටමේ සිට තරමක් උසින් වන වාහන තමයි.. මේ පාරේ යනවා නම් ඉතින් බයික් තමයි සුපිරිම. ❤️


කලුපහනේ සිට යකාගේ පඩිපෙල හරහා ඔහියට ?
ලංකාවේ තියෙන අසීරුතම ගිරිදුර්ගයක් වන යකාගේ පඩිපෙල ලෙසින් හඳුන්වන මෙම මාර්ගය පිහිටලා තියෙන්නේ කලුපහනේ සිට ඔහිය "උඩවේරිය" වත්ත දක්වාවේ.. මේ පාරේ යද්දි ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දියඅල්ල ත් උඩින් තමයි පාර වැටිලා තියෙන්නේ.. ? හිතාගන්න පුළුවන්නේ උස ? කලුපහනේ ඉඳන් කි.මී. 23ක ප්‍රමාණයක් මේ මාර්ගය දිවෙනවා. තේවතු, කුඩා දෙමල ගම්මාන, හුලං කපොලු, වගේම ලංකාවේ තියෙන සානු කීපයක්ම දැක බලාගන්න පුලුවන්කම හම්බෙනවා.. ❤️
ඔහියේ සිට හෝර්ටන්තැන්න හරහා නුවරඑළියට??
ලංකාවේද කියලා හිතාගන්න බැරිතරම් ඉතා මනස්කාන්ත පරිසරයකට උරුමකම් කියන මාර්ගයක් තමයි හෝර්ටන්තැන්න හරහා පට්ටිපොලට දිවෙන මාර්ගය.. පුංචි නවසීලන්තය කිව්වාට වැරදි නෑ.. ?? උඩවේරිය වත්ත ලඟින් උඩට තමයි හෝර්ටන්තැන්න ට යන්න පාර වටිලා තියෙන්නේ. පාර දෙපසින්ම කඳුකර වනාන්තර, ගෝන්නුන්, දිවියන්, බෑවුම්, විශාල තෘනභූමි වගේ දේවල් බලාගන්න පුලුවන්කමක් ලැබෙනවා.. ??

(Ayale Travel)