Saturday, October 19, 2024
Follow Us
දැරණියගල කැලේ පාරට කෙලින්න පිං පාවිච්චි කරන්න එපා

සමනල අඩවිය ස්වාභාවික රක්ෂිතය මැදින් ශ්‍රීපාදස්ථානයට දිවෙන උඩමාලිබොඩ වනගත මාර්ගය අතිශ්‍යයෙන්ම සංවේදී පරිසර කලාපයක් වන අතර එම මාර්ගය ගම් වාසින් විසින් සිරිපා සමය ආරම්භ වීමත් සමග එලි පෙහෙළි කිරීම පුරාණ චාරිත්‍රයක්ව පවතී.


ඒ අනුව මාර්ගය එලිකරන්නේ දෙසැම්බර් මස පුන් පොහොය දවසට හෝ ඒ ආසන්න දිනයකයි. දැන් මේ සිරිපා සමය නිමවෙද්දි ආයෙත් ඒ මාර්ගය ශුද්ධ කිරීමට ශ්‍රමධානයක් සංවිධානය කරලා දැරණියගල ප්‍රාදේශීය සභාව සහ දෙහිඕවිට ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව .
ඇත්තටම මේ ගැන පටන් ගන්න තැනම පොඩි සැකයක් තිබ්බා මොකද මීට පෙර දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්න කාලේ යාලුවො ටිකට බොන්න දෙන්න මේ පාර සුද්ද කරන වැඩේට ප්‍රාදේශීය සභාවෙ බජට් දාල අරක්කු අරන් ගිහින් බීලා මීටර් ගනන් පලලට මේ පාර වනසලා තිබ්බ අපිට මතකයි.
මේ ඒකෙම දිගුවක් වෙන්න තියෙන එක ගැන තමයි අපි සැක කලේ මොවුන් මේක හෙන වැඩක් කරගෙන තමන්ට එල්ල වෙන චෝදනා ශෙයාර් කරගන්නත් එක්ක දැරණියගල යෞවන සමාජ සාමාජිකයන්ට මේකට සහභාගි වෙන්න කියලා ඉල්ලීමක් කරලා.
දෙසැම්බර් ඉදලා මේ වෙනකං මිනිස්සු ගිය නිසා වැටිලා තියෙන පොලිතින් ප්ලාස්ටික් පුළුවන් නම් එකතු කරන් වරෙන් ඒ ඇර ඔතන එක ගහකට කොළයකටවත් හානි කරන්න එපා කියන ඉල්ලීම මේ වැඩේ ප්‍රචාරය කරන අයට කරමින් ඉද්දි තමයි දැනගන්න ලැබුණෙ එතන 'පැල' හිටවන වැඩකුත් සංවිධානය කරලා කියලා .
ලංකාවේ වනසංරක්ෂණ අඥාපණත අනුව සමනල අඩවිය ස්වාභාවික රක්ෂිතයට ඇතුළු වෙන්න පුළුවන් සිරිපා වන්දනාව සදහා විතරයි සාමාන්‍ය ජනතාවට අනෙක් සියලු ආකාරයේ ඇතුළු වීම් එලි පෙහෙළි කිරීම් ශාක වලට ස්තුන්ට හානි කිරීම් , පතල් ගැරීම්, ගිනිතැබීම් යන සියලු කාරණා නීතියෙන් තහනම් එවැන්නකට පෙළඹවීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් විදියට තමයි තියෙන්නෙ මේ අනුව වසර පහක අවම සිරදඩුවම් සහ රුපියල් 25000 සිට ඉහලට දඩ මුදලකට තනි තනි වශයෙන් යටත්.
දැරණියගල පොලිස් ස්ථානාධිපති තුමණි, ප්‍රාදේශීය නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධානියා ලෙස මෙම රුක් රෝපන වැඩසටහන යෝජනා කලේ ඔබ නම් මෙය ඔබගේ නොදැනුවත්කම වීමට පුළුවන් මේ දැනුවත් කිරීම ඒ ගොං පාට් එක නතර කරන ලෙසයි.
ඔච්චර සැදැහැවත් භක්තියක් ඔබ සංවිධායක මඩුල්ල සතුනම් කරුණාකර වනයට ගොස් ඔබට හමුවන පොලිතින් ප්ලාස්ටික් පමණක් ඉවත් කර ඔබගේ පා සටහන් පමණක් එහි තබා නැවත පැමිණෙන්න මොකද ඔය කියන වනගත මාර්ගය මේ වනවිට ජනතාවට ඇවිදගෙන යන්න පුළුවන් විදියට එලිවෙලා තියෙන්නෙ වනගත සංචාරකයන් පහුගිය කාලේ පුරා ගමන් කරපු නිසා.
ඔයාලා මේ හීනියට දත කන්නෙ සර්ට කියලා කුරුවිට එරත්න, හැටන් පාර වගේ පඩිපෙල් ගහලා මේ පාර සංවර්ධනය කරන්න පිඹුරුපත් සකසන්න නම් ඒ ගොංපාට් දැන්ම හිතින් අයින් කරගන්න.
මම කොහොමත් මේ ගැන වනසංරක්ෂණ සහ වනජීවි දෙපාර්තමේන්තු දැනුවත් කරනවා ඔයාලට ඔය පැල හිටවන හීන පහුගිය කාලේ පස් ජාවාරම් කරුවම් විනාශ කරපු පරිසර කලාප වල ක්‍රියාත්මක කරන්න .
කරුණාකරලා වනගත මාර්ගය වනගත මාර්ගයක් විදියට තියෙන්න දෙන්න
Roshan Chathuranga
පින්තූර නිරෝශ අනුරුද්දික

(Ayale Travel)